Image

හැටන් තෙමහල් ගොඩනැගිල්ල යළිත් බිඳියි - පෙර සැකකරුත් තවමත් නිදැල්ලේ

හැටන් තෙමහල් ගොඩනැගිල්ල යළිත් බිඳියි - පෙර සැකකරුත් තවමත් නිදැල්ලේ

හැටන් නගරයේ පිහිටි එකම තෙමහල් වාණිජ ගොඩනැගිල්ලේ වෙළෙඳසැල් ඉලක්ක කරගනිමින් දෙවන වරටත් සොරකමක් සිදුවීමත් සමඟ නගරයේ වෙළෙඳ ප්‍රජාව අතර ආරක්ෂාව පිළිබඳ බරපතළ කනස්සල්ලක් මතුව තිබේ.

හැටන් නගරයේ පිටුපස මාර්ගයේ පිහිටි මෙම ගොඩනැගිල්ලේ වෙළෙඳසැල් හතරකට ආසන්න සංඛ්‍යාවක් අද (22) අලුයම් කාලයේදී කිසියම් පුද්ගලයකු විසින් බිඳ දමා සොරකම් කර ඇති බව මූලික තොරතුරු අනාවරණය කරයි.

ගොඩනැගිල්ලේ ඉහළ මාලයට සාරි ගැටගසා ඒවා ආධාරයෙන් එල්ලී පහළට පැමිණ සැකකරු මෙම සොරකම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

මීට පෙරද මෙම ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි රන් ආභරණ නිෂ්පාදනය කරන වෙළෙඳසැලක් බිඳ දමා සොරකමක් සිදුකර තිබිණි. එම අවස්ථාවේදී සොරකම සිදුකළ පුද්ගලයාගේ මුහුණ ගොඩනැගිල්ලේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ පැහැදිලිව සටහන් වී තිබුණද, එම සිද්ධියට අදාළ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.

මෙවර සොරකම සිදුකිරීමේදී සැකකරු CCTV කැමරාවක දිශාව වෙනස් කර ඇති බවද නිරීක්ෂණය වී තිබේ.

හැටන් නගරය ආශ්‍රිතව වරින්වර මෙවැනි සොරකම් සිදුවන පසුබිමක, පෙර සිද්ධියට අදාළ සැකකරුද මෙතෙක් නීතියේ රැහැනට හසුකර ගැනීමට නොහැකි වී තිබීම පිළිබඳව වෙළෙඳ ප්‍රජාවගේ අවධානය යොමුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ ක්‍රියාත්මක කරයි.

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න