මීට පෙර ‘Rizana: A Caged Bird’ ලෙස නම්කර තිබූ, වර්තමානයේ ‘Rihanna’ ලෙස නම්කර ඇති චිත්‍රපටය ප්‍රකට චිත්‍රපට අධ්යක්ෂ සහ සම-නිෂ්පාදක චන්ද්‍රන් රත්නම් ගේ අවසරයකින් තොරව: ප්‍රදර්ශනය කිරීම, නිකුත් කිරීම, බෙදාහැරීම, විකාශය කිරීම, විකිණීම හෝ වෙනත් කිසිදු ආකාරයකින් වාණිජමය වශයෙන් භාවිත කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහා අධිකරණය විසින් ජගත් සුමතිපාලට සහ සුමති ස්ටුඩියෝස් ආයතනයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.
අන්තර්ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනකු ගේ විදේශ ගමන් බලපත්‍ර නිසි දින අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ඉල්ලු බව කියන සිද්ධියට අදාලව දූෂණ විරෝධී පනත යටතේ චෝදනා ගොනු කිරීමට අදහස් කරන බව සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දැන්වූයේ ය.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට වෙඩි වැදුණු බවට සැක කෙරෙන මිලිමීටර් 9 පිස්තෝල වර්ගයේ ගිනි අවිය, ඊට භාවිත කර ඇති පතුරම්වල කොපු සහ මෙම අපරාධයට අදාළ අනෙකුත් සියලු ම නඩු භාණ්ඩ එළැඹෙන 28 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට අද (20) නියෝග කළේ ය.
මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මාර්ගයෙන් සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන් ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
