මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා පළාත් 09 ම ආවරණය වන පරිදි ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් (2025 -2030) දැවැන්ත මූල්‍ය ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.
එම මූල්‍යාධාර වැඩසටහනට අනුව 2027 වසර සඳහා එක් පළාතකට එක් සැලසුමක් සමගින් පළාත් 09 ට අදාළව වාර්ෂික සංවර්ධන සැලසුම් (Provincial Annual Development Plans) සමාලෝචන කටයුතු අද (12) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් කොමිසන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් ගේ සහභාගීත්වයෙන් දඹුල්ල Jetwing Lake හී දී පැවැත්විණි.
2027 වසරේ දී එක් පළාතකට රුපියල් මිලියන 750 ක දළ මුදලක් සමගින් ආසියානු සංවර්ධන බැංකු ප්‍රාග්ධන වශයෙන් රුපියල් බිලියන 6.7 ක මුදලක් ලැබීමට නියමිත අතර, ඊට අදාළ 2027 වසර සඳහා වූ සැලසුම් සකස් කර නොවැම්බර් මස මැදවන විට මුදල් කොමිසමට ලබාදිය යුතුව ඇත.
ඒ අනුව 2027 ජනවාරි මස සිට පළාත් වෙත අදාළ මුදල් වෙන් කර ගනිමින් සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේ. ප්‍රතිඵල හෝ ඉලක්ක මත පදනම් වූ ණය" (Results-Based Lending - RBL) - 2020-2030) යටතේ මෙම සමස්ත ණය වැඩසටහනට ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඩොලර් මිලියන 100 ණය මුදලක් සහ ඩොලර් මිලියන 6.9ක විදේශ ප්‍රදානයක් අනුමත කර ඇත.
මෙම ක්‍රමයේ දී, කලින් එකඟ වූ විශේෂිත සෞඛ්‍ය ඉලක්ක හෝ දර්ශක (Disbursement-Linked Indicators - DLIs) සපුරා ඇති බව ස්වාධීනව තහවුරු කිරීමෙන් පසුව පමණක් අදියරෙන් අදියර මුදල් ප්‍රතිපාදන නිදහස් කරනු ලබන අතර, දිවයිනේ පළාත් 9 හිම සෞඛ්‍ය දෙපාර්තමේන්තු සහ මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙම ඉලක්ක සපුරා ගැනීමට සෘජුවම ක්‍රියා කළ යුතු ය.
මුදල් කාර්යක්ෂමව භාවිත කිරීම සහ නියමිත ඉලක්ක වෙත ළඟා වීම තහවුරු කිරීම සඳහා මුදල් කොමිෂන් සභාව (Finance Commission) මගින් පළාත් 9 හිම ප්‍රධාන ලේකම්වරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගනිමින් වාර්ෂික සංවර්ධන සැලසුම් (Provincial Annual Development Plans) නිතිපතා සමාලෝචනය කරනු ලබයි.
ආසියානු සංවර්ධන බැංකුව මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත වෙනම ප්‍රතිපාදන මුදලක් ද වෙන් කෙරෙන අතර ඒ සඳහා වන සැලසුම් මේ වන විටත් සකස් කොට මුදල් අමාත්‍යාංශය වෙත ලබා දී අවසන්ව ඇත.
මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ කණ්ඩායම් ප්‍රධානී ඩයිලින් චෙන් (Dai-Ling Chen), ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය විශේෂඥ උපදෙස්‌දකවරියක (Senior Public Health Specialist Consultant) වෛද්‍ය කුමාරි විනෝදනී නවරත්න යන අය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු න්, පළාත් ලේකම්වරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
ලක්ෂ්මේන්ද්‍ර දමයන්තකුමාර තෙන්නකෝන් - ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ)
සෞඛ්‍ය අමාත්‍යංශය


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
