කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේ දී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වා ගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදු කළ බව කියන සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව එළැඹෙන ඔක්තෝබර් 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (22) නියම කළේය.
කොළඹ වදුල්ලවත්ත ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය ඉදිරිපිට ඇති විවෘත කාණුව වසර කිහිපයක් තිස්සේ ප්ලාස්ටික්, පොලිතීන් සහ වෙනත් අපද්‍රව්‍ය සිරවීම නිසා වර්ෂා කාලයේ දී පිටාර ගැලීමට ලක්වන ස්ථානයකි. මේ හේතුවෙන් ඒ ඉදිරිපිට පදිංචි වදුල්ලවත්තේ ජනතාව දැඩි අසීරුතාවලට මුහුණ දෙයි. වර්ෂා කාලයේ දී පැති දෙකක පිහිටි කාණුවලින් ගලා එන වතුර, කාණුවේ පිහිටි "සන්ධියක්" හරහා භූගතව ගොස් අසළ පිහිටි වදුල්ල ඇළට වැටේ. විවෘත කානුවල රැඳී ඇති ප්ලාස්ටික් පොලිතීන් සහ වෙනත් ඝන අපද්‍රව්‍ය සැලකියයුතු ප්‍රමාණයක් මේ නිසා වදුල්ල ඇළට එක්වේ. වදුල්ල ඇළ කොළඹ නගරය තුළ අධිකතර දුෂණයට සහ පරිසර හායනයට ලක්වූ ස්ථානයකි.
එක්සත් ජනපද–ශ්‍රී ලංකා ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බව පිළිබිඹු කරන තෙදින සංචාරයක් සඳහා, එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා (PACAF) අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් අද (22) ශ්‍රී ලංකාවට පැමිණියේ ය. PACAF අණදෙන නිලධාරියා ලෙස, ජෙනරාල් ෂ්නයිඩර් කලාපයේ එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් සියලු ම නිලධාරීන් සහ වත්කම් පිළිබඳ අධීක්ෂණය සිදු කරයි.
අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරිය ගේ මරණය ගෙල සිරවීමකින් සිදුවූ මරණයක් බවට විමර්ශන නිලධාරින් සැක පළ කරයි. මේ අතර මෙම ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන ඇයගේ පෙම්වතා සෙවීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර තවමත් සැකකරු සොයාගැනීමට නොහැකිවී තිබේ. කෙසේවෙතත් සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට විමර්ශන නිලධාරින් සමත්ව ඇත.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගේ බලපෑම මත නීතිවිරෝධී සහ අත්තනෝමතික ලෙස පරිපාලන නීතියේ හා ස්වාභාවික යුක්ති මූලධර්මවලට පටහැනිව තම සේවය අත්හිටුවීමට විරුද්ධව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතීඥ චමින්ද කුලරත්න විසින් අභියාචනාධිකරණය හමුවේ පවරන ලද නඩුව අද දින (19) අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු ඉදිරියේ කැඳවන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
