සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද (24) පස්වරු 7.00 ට යෙදෙන සුබ මොහොතින් සිදුවේ.
ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර නැගෙනහිර දිශාභිමුඛව, නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාල පෙරහර සමඟින් පෙරහර ගමනට එක්වෙයි.
දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය, ඊ. එල්. සේනානායක වීදිය, හරස් වීදිය සහ ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවදීම සිදුවේ.
සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර ඊයේ (23) රාත්‍රී වීදි සංචාරය කළ අතර, එහිදී සධාතුක පෙරහර කරඬුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහා දේවාලයට අයත් 'වාසනා' ඇතා විසිනි. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් 'සිංහ රාජා' සහ 'පුලතිසි රාජා' යන ඇතුන් දෑලේ ගමන් ගත්හ.
ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් දියවඩන නිලමේ නිලංග දෑල මහතා පෙරහර ගමනට එක් විය. පළමු රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් මාර්ග දෙපස රැඳී සිටියහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර





newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
