Image

ප්‍රවීණ කලාවේදිනී දයා නෙල්ලම්පිටිය දිවි ගමනට සමුදෙයි!

ප්‍රවීණ කලාවේදිනී දයා නෙල්ලම්පිටිය දිවි ගමනට සමුදෙයි!

මෙරට ජ්‍යෙෂ්ඨතම විරිඳු සහ ජන ගී ගායිකාවක මෙන්ම ප්‍රවීණ නර්තන ආචාර්යවරියක වූ දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කළුබෝවිල පිහිටි සිය නිවසේදී අද (14) උදෑසන ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට 91 වන වියේ පසු වූවාය.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසක නර්තන ආචාර්යවරියක ලෙස දීර්ඝ කාලයක් සේවය කළ දයා නෙල්ලම්පිටිය, ප්‍රවීණ ජන හා විරිඳු ගායකයෙකු වූ සේන ෆොන්සේකාගේ බිරිඳ වූවාය.

ගුවන් විදුලියේ විශිෂ්ඨ ශ්‍රේණියේ ජන ගී ගායිකාවකද වූ දයා නෙල්ලම්පිටිය ශ්‍රී ලාංකේය ජන ගී, විරිඳු සහ නර්තන කලාව සුරක්ෂිත කරමින්, අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන් ඉමහත් දායකත්වයක් දැක්වූ ජ්‍යෙෂ්ඨතම කලා වේදිනියකි.

අවසන් ගෞරව දැක්වීම සඳහා දයා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය අද (14) ඇය පදිංචිව සිටි කලුබෝවිල නිවසේ තැම්පත් කෙරෙන අතර, අවසන් කටයුතු සැප්තැම්බර් 16 වන දින සවස 6 ට කොහුවල සුසාන භූමියේදී සිදු කෙරෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න