ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කොට මේ වන විට මුද්‍රණය අවසන් කර ඇති, 6 ශ්‍රේණිය ඉංග්‍රිසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳ ව සොයා බැලූ බවත් එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව පවසයි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ ලෙස රුපියල් මිලියන 100ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දීම පසුගිය (10) දා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක ගේ මූලිකත්වයෙන් සිදුකර තිබූ අතර එම සමාගම වසා දමන බවට ඇතැම් පාර්ශව අසත්‍ය ප්‍රචාර රැගෙන ගිය ද වත්මන් රජයේ නිසි කළමනාකරණය සහ සේවකයන්ගේ කැපවීම මත සමාගම වඩාත් සුරක්ෂිත සේවාවක් ඉටුකරන බව එහි දී වැඩිදුරටත් කරුණු පැහැදිලිකර තිබිණි.
ශ්‍රී ලංකාව තුළ ඖෂධ නියාමනය, සැපයුම සහ බෙදා හැරීම බරපතළ අභියෝගයකට ලක්ව ඇති අවස්ථාවක රට තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිගත තත්ත්ව යටතේ දියුණු ඖෂධ පරීක්ෂණාගාර ක්‍රමයක් ස්ථාපිත කිරීමට ඉන්දීය රජයේ තාක්ෂණික සහ මූල්‍ය දායකත්වය ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානයේ සභාපති සහ සමගි ජන බලවේගයේ දෙහිවල - ගල්කිස්ස නාගරික මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ සන්දේශයක් යොමූ කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
