එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ අධිකරණයේ පැවති නඩු කටයුත්තකට පෙනී සිට ආපසු පැමිණෙමින් සිටියදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමක් සිදුවූ බවට වාර්තා වන සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන හා නිදහස් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, එය කුමක් අරඹයා සිදු කළේද යන්න සමාජයට හෙළි කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂය පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.
IMFහත්වැනි සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නියෝජිත කණ්ඩායම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකින්(Staff-Level Agreement) තොරව සංචාරය අවසන් කර තිබීම සහ IMFනියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස ඇතුළු සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව අතර පැවැත්වූ සාකච්ජාව පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආර්ථික විද්යාව පිළිබඳ මහාචාර්ය ප්රසන්න පෙරේරා අද (01) කරුණු පැහැදිලි කළා.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ විසින් මත්ද්රව්ය ජාවාරම් සම්බන්ධයෙන් ලියන ලද පොත් 8 ක් රස පරික්ෂක වෙත යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම අද (1) නියෝග කළා.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකු සහ රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්රයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ක්ෂණික, අපක්ෂපාතී සහ සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය (SLWJA) ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටියි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිනමා කලා හා විද්යා ඇකඩමිය (Academy of Motion Picture Arts and Sciences) විසින් පවත්වනු ලබන ලෝක ප්‍රකට ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය තීරණය කිරීම වෙනුවෙන් පත්කරන ලද 2027 ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුවේ සාමාජිකයින්ගේ නාමලේඛනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
