Image

රාජිතගේ "අපේ ගෙදර ගිනි තියයිද" වර්ෂ පූර්ණ දැක්ම හෙට ලයනල් වෙන්ඩ්ට්හිදී!

රාජිතගේ "අපේ ගෙදර ගිනි තියයිද" වර්ෂ පූර්ණ දැක්ම හෙට ලයනල් වෙන්ඩ්ට්හිදී!

නාට්‍ය රචක සහ අධ්‍යක්ෂක රාජිත දිසානායකගේ "අපේ ගෙදර ගිනිතියයිද" නාට්‍යයේ වර්ෂ පූර්ණ දැක්ම හෙට එනම් (ඔක්තෝබර් 31) සවස හතට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රංග ගතවීමට නියමිතයි.

වීරයා මැරිල, සිහින හොරු අරන්, ආපහු හැරෙන්න බෑ, බකමූණා වීදි බසී, ආදර වස්තුව, නැතුව බැරි මිනිහෙක්, 2019 ජූලි මාසේ දවසක් ඇතුළුව නාට්‍ය රසක් නිර්මාණය කළ රාජිතගේ නවතම නාට්‍යය වන "අපේ ගෙදර ගීතියයිද" නාට්‍යය සමකාලීන සමාජ සිදුවීම් මාලාවක් පාදක කොට ගෙන නිර්මාණය වූවකි.

 මෙම නාට්‍යයේ ජයනි සේනානායක ,අමා විජේසේකර, බිම්සරා ප්‍රේමරත්න, යශෝදා රසදුනි, ප්‍රසාද  සූරියආරච්චි,  ප්‍රදීප් ඈරගම සහ තරුෂ කුමාරසිංහ රංගනයෙන් දායක වේ. මෙම නාට්‍යයේ සංගීත නිර්මාණය මහිර දිසානායක, පසුතල නිර්මාණය අනුරාධ මල්ලවාරච්චි, අංග රචනය  ප්‍රියන්ත දිසානායක, රංගාලෝක නිර්මාණය රංග සමරකෝන්, ඇඳුම් නිර්මාණය අමා විජේසේකර සමඟ සුරේනි ලෙනොරා විසිනි.

 

WhatsApp Image 2026 10 30 at 8.07. PM

WhatsApp Image 2026 10 30 at 8.07.44 PM

WhatsApp Image 2026 10 30 at 8.07.45 PM

WhatsApp Image 2026 10 30 at 8.07 PM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න