මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ( HIV) හා උපදංශය (Syphilis) සම්ප්‍රේශණය වැළැක්වීමට රුධිරය පරීක්ෂා කිරීම කලක සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. එම ද්විත්ව තුරන් කිරීමේ වැඩසටහන (Dual Elimination) සාර්ථක බවටත්, මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ( HIV) හා උපදංශය (Syphilis) සම්ප්රේශණයවීම වැලැක්වු රටක් ලෙස වසර 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ශ්‍රී ලංකාවට ලැබුණි. එසේම අඛණ්ඩව මෙම සාධනීය තත්වය පවත්වාගෙන යන රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකය හා ප්‍රශංසාව හිමිවිය.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර පූර්ණ ප්රතිසංස්කරණයකින් පසු පිහිටුවන ලද "ස්නායු රෝග විද්‍යා ආයතනය" (Institute of Neurology) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහභාගිත්වයෙන් අද (ජුනි 01) පෙරවරුවේ ජනතා අයිතියට පත් කළේ ය.
2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව දැනුවත්ව ම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් 1,843.267,595.65 අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා තිබූ නඩුව අද විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය ගේ සභාපතිත්වය එක් යුත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (01) කැඳවිය.
ජුනි 1වෙනි දා (අද) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අධිකරණ නිලධාරින්ගේ සංගමය අතර රැස්වීමක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව ද, එම රැස්වීමේ අවසාන භාගයේ දී අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත්වීමට නියමිත බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ව්‍යසනය හුදෙක් කළමනාකරණ අර්බූදයක් නොව, දශක හතක් තිස්සේ අපව සිරකර තබාගෙන සිටින "පැරණි යථාර්ථයේ" (Old Reality) නිදන්ගත රෝග ලක්ෂණ සහ ජනප්‍රියවාදී දේශපාලනය විසින් එකී නිදන්ගත රෝග ලක්ෂණ උග්‍ර කරන ලද ව්‍යූහාත්මක බිඳවැටීමක ප්‍රතිඵලයක් බව දිනන දකුණ සාමූහිකය අවධාරණය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
