මේ වන විට වැටෙමින් පවතින ලංකා ආර්ථිකය යළි ගොඩ නගන ආණ්ඩුව බිහිවන්නේ එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේග එකතුවකින් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධව ක්‍රියා කර රටේ ආර්ථිකයත්, සමාජ ප්‍රශ්නත් විසඳීම සඳහා ක්‍රියා කරන බව අබේවර්ධන කීය.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුව සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් එකට ක්‍රියා කිරීමට කිසිදු බාධාවක් නොමැති බව කී එජාප සභාපතිවරයා, එකම මතයක් දරන කණ්ඩායම් පක්ෂ දෙක නියෝජනය කරන නිසා එකතුව ඉදිරියට ගෙනයාමට කිසිඳු බාධාවක් කිසි විටෙකත් මතුනොවන බව ස්ථිර යැයි කීය.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය තුළ රටක් ලෙස අත්කර ගත් ප්‍රගතිය දැක අතිශයින්ම සතුටට පත්වන බවත්, තව දුරටත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය දිරි ගැන්වීමට ඇති රෙගුලාසි ලිහිල් කර මේ ක්ෂේත්රය වෙනුවෙන් ලබා දිය හැකි ඉහළ ම උත්තේජක ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
