ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පැවැති දේශපාලන උපදේශන සාකච්ඡාවල දෙවන වටය 2026 ජුනි මස 9වන දා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න සහ ප්‍රංශ ජනරජයේ යුරෝපය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියාව සහ ඕෂනියා අංශයේ අධ්‍යක්ෂ බෙනොයිට් ගීඩේ යන අය විසින් මෙම සාකච්ඡාවල සම සභාපතිත්වය දරනු ලැබිණි.
නිල වාහනයක් හෝ ඉන්ධන දීමනාවක් ලබා ගත හැකි වුව ද වාහනයක් අවශ්‍ය නොමැති බව පවසමින් ඉන්ධන සහ දීමනාව ලෙස රුපියල් ලක්ෂ 31 අධික මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධියයට අදාළව අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී ප්‍රසාද් මංජු ලබන 24 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නියෝග කළේ ය.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශ විෂය පථය යටතේ පවත්වාගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇති 2019 වසරේ රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් මන්ත්රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතෙහි පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබා දීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයට බැහැරව නිෂ්පාදන ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම සහ තවත් චෝදනා කිහිපයක් යටතේ දකුණු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු වූ ෂාන් විජයලාල් ද සිල්වා අද (10) දින අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළව සිදු වන විමර්ශන කටයුතුවලට අගතිදායක වන අයුරින් සහ බාධා කෙරෙන සැලසුම් සහගත ක්‍රියාදාමයක උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර යන අය සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය හරහා වක්‍රාකාරව නිරත වන බවත් ඊට අදාළව සුදුසු නියෝග සිදු කරන ලෙසත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කරුණු දක්වමින් ඉල්ලා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
