Image

"නව පරිවර්තනයට ඔරොත්තු දෙන්න බැරිව පැරණි සමාජයේ කණ්ඩායම්වල මනස වියවුල් වෙලා..." – ජනාධිපති අනුර කුමාර

"නව පරිවර්තනයට ඔරොත්තු දෙන්න බැරිව පැරණි සමාජයේ කණ්ඩායම්වල මනස වියවුල් වෙලා..." – ජනාධිපති අනුර කුමාර

'නව දේශපාලන පරිවර්තනය' පැරණි සමාජයේ වරප්‍රසාද සහ ආරක්ෂාව ලැබූ “දේශපාලනික පොසිල" වැනි කුඩා කණ්ඩායම්වලට ඔරොත්තු දීමට නොහැකි වී ඇති බවත්, ඒ හේතුවෙන් එම පිරිස් මානසිකව වියවුලට පත්ව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

එමෙන්ම මැටි රූපවලට කටු ගැසීම වැනි විකෘති මානසිකත්වයන් මගින් පෙන්නුම් කරන්නේ මෙම වියවුල දරාගැනීමට නොහැකි වී ඇති ආකාරය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ අද (31) ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, මාලිමා ආණ්ඩුව ගොඩනැගීමේදී ජනතාව ආර්ථික හා සමාජ පරිවර්තනයක් මෙන්ම දේශපාලනික පරිවර්තනයක්ද අපේක්ෂා කළ බවයි.

තමන්ගේ බඩ වඩාගනිමින් තමන්ට, තමන්ගේ ඥාතීන්ට, හිතවතුන්ට සහ මැර කණ්ඩායම්වලට වරප්‍රසාද ලබාදුන් පැරණි දේශපාලනය නිසා ජනතාවට දේශපාලනය තිත්ත වන තරමටම සමාජය බිඳවැටී තිබූ බවද ඔහු සඳහන් කළේය.

"එදා ගෝල්ෆේස් පිටියේ නැගුණු සටන් පාඨවල හරය තමයි පැරණි විනාශකාරී දේශපාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම. 2024දී අපේ ආණ්ඩුව හදන්නෙම ඒ දේශපාලන පරිවර්තනයේ අපේක්ෂාවෙන්. වරප්‍රසාද අහෝසි කිරීම, අමාත්‍ය මණ්ඩලය සීමා කිරීම, ඇමතිවරුන් පිරිවරාගත් වාහන,පොලිස් ආරක්ෂාවන් ඉවත් කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කළ බියජනක දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කර තිබෙනවා. අවුරුදු දෙක ඇතුළත වැඩිම පරිවර්තනයක් අපි ඇති කරලා තියෙන්නේ දේශපාලනය තුළයි.දේශපාලන අධිකාරිය ජනතාවට සමීප කරවා තිබෙනවා."යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.akd 1 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න