රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දී නමැත්තිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඩී. එන්.ඒ සහ ඡායාරූප පරීක්‍ෂා කර වාර්තා ලබාගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම හමුවේ අද (21) දන්වා සිටියේ ය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගණේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් ලබන 4වන දා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද එහි දී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
බටුවත්තේ චාමරට සහ ගම්පහ ඔස්මන්ට තවත් දින අනූවක රැදවුම් නියෝග…?
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාසය පවසා සිටියේ 2026/8/17 වන දින මෙම සැකකාරිය රජයේ රස පරීක්ෂක වෙත මුහුණු පරීක්ෂාව සඳහා යොමු කළ බවත් එහි දී ඩී.එන්.ඒ සාම්පල් , ඡායාරූප සටහන් සහ වීඩියෝ දර්ශන ලබා ගැනීමක් සිදුකළ බවයි. තව ද මෙම සිද්ධියට අදාල 32 වැනි සැකකරුවන බටුවත්තේ චාමරට සහ ගම්පහ ඔස්මන්ට ලබාගෙන තිබූ රැඳවුම් නියෝග 8/13 වන දිනෙන් අවසන් වන බැවින් තවත් දින අනූවක රැදවුම් නියෝග කාලයක් ලබාගෙන ඇති බව අධිකරණයට දැන්වුවා.
එමෙන් ම සිද්ධියට අදාල 15 වන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට යාපනය හරහා මන්නාරමට පලා යෑමට කටයුතු කළ 41/42 වැනි සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් නියෝග මත සිටින බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වූයේ ය. මෙම සිද්ධියට අදාළව රතු නිවේදන නිකුත් කර ඕමාන්වලදී අත්අඩංගුවට ගත් මට්ටක්කුලියේ චතු නමැත්තාද මේ වන විට දින අනුවක රැඳවුම් නියෝග මත සිටින බව ද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ ය. එම සැකකරුගෙන් ලබාගන්නා ලද ප්‍රකාශවල දී ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට පෙර දිනක එනම් 2025/2/17දින ඉෂාරා සෙව්වන්දි සමඟ මෙම සැකකරු ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ පරීක්ෂා කර ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වූයේ ය. ඔවුන් එසේ පරීක්ෂා කර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් ලබා දුන් මුදල් මත බවයි අපරාධ කොට්ඨාසය අධිකරණ දන්වා සිටියේ.
තමාරා නමැති නීතිඥවරියගේ හැඳුනුම්පත භාවිත කරලා
මෙම සිද්ධියට අදාළව විසි අටවන සැකකාරිය වන තමරා කුමාරී යන නීතිඥවරිය විසින් සකස් කරන ලද බව කියන ව්‍යාජ හැදුනුම්පත් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලැබී තිබෙන බවත් එම වාර්තාව අනුව පැහැදිලි වන්නේ තමරා ගේ හැදුනුම්පත උපයෝගී කරගෙන මෙම අපරාධය සිදුකළ ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වූයේ ය. මෙම සිද්ධියට අදාළව විසි නව වන සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු අත් අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වූයේ ය.
සිද්ධියට අදාළ ව විමර්ශන කටයුතු සිදු කරන බැවින් තවදුරටත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටි බැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය. සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙක් විවෘත අධිකරණයේ පෙනී සිටි අතර අනෙක් සැකකරුවන් පෙනීසිටියේ බන්ධනාගාරයේ සිට සුම් තාක්ෂණය ඔස්සේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
