තාජුඩින් ඝාතනය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්, එසේ සිදු කර ඊට අදාළ පාර්ශ්වයට දඬුවම් ලබා දිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී මාධ්‍යවේදී චන්දන සමන් කුමාර විමසූ පැනයකට පිළිතුරු සපයමිනි.
එහි දී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේ පසුගිය කාලයේ පැවති මැතිවරණ කිහිපයක දීම මෙම සිද්ධිය ඉස්මතු කරමින් රටට විශාල බොරු තොගයක් පවසා ඇති බවයි. එබැවින් යම් ආකාරයකින් එම සිද්ධියට අදාළ නීතිමය කටයුතු නිසියාකාරයෙන් සිදු නොකරන්නේ නම් මෙතෙක් කාලයක් ජනතාවට බොරු කියූ අයට දඬුවම් ලබා දිය යුතු බවයි.
මතු පළ වන්නේ මාධ්‍යවේදී චන්දන සමන් කුමාර Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාවඅන්තර්ගත වීඩියෝව යි.
කොළඹ 05, තුම්මුල්ල, හැව්ලොක් පාරේ ඉදි කිරීමට යෝජිත තට්ටු 40කින් යුතු හෝම්ලෑන්ඩ් පෙන්ටාරා' නිවාස සංකීර්ණය සඳහා නීතියට පටහැනිව අනුමැතිය ලබාදුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු නම්කර ඇති අතර එය හොරාගේ අම්මගෙන් පේන අහනවා වැනි වැඩක් යයි සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වෙමින් තිබේ.
එළෙඹෙන ඔක්තොම්බර් 26වන දා සිට නොවැම්බර් 09වන දා දක්වා ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැත්වෙන 13වන බාසිලෝනා ආසියානු සිනමා උළෙලේ (ASIAN FILM FESTIVAL BARCELONA) තරගකාරී අංශ නියෝජනය කිරීමට සුදත් මහදිවුල්වැව ගේ "මයි රෙඩ් කොම්රෙඩ්" (MY RED COMRADE) චිත්‍රපටිය සහ ශ්‍යාම් ප්‍රනාන්දු ගේ "මගේ පන්තියේ ළමයෙක්" (TEACH ME) චිත්‍රපටය සුදුසුකම් ලබා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
