Image

යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

යාපනය – පණ්ඩතරිප්පු ප්‍රදේශයේ පැවති උත්සවයක් සඳහා ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සැකකරු මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර  සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශන සිදුකරමින් පවතින බවයි පොලිසිය  සඳහන් කළේ.

එමෙන්ම, සංදර්ශනය අතරතුර ඇස්වලට හානි සිදුවීම හේතුවෙන් බොහෝ දෙනෙක්  රෝහල්ගත කර තිබෙන බවත්, ඔවුන් අතරින් 21 දෙනෙකු තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තංගමුත්තු සත්‍යමූර්ති ප්‍රකාශ කර බව අප වාර්තාකරු පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න