දිට්වා සුළිකුණාටුව හේතුවෙන් බිඳ වැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් යළි ඉක්මනින් නඟා සිටුවීම සඳහා ඉතාම අඩු පොළී අනුපාත යටතේ නව ආයෝජන සිදුකිරීමට කඩිනමින් මූල්‍ය පහසුකම් සපයන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව MSME Chember Of Sri Lanka හි මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි ප්‍රකාශ කළේය.
දිට්වා සුළි කුණාටුව සමඟ ඇතිවු දැඩි අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බලපෑමට ලක්ව අකර්මන්‍යව ඇති කර්මාන්ත නැවත යථාවත් කිරීමෙහි මුලික පියවරක් ලෙස රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 2ක මුදල මුල් අදියර යටතේ කර්මාන්ත 531කට ලබා දීමට මේ වන විට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ඛනිජ වැලි ඇතුළු මෙතෙක් විධිමත් ආකාරයකට කැණීම් සිදු කර සොයා නොගත් අංශ සහ තවත් ආයෝජන අංශ රැසකට නව ආයෝජකයින් කැඳවාලීමට අඩිතාලම දැමීමට ඉකුත්දා තායිවානයේ පැවැත් වූ ගෝලීය ආයෝජන සමුළුවට එක්වීමෙන් හැකිවූ බව ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ සහ ජාත්‍යන්තර ආයෝජන උපදේශක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
ඩිට්වා සුළි කුණාටුවෙන් සීමිත බාධා කිරීම් පමණක් සිදුවූ බවත්, නිෂ්පාදන ක්‍රියාවලියට ඉන් හානියක් නොවූ අතර අස්වනු නෙලීම, ප්‍රවාහනය සහ කොළඹ තේ වෙන්දේසියේ කටයුතු ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය (CTTA) තහවුරු කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නැවත වරක් සිය ඔරොත්තු දීමේ හැකියාව ඔප්පු කර ඇත.
සති ගණනාවක් පුරා පැවති අයහපත් කාලගුණයෙන් දැඩි ලෙස බැට කෑ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයට හදිසි සහනයක් ලබා දීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) කඩිනම් සහන සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මෙය ආර්ථිකයට තීරණාත්මක කාල පරිච්ඡේදයක් තුළ මෙහෙයුම් ස්ථාවර කිරීමට, සැපයුම් දාමයන් යථා තත්ත්වයට පත් කිරීමට සහ අපනයන ආදායම සුරක්ෂිත කිරීමට අරමුණු කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
