"නව ජිවනය" (Resurrection) නම් කෘතිය බලාපොරොත්තු කඩවුණු මිනිස්සුන්ගේ ජිවිත ගැන නැවත ආපසු හැරී බැලීමක් සහිත බව දැන මීට පෙර මම නොසිටියෙමි. පොත අතට ගත් විට මම අපේක්ෂා කළේ අවසාන යුගයේ ටෝල්ස්ටෝයි, ධර්මවාදී, අනාගතවක්තෘ, තමා ලියූ සියලු ම ග්රන්ථ පවා ප්‍රතික්ෂේප කර, බෞතීස්ම ලත් අයකුගේ උද්යෝගයෙන් ක්‍රිස්තියානි අරාජිකවාදය වැලඳගත්, රැවුල් සහ කොණ්ඩය වවාගත් මහලු මිනිසකුගේ පෙනුමකි. නමුත් පොත කියවීමේ දී මට හමු වූයේ ඊට හාත්පසින් ම වෙනස් වූ ඊටත් වඩා භයානක දෙයකි. අසාධාරණයෙන් ඔබව සුවපහසු දුරස්තභාවයක තබා ගැනීමට ඉඩ නොදෙන, ඔබ නොසිතා ලාභ ලබන පීඩන පද්ධතීන්හි ඔබව පෞද්ගලිකව හිර කරන, මිදීම යනු දයාවේ මොහොතක් නොව, ඔබ කවුරුන්ද යන්න විනාශ කර, සෛලයෙන් සෛලය නැවත ගොඩනගන කුරිරු ජීවිත කාලීන ක්‍රියාවලියක් බව යෝජනා කරන, දරා ගැනීමට නොහැකි අමාරු පොතකි.
මාලිමා ආණ්ඩුව දාර්ශනික ආණ්ඩුවකි. මම එය නොදැන සිටියා පමණක් නොව නොදන්නා බව ද නොදැන සිටියෙමි. අගමැතිතුමිය (ඊනියා ප්‍රථම වතාවට) සහභාගී වූ මාධ්‍ය සාකච්ජාව මට මහත් ප්‍රයෝජනයක් විය. එයින් සිදු වූයේ මා නොදන්නා බව දැනගැනීමත් එක් කරුණක් දන්නා බව දැනගැනීමත් ය. ඒ දන්නා කරුණ නම් මේ ආණ්ඩුව දාර්ශනික ආණ්ඩුවක් බව ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
