ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මාධ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ සියලු සංවිධාන සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා ලෙසත්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට පෙර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කරන ලෙසත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.
2023 වසරේ සිදු කළා යැයි පැවසෙන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අදාලව ඊයේ (25) රක්ෂිත බන්ධනාගාර ගත කළ සමගි ජන බලවේගය පක්ෂයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ ගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු පක්ෂයේ දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට පක්ෂය තීරණය කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂය සඳහන් කරයි.
පාර්ලිමේන්තුව තුළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ විමර්ශන පිළිබඳව සාකච්ඡා කරමින් කාලය වැය නොකර, ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව මුහුණ දෙන පීඩනයට විසඳුම් සෙවීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි හිටපු අධ්යක්ෂවරයකු සහ සංචරණ විෂය පිළිබඳ කථිකාචාර්යවරයකු ද වන යූ. එස්. පී. පතිරණ විසින් සම්පාදනය කරන ලද ''මට හමු වූ සංචාරකයෝ'' සහ ''සිරිලක සොඳුරු සංචාරක ආකර්ෂණ'' යන ග්‍රන්ථවල ප්‍රථම පිටපත් දෙක විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් වෙත පිළිගැන්වීම පසු ගිය 19වන දින එම අමාත්‍යංශයේ දී සිදු කෙරිණ.
මේ වනවිට විවිධ අපරාධ ක්‍රියා සදහා අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරන පාතාල ක්‍රියා කාරී කෙසෙල්බද්දර පද්මෙ, අධිගම චූටි, නිලංග සම්පත්, ජේසුදාසන් ගුණදාස, කුඩු රොෂාන්, නුවන් තාරක ඇතුළු සැකකරුවන් එකොළොස් දෙනෙක් නිරීක්ෂණය කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන්න අමරසේන මහතා අද පස්වරු දෙකට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
