ආණ්ඩුවට එරෙහිව බෞද්ධ ජනතාව කෝප ගැන්වීමට යම් පිරිසක් උත්සාහ කරමින් සිටින බව සමාජවාදී තරුණ සංගමයේ ජාත්යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ පවසනවා.
එමෙන්ම, පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම මුල් කරගනිමින් ආරම්භ වූ විරෝධතාවල යටි අරමුණ අවසානයේදී පැහැදිලි වූ බවත්, එය අවසානයේ විවිධ දේශපාලනඥයින් නිදහස් කරන්නට ඉල්ලා සිටින තැනකට පත් වූ බව ද ඔහු පැවසීය.
ඊයේ (30) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්රධාන කාර්යාලයේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ජාත්යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අංජන සම්පත් අමරසිංහ,
සිවුරෙන් පටන් අරන් කිංස්බරි එකකින් තමයි ඒ සටන අවසන් වුණේ.
"මේ ආණ්ඩුවට එරෙහිව බෞද්ධ ජනතාව අවුස්සන්න ඇතැම් අය උත්සාහ කරමින් ඉන්නවා. ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් විරෝධය අවසන් වෙනකොට අපි දැක්කා ඒවයේ තිබිච්ච යටි අරමුණ.
සිවුරෙන් පටන් අරන් කිංස්බරි එකකින් තමයි ඒ සටන අවසන් වුණේ. ඥානසාර හිමිට සිවුර අන්දවලා උසාවි ගේන්න කියන එකෙන් පටන් අරන් විවිධ දේශපාලනඥයින් නිදහස් කරන්න කියන තැනට ඒක ආවා.
පූජා භූමි සංවර්ධනය කියන සාධකය අල්ලන් විමල් වීරවංශ මාධ්ය සාකච්ඡා තියෙනවා. බුද්ධ ශාසන ඇමතිවරයාට විවාද වලට එන්න කියනවා. ඉස්සර ආණ්ඩුවේ වරම් ප්රසාද අරගෙන ඇමතිලා වෙලා හිටපු අයට බලය නැති වුණහම දැනෙන වේදනාව තමයි මේ තියෙන්නේ.
ආගමික සංස්ථාව රැකගන්න වැඩියෙන්ම දායක වෙන ආණ්ඩුව මේ ආණ්ඩුව
දැන් කියන්න හදනවා මේ ආණ්ඩුව ආගම් විනාශ කරනවා කියලා. වාමාංශික දේශපාලන ව්යාපාරයක් වුණාම ආගම පාවිච්චි කරලා දේශපාලනය කරන්නේ නෑ. ඒක තමයි වාමාංශික දේශපාලනයේ ස්වභාවය. ඒත් ලංකාව වගේ බෞද්ධාගමට මූලිකත්වය දෙන රටක 1965 දී රෝහණ විජේවීර සහෝදරයා බුද්ධි පෙරමුණ ගොඩනැගීමෙන් පස්සේ මුලින්ම ගොඩනැගුවේ ජාතික භික්ෂු පෙරමුණ. ඒ වගේමයි ලංකාවේ කලින් හිටපු ආණ්ඩු වලට වඩා ආගම රකින ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව.
ආණ්ඩුවට මොකක් හරි ෂොට් එකක් දෙන්න හිතාගෙන තමයි මේ විරෝධය ගොඩනගන්නේ. මෙය ආණ්ඩුව ආවහම පෙරහැර නවත්තනවා කිව්වා පන්සලට දාන්නේ ලැබෙන්නැති වෙයි කිව්වා කඨින නවත්තන්න වෙනවා කිව්වනේ. ඒත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද කලින් කරාටත් වඩා හොඳට ඒ දේවල් කරන එක.
පන්සිල් පද පහවත් රකින්න බැරි මිනිස්සු තමයි මේ ආණ්ඩුවට චෝදනා කරන්නේ
යතිවර මාපිය වැඩසටහන හරහා ඒ දරුවන් ශාසනයට ලබා දුන්න දෙමව්පියන්ට නිවසක් නැතිනම් නිවසක් හදා දෙන වැඩසටහන ක්රියාත්මක කරලා තියෙනවා කරලා තියනවා. සසුනෝදය වැඩසටහන කරගෙන යනවා. ඒ වගේම දිට්වා සුළු කුණාතුවෙන් පස්සේ විනාශයට පත්වුණු පන්සල් ගොඩනැගීම වෙනුවෙන් මුදල් වෙන් කරලා එම කටයුතු සිදු කරනවා.
පන්සිල් පද පහවත් රකින්න බැරි මිනිස්සු තමයි මේ ආණ්ඩුවට චෝදනා කරන්නේ. එයාලට මොන චෝදනාද නැත්තේ. මේ ආණ්ඩුව මේ රට ගොඩනගන්නේ සියලු ආගම් සහ සංස්කෘතීන් සමඟ එක්වයි.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්න පුළුවන් මේ රටේ සියලුම ආගම්වල සියලුම ජාතිකත්වවල ජනතාව එකතු කරගෙන." යැයි ඔහු පැවසුවේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
