රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ අද [25] අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කළේ, කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇතැයි දුරකථන වාර්තාවලින් හෙළිවූ අතර දේශපාලනඥයින් 09 දෙනෙකු පිළිබඳ ඡායාරූප හා සංවාද ද සොයාගත් බවය.
අධිකරණයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරු සැප්තැම්බර් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ම නියෝග කර ඇත.
ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු 05 දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුගිය වසරේ අගෝස්තු 30 වැනිදා මෙරටට රැගෙන එනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
