Image

පරිගණක අපරාධ සිදු කළ චීන ජාතිකයන් 19ට එරෙහිව පැමිණිල්ල ගොනු කිරීම ඔක්තෝබර් මස 05වන දා!

පරිගණක අපරාධ සිදු කළ චීන ජාතිකයන් 19ට එරෙහිව පැමිණිල්ල ගොනු කිරීම ඔක්තෝබර් මස 05වන දා!

කොළඹ කොම්පඤ්ඤවීදිය පුද්ගලික හෝටලයක නැවති පරිගණක අපරාධ සිදු කළ බවට කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති චීන ජාතිකයන් 19ට එරෙහිව ලබන ඔක්තෝබර් මස 05 දා පැමිණිල්ල ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී සිද්ධිය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා පොලිස් නීති කොට්ඨාසය වෙත උදෘත යොමු කර ඇතැයි පොලිසිය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දන්වා සිටියේ ය. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පරිඝණක පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත යොමු කර ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.

චීන ජාතික කාන්තාවක් ඇතුළු සැකකරුවන් නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න