හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට වෙඩි වැදුණු බවට සැක කෙරෙන මිලිමීටර් 9 පිස්තෝල වර්ගයේ ගිනි අවිය, ඊට භාවිත කර ඇති පතුරම්වල කොපු සහ මෙම අපරාධයට අදාළ අනෙකුත් සියලු ම නඩු භාණ්ඩ එළැඹෙන 28 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට අද (20) නියෝග කළේ ය.
මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මාර්ගයෙන් සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන් ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පුද්ගලයින් කැනඩා රටේ රැකියා සඳහා යවන බව පවසා මුදල් ලබාගෙන පුද්ගලයින් 34 දෙනකු ඩුබායි රටේ අතරමං කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) පැවසුවා.
හවුස් ඔෆ් ෆැෂන්ස් හි හිමිකරු සහ කළමනාකාර අධ්යක්ෂ ජයවර්ධන මුදලිගේ ප්‍රියලාල් බන්දුල රේගු තක්සේරු උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හෘද රෝග තත්ත්වයක් වර්ධනය වීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කළ එහි හිමිකරු ඇප මත මුදාහරින ලෙස නීතිඥවරුන් සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන විසි දෙක තෙක් කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන්න අමරසේන අද නියෝග කළේ ය.
විනිසුරුතුමන්ලා ගේ අනිවාර්ය විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡාවට දැන් දින 43ක් ගත වී ඇති බවත්, මේ වන විට: ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කොළඹ නීතිඥ සංගමය, බදුල්ල නීතිඥ සංගමය ඇතුළු දිස්ත්‍රික්ක් සංගම්, නීතිඥ එකමුතුව (ලෝයර්ස් කලෙක්ව්), පොදු රාජ්‍ය මණ්ඩලීය නීතී සංගමය, ආසියානු නීතිඥ සංගමය, අධිකරණ සේවා සංගමය ඇතුළු සියලු දෙනා සේවා දිගුවක් ලබා දීමට සහ විශ්‍රාම වයස ඉහළ දමනවාට විරුද්ධයි යැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
