දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පති සුමිත් ප්‍රසාද් රණසිංහට එරෙහිව ගොනු කරනු ලැබ ඇති නඩුවේ වැඩිදුර වාර්තා නොවැම්බර් 20 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කළා.
මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ය.
සිද්ධියට අදාළ පළමු වැනි සැකකරු වන සුමිත් ප්‍රසාද් රණසිංහ විවෘත අධිකරණයේ පෙනී සිටි අතර දෙවන සැකකරු වන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විවෘත අධිකරණයේ පෙනී සිටියේ නොමැත. ඒ සම්බන්ධයෙන් නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වූයේ ය.
දෙවැනි සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මහාධිකරණයේ විභාග වන නඩුවකට හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මේ වන වනවිට සහභාගිව ඇති බවයි.
සිද්ධියට අදාල තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බැවින් ඉදිරි විමර්ශන දිනයක් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
රටේ වැදගත් පුරාවස්තුවක් වන සඳගල පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය.
කුණ්ඩසාලේ උඩමළුව පුරා විද්‍යා භූමියෙහි පිහිටි මහනුවර රාජධානියට අයත් සිංහල රාජවංශයේ අවසන් රජු වන ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ගේ මාලිගයේ පිවිසුම් පියගැටපෙළ අඩංගු ඓතිහාසික පුරාවස්තු වටිනාකමකින් යුතු සඳගල නම් පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධියට අදාලව සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට දන්වා සිටියේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
