සිව්වැනි වරටත් පැවති 2026 තානාපති කුසලාන බැඩ්මින්ටන් තරගාවලිය අද (22) කොළඹ විශ්වවිද්‍යාලයේ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත්විය. එහිදී තරගාවලියේ සමස්ත ශූරතා දිනා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සමත් වූහ.
මෙම තරගාවලියට රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල කණ්ඩායම් මෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් බැඩ්මින්ටන් කණ්ඩායම් 70කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.
තරගාවලියේ සමාප්ති උත්සවය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක ද සහභාගී විය.
තරගාවලිය සංවිධානය කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසිනි.
තරග ප්‍රතිඵල
විශ්වවිද්‍යාල අංශය
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශය

-සමීර මදුසංක හේවා ගමගේ-
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
