Image

99 වන ඔස්කාර් සම්මාන උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චිත්‍රපටයක්!

99 වන ඔස්කාර් සම්මාන උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චිත්‍රපටයක්!

99වන ඇකඩමි (ඔස්කාර්) සිනමා සම්මාන උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, චිත්‍රපටියක් ඉදිරිපත් කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ අද (11) මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

ඒ අනුව 2025 - ඔක්තෝබර් - 01 සිට 2026 - සැප්තැම්බර් 30 දක්වා මෙරට තිරගත වූ චිත්‍රපට 37 කට ඒ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවී තිබෙනවා.

රාජ්‍ය චිත්‍රපටි සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව පැවසුවේ වසර 100 කට ආසන්න සිනමා ඉතිහාසය තුළ රාජ්‍ය මට්ටමින් මේ සඳහා අයදුම් කර නොමැති බවයි. නමුත් මෙම වසරේ සිට අඛණ්ඩව ඉදිරි වසර 5 තුළ ඔස්කාර් සිනමා සම්මාන උළෙලට නිර්මාණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු අවධාරණය කළේ ය.

99වන ඇකඩමි (ඔස්කාර්) සිනමා සම්මාන උළෙල සඳහා අයදුම් කිරීමට නම්: මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙරට සිනමාශාලාවක අඛණ්ඩව දින 7 ප්‍රදර්ශන කර තිබීම, ධාවන කළය විනාඩි 40 වැඩි වීම, අධ්‍යක්ෂවරයා මෙරට පුරවැසියෙක් වීම, භාෂාව සිංහල හෝ දෙමළ වීම, රංගන ශිල්පීන් අතරින් අති බහුතරය මෙරට පුරවැසියන් වීම, කාර්මික ශිල්පීන් අතරින් අවමය 50%ක්වත් මෙරට පුරවැසියන් වීම ඇතුළු තවත් කරණු රැසක් මේ සඳහා සම්පූර්ණ කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.

CINEMAMEETING

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැවට අමතරව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වසන්ත කොටුවැල්ල, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල් හා පාලන) ලංකා ධර්මවික්‍රම, රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සභාපති අනුරුද්ධ ජයසිංහ, විදේශ චිත්‍රපට උළෙල සම්බන්ධීකාරක උදිත ලක්මාල් කහඳවආරච්චි ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න