Image

කැලණි සරසවියේ නව උපකුලපති ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කෙරේ

කැලණි සරසවියේ නව උපකුලපති ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කෙරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු  පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක  කටයුතු කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක  විසින් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත පිළිගන්වන ලදී.

මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු  මේ දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇත.

අගෝස්තු මස 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්වීම සිදු කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න