සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ (CWE) සේවකයින් රාජකාරි නොවන කටයුතු සඳහා යොදවා ඔවුන් ගේ වැටුප් සහ අතිකාල දීමනා සංස්ථා මුදලින් ගෙවීම හරහා රජයට රුපියල් මිලියන 60කට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති නඩුවේ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු ඉදිරියට පවත්වාගෙන යෑමට අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල අද (4) නියෝග කළේ ය.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික උපදේශනවල සිව්වන වටය 2026 අගෝස්තු මස 03වන දා මස්කට්හි දී සාර්ථකව පැවැත්විණි. ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ වෙළෙඳාම, ආයෝජන, ඩිජිටල්කරණ, සම්බන්ධතාව, නවෝත්පාදන සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය යන ක්ෂේත්රවල සහයෝගීතාව සඳහා නව මාර්ග හඳුනා ගැනීමට මෙම ද්විපාර්ශ්වික උපදේශන වැදගත් වේදිකාවක් සැපයී ය.
වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය කඩිනමින් අධිකරණ පද්ධතියේ විනිසුරුවන් ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ කාර්යභාරය ක්‍රියාත්මක කළත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග කිසිදු සාකච්ඡාවක් නොකර අවිධිමත්ව අක්‍රමවත්ව ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ සෙසු අනපනත් සංශෝධනය සම්බන්ධයෙන් පැහැදිලි ව්‍යාකූලත්වයක්, අවිනිශ්චිතතාවක් සහ බරපතළ විරෝධයක් නිර්මාණය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසී ය.
සුඛෝපභෝගී මෝටර් රථ හා ඉදිකිරීම් ක්ෂේත්රයේ අමුද්‍රව්‍ය ආනයනය කරමින් රුපියල් කෝටි ගණනින් බදු වංචා කළේ යැයි කියන ප්‍රසිද්ධ ගේට්ටු නිෂ්පාදන හා මොටර් රථ ආනයනය සමාගමක් වන ඇල්කාඩෝ industries පුද්ගලික සමාගම හිමිකරුගේ පුත්‍රයකු ඇතුළු දෙදෙනෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි නියෝග ඊයේ (03) කළේය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ තැබූ "දූෂණය නැති කර රටේ ආර්ථිකය ගොඩනගනවා" යන ප්‍රධාන ආඛ්‍යානය (Narrative) සම්පූර්ණයෙ න්ම අතහැර දමා, මේ වන විට "අපරාධ රාජ්‍යය නැති කිරීම" නමැති ව්‍යාජ ආඛ්‍යානයක් සමාජගත කරමින් සිටින්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව පැවසූ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ අද එදා පැවසූ දේට වඩා හාත්පසින් ම වෙනස් ප්‍රකාශයක් කර ඇත. එනම් තමා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි වෙත යොමු කළ ද අමාත්‍යවරයා එම ලිපියි බාර නොගන්නා බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
