කවිවර ප්‍රකාශන ආයතනයට දස වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ සැමරුම් උත්සවය පසුගියදා (10) මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.
‘කවිවරට දහයයි - පොත් දහයයි’ යන තේමාව ඔස්සේ පැවැත්වුණු මෙම උත්සවයේදී කවිවර ප්‍රකාශනයක් ලෙස නවතම කෘති දහයක් ජනගත කිරීමද විශේෂත්වයක්.
උළෙලේ ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය ධම්ම දිසානායක විසින් පවත්වනු ලැබූ අතර, වර්තමානයේ ජංගම දුරකතන භාවිතය හා පොත් භාවිතයේ ඇති වෙනස පිළිබඳ මනා පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
එමෙන්ම මෙහිදී කවිවර විශේෂිත ප්‍රණාම සම්මාන ප්‍රදානයක්ද සිදු කෙරුණ අතර, සම්මානිත ළමා ගේය පද රචිකා, පරිවර්තිකා හා ලේඛිකා වසන්තා කේ. මිහිදුකුලසූරිය සහ ප්‍රවීණ ලේඛක ජයසිරි අලවත්ත සම්මානයෙන් පිදුම් ලැබූහ.
මෙම සම්මාන ප්‍රදානය මහාචාර්ය ධම්ම දිසානායක සහ කවිවර ප්‍රකාශන ආයතනයේ සභාපති කාංචනා කරුණාරත්න අතින් සිදු කළහ.
මීට අමතරව ආරාධිතයන් වෙත විශේෂ තිළිණ ප්‍රදානයක්ද සිදුවූ අතර, පැමිණ සිටි සාහිත්‍යවේදීන් රැසක් කවිවර ප්‍රකාශන ආයතනය පිළිබඳව අදහස් දක්වන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති අතුල ජයකොඩි, එම සංගමයේ නිලධාරීන් ඇතුළු සාහිත්‍යකාමීන් විශාල පිරිසක් සහභාගී වූහ.
මතු දැක්වෙන්නේ එදින උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක්
(ඡායාරූප -තුෂාර ප්‍රනාන්දු)









newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
