Image

අභ්‍යවකාශයේ චීන - එක්සත් ජනපද යුද තරගයක්

චීනය විසින් දියත් කරන ලද නියමුවන් රහිත රහසිගත ගගන යානයක් ඉකුත් ජුනි මස ඇමෙරිකානු හමුදා විශ්ලේෂකයන් ගේ දැඩි නිරීක්ෂණයට බඳුන් විය. එම අභ්‍යවකාශ යානයෙන්, පෘථිවියේ සිට සැතපුම් සිය ගණනක් ඉහළ වූ, සිවිල් සහ හමුදා චන්ද්‍රිකා විශාල සංඛ්‍යාවකින් යුත් කක්ෂීය කලාපයකට කුඩා චන්ද්‍රිකාවක් මුදා හැර ඇත. අනතුරුව, එය තවත් චීන චන්ද්‍රිකාවක් වටා කක්ෂගත ව ගමන් කර, යළි මව් යානය හා එක් ව යැයි ඇමෙරිකානු අභ්‍යවකාශ නිරීක්ෂණ සමාගමක් වන ලියෝ ලැබ්ස් (LeoLabs) පවස යි.

අභ්‍යවකාශයේ චීන - එක්සත් ජනපද යුද තරගයක්

නේපාලයේ හදිසි ගංවතුරෙන් දැඩි හානි

නේපාලයේ සහ ටිබෙට් දේශසීමා කලාපයේ සිදු වූ විනාශකාරී ක්ෂණික ගංවතුර තත්ත්වයෙන් (Flash Floods) මේ වන විට පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, සිය ගණනක් අතුරුදන්ව ඇති බවත්, අද පෙරවරුවේ සිදු වූ මෙම ආපදා තත්ත්වය හේතුවෙන් නේපාලයේ උතුරු ප්‍රදේශයට සහ චීන-ටිබෙට් දේශසීමාවට දැඩි හානි සිදු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

නේපාලයේ හදිසි ගංවතුරෙන් දැඩි හානි

ගෝලීය AI සමුළුවේ දී චීන ජනපති ගෙන් යෝජනා රැසක්

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම අද (17) ශැංහයිහි දී ආරම්භ වුණා. චීන ජනාධිපති ෂී ජින්පිං එහි සමාරම්භක උළෙලට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කළා. ‘සාධාරණ හා යුක්ති සහගත ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණ පද්ධතියක් එක්ව ගොඩනැගීම’ යන්න එහි තේමාවයි.

ගෝලීය AI සමුළුවේ දී චීන ජනපති ගෙන් යෝජනා රැසක්

චිනයේ විදේශ වෙළඳාමේ යහපත් වර්ධනයක්

චීනය විදේශ වෙළඳාම යහපත් වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඒ අනුව 2026 මුල් භාගයේ දී, චීනයේ භාණ්ඩ වෙළඳාමේ මුළු ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 25.47 දක්වා ළඟා වී ඇති බවත් චීන රේගු පරිපාලනය අද (14) අදාළ දත්ත වාර්තා නිකුත් කරමින් සඳහන් කර ඇත.

චිනයේ විදේශ වෙළඳාමේ යහපත් වර්ධනයක්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න