දියබෙදුම රණවිරු ගම්මානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත, අභාවප්‍රාප්ත රණවිරුවකුගේ පූර්ණ ආබාධිත බිරිඳක් විසින් කරන ලද ඉල්ලීමකට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් එම ආබාධිත මාතාව වෙත නව රෝද පුටුවක් පිරිනැමීමට යුද හමුදාපතිතුමන් කටයුතු කර තිබේ.
දියබෙදුම, "පරාක්‍රමගම" රණවිරු ගම්මානයේ පදිංචිව සිටි 2 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවය කරමින් සිටියදී අභාවප්‍රාප්තවූ ලාන්ස් කෝප්‍රල් ආරියවංශ එම්.ජී.කේ. යන රණවිරුවාගේ පූර්ණ ආබාධිත බිරිඳ වෙත මෙලෙස රෝද පුටුව පරිත්‍යාග කෙරිණි.
රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය හා සුවදුක් විමසා බැලීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකළ සංචාරය අතරතුරදී මෙම ඉල්ලීම ඉදිරිපත් වූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් එම අවස්ථාවේදීම ඊට අවශ්‍ය පියවර ගන්නා ලදී.
ඒ අනුව, 2026 අගෝස්තු 25 වන දින අදාළ රෝද පුටුව එම රණවිරු බිරිඳ වෙත නිල වශයෙන් බාරදීමට කටයුතු කෙරිණි.
රණවිරු පවුල්වල අභිවෘද්ධිය හා සුභසාධනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මැදිහත් වීම රණවිරු සංගම් සහ ගම්මානයේ වැසියන් සිය ස්තූතිය පළකළහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
