මහජනතාවට වඩාත් කඩිනම්, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් රාජ්ය සේවාවක් සහතික කිරීම අරමුණු කරගනිමින් රජය ක්රියාත්මක කරන ඩිජිටල් පරිවර්තන වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන සහ ප්රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන්වල ප්රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (විමර්ශන) ලෙස කටයුතු කරමින් නිල බලය අයුතු ලෙස යොදා ගෙන ආයතනයේ ලිපි ශීර්ෂ භාවිතා කර විධිමත් නොවන විමර්ශන අංකයක් යටතේ නිකුත් කර ඇති විමර්ශන වාර්තාවකින්,
බොරැල්ල එලියට් පාරේ වරිපනම් අංක 30 ස්ථානයේ, ප්රමාණයෙන් හෙක්ටයාර් 1.0982 ක් වන, වෙළඳපල වටිනාකම රු.1,586,000,000/-ක් (රුපියල් එකසිය පනස්අට කෝටි හැට ලක්ෂයක්) වන රජයේ ඉඩම, පෞද්ගලික පාර්ශවයක් සතු ඉඩමක් ලෙසට ඒත්තු ගන්වා එමඟින් රජයට පාඩුවක් මෙන් ම වෙනත් තැනැත්තෙකුට වාසියක් සිදු කිරීම මඟින් දුෂණය නැමැති වරද සිදු කිරීම යන චෝදනාව මත ඉඩම හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු (විමර්ශන) වූ මලේ පතිරණගේ නිශාන්ත මෝහන් වික්රමසිංහ යන අය 2026.09.29 වන දින පෙ.ව.9.45 ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී
රජයේ බලධාරීන් අත්තනෝමතික ආකාරයට නෙට් මීටරින් නෙට් එකවුන්ටින් ඉවත් කර නෙට් ප්ලස් ක්රමවේදය ඉදිරිපත් කිරීම නිසා ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට සුවිශේෂ ශක්තියක් ලබා දී ඇති බවත්, නමට පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කළත් ක්රියාව සෘජුව හා වක්රව තාප හා ඉන්ධන බලාගාර මාෆියාව ප්රවර්ධනය කරන්න රජය දරන උත්සාහයට විරුද්ධව සුනිත්ය බලශක්තිය රැක ගන්න මහජන උපයෝගීතා කොමිසම හමුවට පැමිණි බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසීය.
සෞදි අරාබි රාජධානි ඉතිහාසයේ ප්රථම වරට එරටට වැඩම කළ ප්රථම බෞද්ධ භික්ෂූන් වහන්සේ වශයෙන් තමන් වහන්සේ, සෞදි අරාබි ගරු අධිකරණය විසින් මරණය දණ්ඩනය නියම කර ඇති අනෝජන් සිවරාසාට සමාව ලබා දෙන ලෙස, සෞදි අරාබි රාජධානියේ මහරජතුමන් වන සල්මාන් බින් අබ්දුලාසිස් අල් සෞද් රජතුමා ගෙන් ඉල්ලා සිටින බව ශ්රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියෝ ප්රකාශ කළහ.
විදේශ ශ්රමිකයන් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්රමවේද, ආරක්ෂිත විදේශ රැකියා අවස්ථා සහ ආර්ථික සුරක්ෂිතතාවක් තහවුරු කිරීමේ අවශ්යතාව අවධාරණය කරමින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්ය අරුන් හේමචන්ද්ර අද (28) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවති ‘Protecting Those Who Move: Advancing Social Protection in the South Asia–Gulf Migration Corridor’ යන තේමාව යටතේ පැවති ජාත්යන්තර කම්කරු සංවිධානයේ (ILO) STREAM හඳුන්වාදීමේ පුහුණු වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අමතමින් මේ බව ප්රකාශ කළේය.
" ස්වාමිනි, මට අවස්ථා දෙකකදීම සයනයිඩ් ගහන්න හැදුවා. වැලිසර බන්ධනාගාරයේ නිසි ආරක්ෂාවක් නැහැ. මරණ තර්ජන තියෙනවා. නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස මම අධිකරණයෙන් ඉල්ලනවා" යනුවෙන් ප්රබල පතාල කල්ලි නායකයෙක් බව කියන කෙහෙල්බද්දර පද්මේ අද(28) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම හමුවේ ඉල්ලා සිටියා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
