බ්‍රික්ස් රටවල නායකයින් ගේ 18වන සමුළුවේ පළමු අදියරේ රැස්වීම අද ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වුණා. බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය ලෝකයේ වැඩිම බලපෑමක් සහිත සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගිතා වේදිකාව බව චීන ජනාධිපති ෂී ජින් පිං එහි දී ප්‍රකාශ කළේය.
මෙම වසරේ බ්‍රික්ස් රටවල සහයෝගිතාවේ 20වන සංවත්සරය සනිටුහන් කෙරෙන බව ෂී ජින්පිං එහි දී පෙන්වා දුන්නා. ගෙවී ගිය දශක දෙක තුළ, බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය පුළුල් වෙමින් අඛණ්ඩ ව නව ජීවගුණයක් පෙන්නුම් කර තිබෙනවා. මේ වනවිට, එය ලෝකයේ වැඩි ම බලපෑමක් සහිත නැගී එන වෙළඳපොළ මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගිතා වේදිකාව බවට පත්ව ඇතැයි ෂී ජින්පිං සඳහන් කළේය.
බ්‍රික්ස් රටවල් ඉතිහාසයේ නිවැරදි දිශාවෙහි ස්ථිරව සිටිය යුතු යි. එමෙන්ම නවෝත්පාදන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම, ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම වැඩිදියුණු කිරීම සහ ගෝලීය පාලනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පුරෝගාමීන් ලෙස කටයුතු කළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
අභියෝග හා දුෂ්කරතාවලින් සපිරි ගෙවී ගිය දශක දෙක තුළ, සහයෝගිතාව සහ එකමුතුකම සැමවිට ම බ්‍රික්ස් යාන්ත්‍රණයේ සංවර්ධනය සඳහා බලවේගය වී ඇති බව චීන ජනාධිපතිවරයා සඳහන් කළා. සමෘද්ධිය සහ ප්‍රගතිය සහිත දීප්තිමත් අනාගතයක් ඒකාබද්ධව නිර්මාණය කිරීම සඳහා බ්‍රික්ස් සහයෝගිතාවයේ තෙවන "ස්වර්ණමය දශකය" ඇරඹීමට අවශ්‍ය සහාය ලබා දීම සඳහා කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර චීනය ලබන වසරේදී බ්‍රික්ස් සභාපතිත්වය භාර ගන්නා අතර, බ්‍රික්ස් රටවල නායකයින් ගේ 19වන සමුළුවේ සත්කාරකත්වය ද දරනු ඇති බව ද එහි දී නිවේදනය කළේය.
දිනූෂි ධීරසිංහ - චීන පුවත් සේවය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
