අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින් බාල වයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කරන ලද බවට චෝදනා එල්ල කර ඇති නඩුව (නඩු අංක 22424/2026 බී), කාර්ය පටිපාටිමය සහ වින්දිතයින් ආරක්ෂා කිරීම සම්බන්ධ බරපතල ගැටලු මතු කරන බව 'නීතිය හා සමාජ භාරය' සඳහන් කරයි.


