ලංකාවට ආපදාවෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ යෝජනා කිහිපයක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමටද කටයුතු කොට තිබූ බවත්, ආපදා තත්ත්වය හමුවේ කලබල නොවන ලෙසත්, ආපදාව සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් කොට වන්දි පූර්ණය සහ විනාශයට පත්වුණු යටිතල පහසුකම් ගොඩනැගීම සම්බන්ධයෙන් කොපමණ මුදලක් අවශ්‍යද යන්න පළමුව සොයාබලන ලෙසත් ගෙනා යෝජනාව ඉන් ප්‍රමුඛ වී ඇති බවත් පැවසේ.
බොහෝ දුරට ආණ්ඩුව විසින් ආපදා කළමනාකරණය සඳහා ඉල්ලා සිටින ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල ප්‍රදානයක් වශයෙන් ලංකාවට හිමිවනු ඇති බව වාර්තා වන අතර, නමුත් ආණ්ඩුව විසින් සැලසුම් කර ඇති රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමේ යෝජනාවට තවමත් මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිව නැතැයි පැවසේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
