මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පස්වන සැකකරු ලෙස පල්ලේගමගේ දිනුක ලක්මාල් හෙවත් ලැම්බා නැමති සිද්ධිය වන අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියකු නම් කරනු ලැබීය.
කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය තුළ පිහිටි භෝජනාගාරයේ දී දේශීය බෝතල් කළ පානීය ජලය සඳහා රජය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරමින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති අංක 96 දරන විධානය උල්ලංඝනය කළ දුම්රිය භෝජනාගාර සේවයට අයත් “ජයබිම කේටරින්” — කොළඹ කොටුව ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිය දී ඉන් පලායෑමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා.
හිටපු සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යය, දිවංගත මොහාන් එල්ලාවල ගේ පුත්‍රයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අකිල එල්ලාවල අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ආසන සංවිධායක ලෙසත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නායකයා ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ගෙන් අදාළ පත්විමි භාරගත්තේ ය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් රජයේ මුදල් රුපියල් කෝටි 22ක මූල්‍ය අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සුගීෂ්වර බණ්ඩාර මහතා ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) ප්‍රතික්ෂේප කළේ ය.
ශ්‍රී ලංකාව සමඟ එක්සත් ජනපදයේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වන පොදු ප්‍රමුඛතා ඉදිරියට ගෙන යෑමේ අරමුණින්, එක්සත් ජනපද කොන්ග්රස් සභිකා ක්රිසී හූලහෑන් ගේ නායකත්වයෙන් යුත් කොංග්රස් නියෝජිත පිරිසක් ජූලි 27 සිට 30 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
