Image

“දේශපාලනිකව අනාථ වුණ කණ්ඩායම් ජාතිවාදය, ආගම්වාදය අවුස්සන්න පටන් අරන්” - සමාජවාදී තරුණ සංගමය

“දේශපාලනිකව අනාථ වුණ කණ්ඩායම් ජාතිවාදය, ආගම්වාදය අවුස්සන්න පටන් අරන්” - සමාජවාදී තරුණ සංගමය

වත්මන් ආණ්ඩුව ගෙන යන ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙළ අඩපණ කිරීමේ අරමුණින්, විපක්ෂයේ දේශපාලනිකව අනාථ වූ කණ්ඩායම් යළිත් වරක් ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සමින් සිටින බව සමාජවාදී තරුණ සංගමය පවසයි.

ඊයේ (30) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහේෂ් අඹේපිටිය,

 

ජාතිවාදය හා ආගම්වාදය අවුස්සන්නේ දේශපාලනිකව බංකොලොත් වූවන්ය

"මේ වෙද්දි විපක්ෂයේ දේශපාලනිකව අනාථ වුන කණ්ඩායම් විසින් නැවතත් මේ රටේ ආගම්වාදය ජාතිවාදය අවුස්සමින් හඬ නගන්න පටන් අරන් තියෙනවා.

මේ හඬ නැගීම ඇතිවෙන්නෙ කාගෙන්ද? ජනතාවගෙන් මේ වෙලාවේ ඒ වගේ හඬක් ඇහෙන්නෙ නෑ. තමන්ගේ අහිමි වුණ දේශපාලන වරප්‍රසාද සහිත ජීවිතය ගැන ඒ අයට වේදනාවක් තියෙනවා.

අපි හැමදාම රටේ ආගමික නිදහස ජාතික සමඟිය අගය කරපු දේශපාලන ව්‍යාපාරයක්. අපි අපේ භාවිතාව තුළත් ඒ බව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. එහෙම දේශපාලන ව්‍යාපාරයක් නියෝජනය කරන තරුණ දේශපාලන සංවිධානයක් විදිහට අපි අද මේ මාධ්‍ය හමුව පවත්වන්නේ.

ඒ අයට දැන් ආර්ථිකය සම්බන්ධයෙන් කියන්න දෙයක් නෑ. ජාත්‍යන්තර සම්බන්ධතා නෑ කියන්න බෑ. අද වෙද්දි ආසියාවෙත් ලෝකය තුළත් ලංකාව වේගයෙන් ඉතා හොඳ තත්ත්වයකට පැමිණ සිටිනවා.

 මේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව ගෙන යන ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙල අධෛර්යමත් කරන්න තමයි මේ වෙලාවෙදි මේ වගේ විපක්ෂයේ බංකොලොත් වෙච්ච කණ්ඩායම් මෙහෙම ප්‍රකාශ ඉදිරිපත් කරන්නෙ.

 

ගම්මන්පිලලාගේ දේශපාලන ඉතිහාසය

විමල් වීරවංශලා දයාසිරි ජයසේකරලා උදේ ගම්මන්පිලලා කියන්නේ ඇත්තටම මේ රටට ආදරේ කරපු අයද? ගම්මන්පිල කියන්නේ සමාජය හඳුනාගෙන තිබුණ කෙනෙක් නෙවෙයි. ඒ කාලේ හෙළ උරුමය ගොඩනැගීමේදී භික්ෂූන් වහන්සේලා පෙරටු කරගෙන ඒ පාරෙන් දේශපාලනයට ආපු කෙනෙක්. එහෙම ඇවිල්ලත් ඊට පස්සේ ඒ හාමුදුරුවරුන්ට බණ ටික කියාගන්නවත් බැරි තත්ත්වයට පත් කරලා, දේශපාලනය කරපු කෙනෙක් තමයි ගම්මන්පිල කියන්නෙ.

ගම්මන්පිලලා බලයේ ඉන්නකොට ආගමික සංස්ථාව ආරක්ෂා කරන්න මොනවද කළේ? ගම්මන්පිල කියන්නෙ කවදාවත් ඇත්ත බෛද්ධයෙක් නෙමෙයි. ගම්මන්පිල කියන්නෙ වංචනිකයෙක්. බලය වෙනුවෙන් ඕනෑම බොරුවක් කියන , ජරාජීරණ දේශපාලනයක් කරපු කෙනෙක්.

 

ජනාධිපති සමාව පිළිබඳ සත්‍යය

අද බොරුවට සුදු සළුපිළි ඇඳගෙන ඇවිත් කතා කරන කළු චරිත. ගම්මන්පිල කියනවා අනුර කුමාර ජනාධිපතිතුමා මිනීමැරුම් චෝදනා තියෙන අයට, ස්ත්‍රී දූෂකයන්ට ජනාධිපති සමාව දුන්නට ඥානසාර හිමිට සමාව දෙන්න කැමති නෑ කියලා. කවුද මිනීමැරුම් චෝදනා තියෙන අයට, ස්ත්‍රී දූෂකයන්ට ජනාධිපති සමාව දුන්නේ? එයාලා පත් කරපු ජනාධිපතිවරු තමයි එහෙම සමාව දුන්නෙ. රනිල් වික්‍රමසිංහ දික්කසාද නඩුවක නඩත්තු ගෙවන්නෙ නැතුව හිරේ ගිය කෙනෙක්ට වැරදි විදියට දුන්න ජනාධිපති සමාවක් අන්න දැන් ආපහු අභියෝගයට ලක් වෙලා තියෙනවා.

ඥානසාර හිමිට මෛත්‍රීපාල සිරිසේන වැරදියට දුන්න ජනාධිපති සමාවක් තමයි දැන් නැවත අභියෝගයට ලක් වුණේ.

 

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම යටතේ මොක්ක්ද සිද්ධ වෙන්නේ?

අනුරාධපුරේ පූජා නගරයේ සිද්ධිය මොකක්ද? 2004 වසරේ දී තමයි හොයාගෙන තියෙන්නේ අනුරාධපුර නගරයට භූගතව තවත් නගරයක් තියෙනවා කියන එක. ඒ වගේම පූජා නගරයට වන සතුන්ගෙන් සිදු වන හානි නිසා ඒ වටා වැටක් ඉඳි කරන්න කියන ඉල්ලීම අටමස්ථානාධිපති හිමියන් විසින් කරපු ඉල්ලීමක්. ඒ වැට දැනටමත් ඉඳි කරලා අවසන්. එය තවත් ස්වභාවික පරිසරයට ගැලපෙන ලෙස නිම කරන්න තමයි මේ චක්‍රලේඛය එන්නෙ.

පූජා නගරයේ අධි සංවේදී කලාපය, සංවේදී කලාපය සහ පොදු සේවා කලාපය කියලා කොටස් තුනක් තියෙනවා. දයාසිරි කියනවා පොදු සේවා කලාපයේ තැබෑරුම්, සූදු පොළවල් දාන්න හදනවා කියලා. මොකක් ද මේ සිද්ධ වෙන්නෙ? පූජා නගරය අවට ජනතාවට වැසිකිළි වලක්වත් කපාගන්න බෑ. පුරාවිද්‍යා එකෙන් අවසර දෙන්නෙ නෑ. නමුත් ජනතාවට පහසුකම් සහිත ජීවිතයක් ගත කරන්න අයිතියක් තියෙනවා. ඒ නිසා ඒ බව සලකලා තමයි මේ ඇතැම් තීරණ අරන් තියෙන්නෙ. නිවාස ඉදිකිරීමට අදාළව. ඒ වගේම පූජා නගරය සංවර්ධනය කිරීම ලංකාවේ සංචාරක කර්මාන්තයටත් බලපානවා. ඒ අවට යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ඕන.

මේ රට දියුණු වුණාම ඒගොල්ලන්ට පැවැත්මක් නෑ කියලා කියලා. මේ ව්‍යාජ අදහස් හරහා සමාජගත කරන්න හදන අදහස් පරාජය කරන්න අපි කටයුතු කරනවා" යනුවෙන් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න