ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර සහ රසකැවිලි නිෂ්පාදන සමාගමක් වන සීබීඑල් (CBL) සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහ පසු ගිය 06වන දා අභාවප්‍රාප්ත විය. මියයන විට හෙතෙම ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍ර තුළ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද ඉහළ පිළිගැනීමක් දිනා සිටි, මෙරට ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් සැපයූ අද්විතීය ව්‍යවසායකයෙකු ලෙස සැලකේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5) ව්‍යවස්ථාවේ දක්වා ඇති අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 යන යන සීමාව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තවත් වසර දෙක් බැගින් දීර්ඝ කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංවිධානය දැඩිව අවධානය යොමු කර සිටින බව එම සංවිධානය සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය පිළිබඳව දැනුවත් කරමින්, පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් අද දින (2026.06.06) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එහිදී නීතිඥ උදය ගම්ම්නපිල මෙසේ අදහස් දැක්වීය.
අගුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි ''සෙනෙහසේ කැදැල්ල'' නමැති වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර මෙම ගින්නට පෙර සහ පසු අවස්ථාවේ ක්‍රියා කර තිබෙන නොසැලකිලිමත්කම මත නිවාසයේ භාරකරු ලෙස කටයුතු කළ 'ලොකු අයියා' නමින් හඳුන්වන පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
