නීතිඥ ලක්ෂාන් ඩයස් ගේ ‘කුරු ලෙන’ නොහොත් ‘රෙද්ද අස්සේ මහත්තයාගේ දුව සිල්වියාගේ කතාව’ නවකතාව සහ මොරටුවේ ඉතිහාසය වටා ගෙතෙන වියත් සංවාදයක් මොරටුව ශුද්ධවූ එම්මානුවෙල් දේවස්ථානයේ හෙරිටේජ් කමිටුව විසින් සංවිධානය කරනු ලබන “මොරටුව සංවාදය” වැඩසටහන යටතේ 2026 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා උදෑසන 10.00 සිට 12.00 දක්වා මොරටුව, ඉඩම, ශුද්ධවූ එම්මානුවෙල් පළාත් ශාලාවේ දී පැවැත්වේ.
මෙම සංවාදයේ මූලික තේමාව වන්නේ ‘කුරුලෙන’ නවකතාව වටා ගෙතෙන මොරටුවේ ඉතිහාසය යි. නවකතාවේ චරිත සහ සිදුවීම් හරහා මොරටුවේ සමාජ, ආගමික හා සංස්කෘතික ඉතිහාසය ගැන රසවත් සාකච්ඡාවක් සිදුවනු ඇත.
ඕලන්දයේ ලෙයිඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකා සුලක්ෂනා ද මැල්, ආචාර්ය උදන් ප්‍රනාන්දු, කුරුණෑගල දියෝකීසියේ හිටපු රදගුරු කීර්තිසිරී ප්‍රනාන්දු සහ නව කතාවේ කර්තෘ නීතිඥ ලක්ෂාන් ඩයස් මෙහි දී අදහස් දක්වනු ඇත.
මොරටුවේ පොහොසත් ඉතිහාසය සහ සාහිත්‍යය අගය කරන සියලු දෙනාට මෙම අවස්ථාව විවෘත ය. සහභාගීවන්නන්ට මොරටුවේ සාම්ප්‍රදායික සව් දොදොල් රස විඳිමින් රසවත් කතාබහකට එකතු වීමට අවස්ථාව ලැබෙනු ඇත.
ඔබගේ පැමිණීම 0714534527 යන දුරකථන අංකයට whatsApp message එකක් තැබීමෙන් තහවුරු කරන්න.
එදින ශාලාවේදී 24% ක වට්ටමක් සහිතව පොත මිලදී ගැනීමටද අවස්ථාව හිමිවනු ඇත.
සංවිධානය : ශුද්ධවූ එම්මානුවෙල් දේවස්ථානයේ Heritage කමිටුව විසිනි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
