ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සහ අනෙකුත් විනිසුරුවරුන්ට පමණක් විශ්‍රාම වයස ඉහළ නැංවීම කිසි ලෙසකින් හෝ යහපත් හා ප්රජාතන්ත්රවාදී ව්‍යවහාරයක් නොවන බවත් එබැවින් විනිසුරුවන් ගේ අනිවාර්ය විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාව සාකච්ඡාවට බදුන් කිරීමකින් හෝ තොරව ප්‍රතිකේෂ කිරීමට රජය පියවර ගත යුතු යැයි ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය සඳහන් කරයි.
පාස්කු ඉරු දින ප්‍රහාරය මෙරට බුද්ධි අංශ විසින් සිදු කරන ලද්දක් බවට නිර්මාණය කර, එය තවදුරටත් වැඩි දියුණු කරමින් බීබීසී නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනක් මගින් එම ප්‍රහාරය මෙරට බුද්ධි අංශයේ හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ ගේ මෙහෙයවිමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමේ අරමුණින් සහරාන් ලවා සිදු කළ බවට අසත්‍ය ආඛ්‍යානයක් නිර්මාණය කළ බවට චෝදනා එල්ල කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඇතුළු පස් දෙනෙකුට එරෙහිව ඇරැව්වල පන්නිපිටිය පදිංචි විශ්‍රාමික බලපන්ති ලුතිනන් ඩයස් බණ්ඩාරලාගේ අජිත් ශාන්ත කුමාර ජයතිලක යන අය විසින් ගොනු කළ පුද්ගලික පැමිණිල්ල විභාගයට ගන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 17 තෙක් කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවරා තිබූ රුපියල් බිලියනයක (රුපියල් කෝටි 100ක) අලාභය ඉල්ලා සිටි සිවිල් නඩුව ප්‍රතික්ෂේප කරමින් කොළඹ අතිරේක දිස්ත්‍රික් අධිකරණය ලබා දී තිබූ නියෝගය බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය විසින් ඉවත දමනු ලැබ ඇත.
ඩී. එස්. සේනානායක විද්‍යාලයීය නව ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රිකට් පුහුණු දැල් ගොඩනැඟිල්ලක් (Indoor Cricket Nets Building) ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව ඩී. එස්. සේනානායක විද්‍යාලය ඉහළ අභිමානයෙන් යුතුව නිවේදනය කර සිටියි. මෙම විශේෂ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලබන්නේ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු මෙන්ම ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන, මධුර වික්‍රමරත්න ගේ අනුග්‍රහය සහ මූලිකත්වය ඇතිව ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
