පුවත්

රාජපක්ෂ පවුලේ නීතිඥයාටත් දේශපාලන නිදහස අහිමි වෙලා !
තමන්ට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකත්වය ලැබුනේ තමන් රාජපක්ෂ පවුලේ නීතීඥයා වූ නිසා බවත් මේ වනවිට තමන්ට මොරටුව ආසනය තුළ දේශපාලනය කිරීමට අවස්ථාවක් නොදෙන කනගාටුදායක තත්වයට පත්ව ඇති බවත් පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී දොලවත් අනාවරණය කරයි.
ඔහු මේ බව පැවසූවේ සිරස පැතිකඩ වැඩසටහනට එක්වෙමිණි.
“සමහර අවස්ථාවල අපි ආණ්ඩුව තුළ ඉඳගෙනත් ආණ්ඩුවේ සමහර මතවාදවලට විරුද්ධව කතා කළා. ඉතිං මම විශ්වාස කළා, එවැනි මතවාද තුළ මම මගේ කණ්ඩායමේ තවත් සගයෙකු එක්ක රූපවාහිනී නාලිකාවකට ගියොත් ඒක මගේ කණ්ඩායමට යම් ආකාරයක අභියෝගයක් වෙන්න පුළුවන්. ඒ තුළ මම යම් ප්‍රමාණයක අඩියක් පස්සට අරගෙන හිටියා.”
“මම සත්‍ය ගවේශකයෝ සංවිධානය හරහා සහ රාජපක්ෂ පවුලේ නිතීඥවරයා හැටියට කරපු කාර්යාවලිය උදෙසා තමයි මට මම හිතන්නේ නාමයෝජනා ලැබෙන්නේ. එතකොට අපි පවතින දේශපාලන ව්‍යූහය තුළ ඡන්ද කොට්ඨාස වෙන් වෙච්ච සාම්ප්‍රදායික දේශපානඥයෝ හිටියා. එතකොට අවසානයේ බැසිල් රාජපක්ෂ මහත්තායට, ඒ රාජපක්ෂ පවුලේ අයට ස්තූතිවන්ත වෙන්න ඕනී.”
“ඒ අවස්ථාව වෙනකොට අර දේශපාලන අරගලය තුළ අපිට ඉතුරුවෙලා තිබ්බේ බොහොම සීමිත මැතිවරණ කොට්ඨාස කිහිපයක් විතරයි. දේශපාලන අනාගතය සහ ඔය කාරණා එක්ක බලනකොට මොරටුව වගේ ප්‍රදේශයක් තුළ යම් හොඳ නායකත්වයක් ලබා දුන්නොත් ඒ ප්‍රදේශ සංවර්ධනය කරලා කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කළා. තවදුරටත් ඒ කොට්ඨාස අයිතිකාරයෝ එක්ක හැප්පෙනවට වඩා නිතරඟයෙන් ගිහිල්ලා වැඩකරලා නායකත්වය දීමේ හැකියාව ඇතැයි කියලා මම විශ්වාස කළා. හැබැයි ඒකේ අනික්පැත්ත තමයි සිද්ධ වුනේ. මම හිතුවට වඩා බලපෑමක්, ඒ මොරටුව ප්‍රදේශයේ වැඩකරගෙන යන්න බැරි තත්වයක්ම අද නිර්මාණය වෙලා තියෙනවා ජනාධිපතිතුමා ඒක ලබාදුන්නත්.”
එදා තිබූ බත්පැකැට් එකට අරක්කු බෝතලේට තිබුණු ජනතාවගේ දේශපාලන ශාක්ෂරතාවය වර්තමානය වනවිට වෙනස් වී ඇතියිද ඔහු වැඩිදුරටත් පවසයි.
Lanka truth

ජනවාරියේ උද්ධමනය කප් ගහයි !
මෙරට උද්ධමනය ජනවාරි මාසය තුළ යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත තහවුරු කරයි.
ඒ අනුව ජනවාරි මාසයේ උද්ධමනය සියයට 14.2 කි.
ජනවාරි මාසයේ වාර්තා වූ උද්ධමනය සැලකෙන්නේ මෙරට ඉතිහාසයේ වැඩිම උද්ධමනය ලෙසයි. මීට පෙර මෙරට ඉතිහාසයේ වැඩිම උද්ධමනයක් වාර්තා වී තිබුණේ 2009 ජනවාරි මාසයේ වන අතර එය සියයට 10.4 ක් ලෙස සටහන්ව ඇත.
කෙසේ වුවත් 2021 දෙසැම්බර් මාසයේ උද්ධමනය සටහන් වූයේ සියයට 12.1 ක් ලෙසය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත සඳහන් කරන ආකාරයට ඉකුත් ජනවාරි මාසය තුළ ආහාර කාණ්ඩයේ සහ ආහාර නොවන කාණ්ඩයේ ද උද්ධමනය ඉහළ ගොස් ඇත. දෙසැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 22.1 ක් වූ අතර ජනවාරි මාසයේ දී එය සියයට 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සියයට 7.5ක්ව පැවති දෙසැම්බර් මාසයේ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේදී ඉහළ ගොස් ඇත්තේ සියයට 9.2 දක්වායි. ජනවාරි මාසය තුළ සහල්, පළතුරු, කිරිපිටි සහ පාන් මිල ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට හේතුව බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

ලිත් නඩුවෙන් බැසිල් නිදහස් : පැමිණිල්ලේ සාක්ෂි විත්තියේ වාසියට !
ලිත් නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස්කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (01) තීන්දු කළේය.
ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වාසිවන අන්දමට ඔහුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමෙන් රජයට පාඩු සිදු කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කිත්සිරි රණවක ට එරෙහි නඩුවෙන් විත්තිකරුවගේ වාචික නොකැඳවාම ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියෝග කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, එම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි පැමිණිල්ලේ චෝදනා ඔප්පු කිරීමට නොව ඒවා බැහැර කිරීමට හේතුවී ඇති බවය.
එම නඩුවේ චෝදනා එල්ල වන ලිත් මුද්‍රණය කිරීම හා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් පටිපාටියකට අනුව සිදුවී ඇති බව සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බවත් ඒ සඳහා දැරූ වියදම් විසර්ජන පනතේ ප්‍රතිපාදනවලට අනුව භාණ්ඩාගාර අනුමැතියට යටත්ව සිදුකර ඇති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
විත්තකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුකොට නොමැති බව විත්තිකරුවන් නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
පසගිය අවස්ථාවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් බව දැනුම් දිමෙන් අනතුරුව විත්තියේ වාචික කැඳවනවාද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීම සඳහා නඩුව කැඳවනු ලැබී අවස්ථාවේ විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

මගී විරෝධය නිසා : නාලක නැග්ගට වඩා වේගයෙන් බසයෙන් බැස්සා ! (වීඩියෝ )
මාධ්‍ය කණ්ඩායමක් සමග අද (පෙබරවාරි 01) බස් රථයකට ගොඩවූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා හට මගීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.
එහිදී ජනතාව අමාත්‍යවරයාගේ මුහුණටම සිය විරෝධය පළ කිරීම පහත වීඩියෝවේ දැක්වෙයි.
මේ හේතුවෙන් අමාත්‍යවරයා වහාම බසයෙන් බැසීමට කටයුතු කර තිබිණ.

මාස 6 කට පෞද්ගලික අංශයෙන් විදුලිය ගන්න ටෙන්ඩරයක් !
විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් මාස හයකට විදුලිය මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට රජය තීරණය කර ඇත.
ඒ සදහා ඊයේ (31) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.
ටෙන්ඩර් කැඳවීමේදී මහා පරිමාණ හා සුළු පරිමාණ විදුලි සැපයුම් කරුවන්ගෙන් මිල ගනන් කැඳවන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ ට උපදෙස් දී ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

උසස් පෙළ ශාලාධිපතිවරුන්ට විභාග කොමසාරිස්ගෙන් නියෝගයක්
මෙවර අපොස උසස් පෙළ විභාගයේ රාජකාරී හි නිරත සියලු ශාලාධිපතිවරු ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මගින් වේලාව සකස් කරගත යුතු බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා නිත්‍ය නියෝගයක් පනවා තිබේ.
අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා,
"පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී චෝදනාවක් ආවා විභාග දෙපාර්තමේන්තුවට. මධ්‍යස්ථාන තුන හතරක එක්කෝ උත්තර පත්තරය වේලාසනින් එකතු කරලා. නැත්නම් ප්‍රමාද වෙලා දුන්නා කියලා. ඒ නිසා අපි මෙවර නිත්‍ය නියෝගයක් පනවල තියෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා හැටියට සියලුම ශාලාධිපතිවරුන්ට.තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රෝනික ඔරලෝසුවකින් සකස් කරගන්න ඕන. ඒ වගේම වේලාව ප්‍රදර්ශනය කරන්න ඕන. තමන්ගේ අත් ඔරලෝසුවේ වෙලාවට සියලුම නිරීක්ෂකයන්ගේ, සහකාර ශාලාධිපතිවරයාගේ වේලාව සකස් කරන්න ඕනේ. එකම වෙලාවයි ශාලාවේ තියෙන්නේ. දූලා පුතාලගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පංති කාමරය භාර ගුරුතුමියගෙන් හෝ ගුරුතුමාගෙන් ඔරලෝසුවේ වෙලාව දැනගන්න. ඒ වෙලාවට තමන්ගේ වෙලාවත් හදාගන්න."

අද දිනයේ මරණ 21යි : කොරෝනා මරණ 15,441ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (30) තහවුරු කර ඇති බවය.
ඒ අතර අවුරුදු 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකු ද සිටී.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,441කි.

අලුත් පනතෙන් බැසිල් ගහන්න යන ගේම : පෙරටුගාමීන් හෙළිකරයි !
ගැසට් කර තිබෙන විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ජනතා බදු මුදල් අවභාවිතා කිරීමට අවකාශ සලසන්නක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා අත ඒකාධිකාර බලයක් සංකේන්ද්‍රණය කර ගන්නා නීතියක් බවටද ඔහු එය විවේචනයට ලක් කරයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙසේ අදහස් දක්වා සිටියේ අද (ජනවාරි 31) පැවැත්වූ මාධ්‍ය හමුවක් අවස්ථාවේදීය.
එහිදී ඔහු දැක්වූ වැඩිදුර අදාළ පහත වීඩියෝවේ දැක්වෙයි.

සීයට තුනට බිත්තර ගහන : 2.50 වැඩේ මම නෑ - ප්‍රසන්න
අනෙකුත් දේශපාලකයින්ට බිත්තර ගැසීම වැනි දෙකයි පනහේ වැඩ කිරිමට තමන් සම්බන්ධ නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.
ඊයේ (30) ගම්පහ දි ජාතික ජන බලවේගයේ රැස්වීමකට බිත්තර ප්‍රහාරයක් එල්ල විමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගමන් කළ වාහනයට ගම්පහ දි බිත්තරවලින් පහරදීමේ සිද්ධියට ප්‍රසන්න රණතුංග මහතා සම්බන්ධ බවට පැතිර යන චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කලේ සියයට තුනක් වැනි ඡන්ද ප්‍රතිශතයක් හිමි ජනතා විමුක්ති පෙරමුණට බිත්තර ගසා නැති ප්‍රසිද්ධියක් හෝ ජනතා ප්‍රසාදයක් අත් කර දීමට තරම් තමා ප්‍රාථමික දේශපාලනඥයෙකු නොවන බවයි.
සිය කීර්ති නාමයට හානිකර අන්දමේ ප්‍රචාරණයක් ගෙන දුන් අදාල සිදුවිම සම්බන්ධයෙන් අපක්ෂපාතී විදිමත් පරික්ෂණයක් සිදුකර, සිද්ධියට සම්බන්ධ වූවන් අත් අඩංගුවට ගෙන ඔවුන් මෙහෙයවූයේ කවුදැයි රට හමුවේ හෙළිකළ යුතුව ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

බිත්තර ප්‍රහාරය ගැන : විජිතගෙන් අනාවරණයක් !
බියගුලු ප්‍රහාරවලින් ජාතික ජන බලවේගයේ ගමන නතර කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක ලේකම්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභා නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (30) පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අවස්ථාවේ මැර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ පිරිසක් ජනතාව විසින් අල්ලා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීම සඳහා බත්තරමුල්ල පැලවත්ත හි පැවති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (31) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්…,
“ආණ්ඩුව ජනතාවගේ ජීවත්වීමේ ඇත්ත ප්‍රශ්න විසඳීමට අසමත් වී තිබෙනවා. බඩු මිල ඉහළ යාම, ණය බර, ගෑස් හිඟය, කිරිපිටි හිඟය, ගොවියා අසරණ වීම, පොහොර නොමැතිවීම ආදී ගැටලු ගණනාවකින් ජනතාව පීඩා විඳිනවා. මේ කිසිවක් විසඳීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ පාලනය පහුගිය වසර දෙකක කාලය පුරාවටම පෙන්නුම් කර තිබෙන්නේ, තමන්ගේ අසාර්ථකත්වයයි. මේ තත්වය තුළ ජනතාවගෙන් නැගෙන විරෝධය යටපත් කරන්න විවිධ මර්දනකාරී ක්‍රියාමාර්ග ගන්න උත්සාහ කරනවා. මේ අතර රටේ අතිශය බහුතර ජනතාවක් ආණ්ඩුවට එරෙහිව ගම්දනව් සිසාරා පෙළගැහෙමින් තිබෙනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පවා ආණ්ඩුවට එරෙහිව ඒ ඒ රටවල්වල සංවිධාන ගොඩනගමින් පෙළගැසෙමින් සිටිනවා. ආණ්ඩුවට විරෝධය දැක්වීම පමණක් නොව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම පිළිබඳ කතිකාවද සමාජය තුළ ඇති වී තිබෙනවා. වසර 74ක් පුරා එජාප, ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩු ජනතාවට දැන් පිළිකුල් වී තිබෙනවා. එනිසා ජනතාව තුළත් මේ පක්‍ෂ දෙක පරාජය කරලා නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න වුවමනාවක් ඇතිවී තිබෙනවා. ඒ ජනතා විශ්වාසය මත ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් ජනතාව අතර ඉතා වේගයෙන් ශක්තිමත් වෙමින් තිබෙනවා. අපි ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා පවත්වමින් ග්‍රාමීය නායකත්වයත් දිස්ත්‍රික් සමුළු පවත්වමින් දිස්ත්‍රික් නායකත්වයත් ගොඩනගමින් යනවා. ජනතාව අප වටා වේගයෙන් පෙළගැසෙමින් ඉන්නවා. තම පක්‍ෂවල සිටි පාක්‍ෂිකයන් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන බව බංකොළොත් පක්‍ෂවල නායකයන් දකිනවා. එයින් ඔවුන් වියරු වැටී ඇති බව අපට පෙනෙනවා. ඊයේ ගම්පහදී ඇතිවූ සිදුවීමෙන් පෙනෙන්නේ එම තත්වයයි.
ඊයේ (30) කලගෙඩිහේන පෞද්ගලික හෝටල් පරිශ්‍රයකදී ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පවත්වනු ලැබුවා. සමුළුව පැවැත්වීමට විනාඩි කිහිපයකට කලින් ශාලා භූමියට ඇතුළුවන ගේට්ටුව අසළදී මැර කණ්ඩායමක් විසින් ඉතාම නිර්ලජ්ජිත ප්‍රහාරයක් දියත් කළා. ඒ වනවිට අනුර දිසානායක සහෝදරයා ඇතුළු සියලු ආරාධිතයන් ශාලාවට ඇතුල්වී අවසන් වී තිබුණා. මෙම මැර පිරිස ගේට්ටුව අසළ කලබලකාරී තත්වයක් ඇතිකර ශාලාව දෙසට බිත්තරවලින් දමා ගසා තිබෙනවා.
මෙම පිරිස මෙහෙයවූ අයගේ උත්සාහය වී තිබෙන්නේ මෙය සාමාන්‍ය ජනතාවගෙන් එල්ල වූ ප්‍රහාරයක් ලෙස පෙන්වා දීමයි. පසුගිය දිනවල පිටකොටුවේදීත් මෙවැනිම සිදුවීමක් අපි දැක්කා. තෙල් ටැංකි විකිණීමට එරෙහි ගිවිසුමට එරෙහිව අප විසින් පවත්වන ලද විරෝධතා පා ගමනේදී සංවිධානාත්මක කිහිප දෙනෙක් පැමිණ මේ ආකාරයේ සිදුවීමක් ඇතිකර තිබුණා. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසගෙන් දෙදෙනෙක් එතැන සිටි අය විසින් අල්ලා අප වෙත බාර දී තිබුණා. ඉන්පසු ඔවුන් දෙදෙනා පොලීසියට බාරදී තිබුණා. ඔවුන් කිරීමට උත්සාහ කළ දේ ඡායාරූප සහ වීඩියෝ ගත වී තිබෙනවා. මේ සිද්ධියේදී අල්ලා ගන්නා ලද දෙදෙනා ඔවුන් ත්‍රීරෝද රථ, වෑන් රථවලින් එහි පැමිණි බව ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙක් මහගෙදර විජය ආරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න. මෙතන බරපතල ගැටලුව වන්නේ ඔහු තමන්ගේ නම වෙනස් කළ අයෙක් වීමයි. ඔහු 2010 නොවැම්බර් 30වැනිදා තමන්ගේ නම වෙනස් කර තිබෙනවා. ඔහුගේ කලින් නම ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර. ඔහු නම වෙනස් කර ඇත්තේ මෙවැනි ආකාරයේ අපරාධවලට සම්බන්ධ වී සිටීම නිසා යැයි අපට සැක කළ හැකියි. අනෙක් පුද්ගලයා ආනන්ද බණ්ඩාර. ඔහු මන්චි ආයතනයේ සේවය කරන ගමන් පෞද්ගලික ආරක්‍ෂක ආයතනයක සේවය කරනවා. මොවුන් දෙදෙනාම පෞද්ගලික ආරක්‍ෂක සේවයකට සම්බන්ධ වන බව ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. ඔවුන් ඇවන්ගාඩ් ආරක්‍ෂක සේවයේ නිලඇඳුම් ඇඳගෙන සිටීමෙන් මේ බව තහවුරු වෙනවා. මෙම ප්‍රහාරය මෙහෙයවන ලද්දේ ඇවන්ගාඩ් ආයතනයෙන් බව මෙම ඡායාරූපය සනාත කරනවා. එසේම ඔවුන් සිදුකරන ප්‍රකාශවලදී මේ බව පිළිගෙන තිබෙනවා. තමන් හමුදාවේ විශ්‍රාමිකයින් බවත් ඔවුන් පිළිගන්නවා.
මෙම ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කරන්නේ ඇවන්ගාඩ් වුවමනාව මතයි. පිටකොටුවේ බිත්තර ගැසීමේ සිදුවීම පිටුපසත් සිටින්නේ ඔවුනුයි. මෙම කණ්ඩායමේ අසිත, අබේරත්න, අනිල් නිශ්සංක, සංජීව පෙරේරා, ගෝමස්, රණවීර, ප්‍රීති කුමාර, රාජකරුණා, නිරෝෂන්, රූපසිංහ, අධිකාරි, කාරියවසම්, ජයසිංහ යන අය පිටකොටුව ප්‍රහාරයට පැමිණ තිබෙනවා. කලගෙඩිහේන ප්‍රහාරයට අසිත, අබේරත්න, අනිල් නිශාන්ත, බණ්ඩාර, වසන්ත, මුණසිංහ, සම්පත්, එම්.ආර්., රූපසිංහ, ගෝමස්, අධිකාරී, ප්‍රීති කුමාර, නිරෝෂන්, චමින්ද යන අය පැමිණ තිබෙනවා. මෙම කණ්ඩායම් දෙකම මෙහෙයවා ඇත්තේ ඇවන්ගාඩ් ආයතනය විසින් බව ඉතාම පැහැදිලියි. ඇවන්ගාඩ් අධිපති නිශ්සංක සේනාධිපතියි. ඔහු ගෝටාබය ජනාධිපතිවරයාගේ සමීපතම මිත්‍රයෙක්. ඔහු නිතර ජනාධිපතිවරයා මුණගැසෙනවා. මෙම ප්‍රහාරයන් දෙකම දේශපාලන වුවමනා මත මෙහෙයවූ බව පැහැදිලි වෙනවා. ඇවන්ගාඩ් ආයතනයේ සේවය කරන අය කුලී ගෙවමින් මෙයට යෙදවූ බව හසුව දෙදෙනා විසින් කරන ලද ප්‍රකාශවලින්ම හෙළිවෙනවා. මෙම කොන්ත්‍රාත්තුවට රුපියල් 5000ක් ගෙවූ බව ඔවුන් කියනවා. ඔවුන් මෙතනට හේතුවක් නැතුව ආවේ නැහැ.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට අපි අවධාරණය කරන්නේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව අප සමග ගැටෙන්නට එන ලෙසයි. මේ රට ගොඩනැගීම පිළිබඳව ඕනෑම ප්‍රතිපත්තිමය සංවාදයකට අපි සූදානම්. එසේ නැතුව මෙවැනි ආකාරයේ පහත් නින්දිත ක්‍රියාමාර්ගවලින් අප සමග හැප්පෙන්නට නොඑන ලෙස අවධාරණය කරනවා. මේ රටේ ජනතාව මෙවැනි ක්‍රියා කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ගෝඨාභය මහත්තයෝ තමන්ගේ යාළුවාගේ නීතිවිරෝධී කණ්ඩායම් යොදවලා ජාතික ජන බලවේගයේ අපේ ගමන නවත්වන්න බැහැ. ඊට වඩා දේවල්වලින් අපිව නවත්වන්න හදපු අය හිටියා. ඒ කිසිවකින් අපි සැලුණේ නැහැ. ජාතික ජන බලවේගය මේ රටේ ජනතාවගේ ආශිර්වාදයෙන් ගොඩනැගෙන ව්‍යාපාරයක්. එය මෙවැනි නින්දිත ප්‍රහාරවලින් නවත්වන්න බැහැ. මෙවැනි සිදුවීම්වලින් වෙන්නේ ආණ්ඩුව ජනතාව අතර තව තවත් අප්‍රසාදයට ලක්වීම පමණයි.
මෙය සැලසුම්සහගත සිදුවීමක්. ක්‍රියාත්මක කර තිබෙන්නේ එකම තැනකින්. ඒ පිළිබඳව සාක්ෂි අපි පොලීසියට ලබා දී තිබෙනවා. නිට්ටඹුව පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කොට තිබෙනවා. ඔවුන් අල්ලා ගැනීමට යාමේදී මහර අපේ සෙනරත් නම් සහෝදරයෙකුටත් තුවාල සිදුවී තිබෙනවා. මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කළ යුතු වෙනවා. අපි මේ රටේ දේශපාලන පක්ෂයක් විදිහට ජනතාවගේ ආශිර්වාදය මැදින් මේ ගමන යමින් සිටිනවා. මෙවැනි නින්දිත සිදුවීම්වලින් අපි, අපේ සාමාජිකයන්, අපේ ආධාරකරුවන් තව තවත් ධෛර්යමත් වෙනවා. ගෝඨාභය මහත්මයාට දේශපාලනය බින්දුවක් හරි තේරෙනවානම් මෙවැනි පහත් නීච ක්‍රියාවලින් සිදුවන දෙය තේරුම් ගත යුතුයි. මෙවැනි නින්දිත ක්‍රියා නතර කරන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. ජාතික ජන බලවේගය ලෙස අපි ඉදිරියට යද්දී අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාට හෝ අපගේ ඕනෑම සහෝදරයෙකුගේ ජීවිතයට යම් අනතුරක් ඇති කළොත් ඊට වගකිව යුත්තේ මොවුන් බව මෙම සිදුවීම්වලින් ඉතාම පැහැදිලියි. මේ අවදානමත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.
මෙම සිදුවීමට සම්බන්ධ සියලු වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි බල කර සිටිනවා. නිස්සංක සේනාධිපති යටතේ සිටින මෙවැනි අය නීච වැඩවල නිරතවනවානම් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. එසේ නැතුව මේ පොඩි මිනිසුන්ගේ සාක්ෂි වෙනස් කර ගැලවෙන්නට හදන්න එපා. මෙය කාගේ වුවමනාවට සිදුවු දෙයක්ද යන්න මුළු ලෝකයම දන්නවා. එක් පුද්ගලයෙක් ප්‍රසන්න රණතුංගගෙන් ඕනෑ දෙයක් කර ගත හැකි යැයි තමන්ට කී බව කියනවා. මේ සිද්ධිය පිටුපස දේශපාලනය ඉතාම පැහැදිලියි. දැන් වගකීම ඇත්තේ ජනාධිපතිවරයා අතයි. මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් ඉල්ලනවා. ආණ්ඩුව එසේ නොකරන්නේනම් මේ ආණ්ඩුව පලවා හැර එසේ කිරීමේ වගකීම ජනතාව බාරගනීවි.”

නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව නවතී !
විදුලිය විසන්ධි කිරීමක් නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (31) මාධ්‍ය වෙත පවසා ඇත.
වාර්තා වන ආකාරයට විදුලිය විසන්ධි කරනවාද නැද්ද යන තීරණය ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අද පස්වරුවේ රැස්ව තිබේ.
එහිදී තීරණය කර ඇත්තේ විදුලිය විසන්ධි නොකිරීමටය.

බන්දුලට කතරගමදී බැනුම් !
කතරගම සතොස වෙළඳසැලට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට එහි සිටි පාරිභෝගික කාන්තාවන් ඉතා තදින් බැණ වැදී ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි කාන්තාවක විසින් මේ ආකාරයට අමාත්‍යවරයා ට බැන වැදී ඇත්තේ ‘එනවා මෙතන හාල් තියෙනවද බලන්න. මිනිස්සුන්ට කන්නත් නැහැ’ කියමිනි.
අදාළ කාන්තාව හමුවේ අපහසුතාවට පත්වූ අමාත්‍යවරයා "මේ ටික හරි දෙන එක ගැන සතුටු වෙන්න" කියා ප්‍රතිචාර දක්වා ඇති බවත් වාර්තා වෙයි.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනයට පංචවිධ වැඩසටහනක් !
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනය හා සාර්ථකත්වය අරමුණු කොට ගෙන ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පංචවිධ වැඩසටහනක් සකස් කොට ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි.
ජනමාධ්‍ය උදෙසා ඇසිදිසි රක්ෂණය, වරලත් මාධ්‍යවේදී ආයතනය ස්ථාපනය, මාධ්‍යවේදීන් ඇගයීමේ ජනාධිපති සම්මාන උළෙල, රූපවාහිනී විකාශය ඩිජිටල්කරණය සහ ජනමාධ්‍ය හැඳුනුම්පතේ වළංගු කාලය වසර තුනකට දීර්ඝ කිරීම ඊට අයත් බවත් එහි සඳහන් ය.
අදාළ නිවේදනය වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
2021 වසර අවසානයේ සැලසුම් කළ වැඩසටහන 2022 වසර තුළ ක්‍රියාත්මක කරනු ලැබේ.
අද (30) පෙරවරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මාතර දිස්ත්‍රික් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීහු උදෙසා පැවති වැඩමුළුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම තොරතුරු සඳහන් කළේය. “සංවර්ධනය සන්නිවේදනය: නගරයෙන් ගමට ගමෙන් නගරයට” මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වැඩමුළුව සංවිධානය කර තිබිණ. ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීහු 100 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ.
ජනමාධ්‍යවේදීන්ට ප්‍රදානය කෙරෙන ඇසිදිසි රක්ෂණ ක්‍රමය පංචවිධ වැඩසටහනේ ප්‍රමුඛතාවය ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. රක්ෂණ ප්‍රතිලාභියාගේ හෝ ඔහු සේවය කරන ආයතනයේ දායකත්වයක් නොලබා රක්ෂණ ප්‍රතිලාභ ලබා දෙන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එකම රක්ෂණ ක්‍රමය ලෙස මෙම රක්ෂණය හඳුන්වා දිය හැක.
ආසියානු රටක ක්‍රියාත්මකවන පළමු වරලත් මාධ්‍යවේදී ආයනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ජනමාධ්‍යවේදීන්ට වෘත්තීයමය පිළිගැනීමක් ලබාදීමේ අරමුණින් මෙම ආයතනය ස්ථාපිත කෙරේ. අගෝස්තු මාසයේදී ආයතනයේ වැඩ ආරම්භ කිරීමට නියමිතයි.
තවද ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය කුසලතා ඇගයීමට ලක් කිරීමේ අරමුණින් ජනමාධ්‍යවේදීන් සදහා ජනාධිපති සම්මාන උළෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබි ඇත. ඉදිරියේදී මාධ්‍ය අංශ හා මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තීය සංවිධාන ඒකාබද්ධව මෙම සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය.
ජපාන රජයේ අධාර ඇතිව දැනටමත් ආරම්භ කර තිබෙන රූපවාහිනී අවකාශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය වසර 2023 මැදභාගය වනවිට බස්නාහිර පලාතේද, 2025 වනවිට මුලු දිවයිනම ආවරණය වන
පරිදි ද ක්‍රියාත්මක කෙරෙනු ඇත. මෙමගින් සියළුම රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට රූපවාහිනී දසුන් සුපැහැදිළිව නැරඹීමේ අවකාශය සැලසේ. නෙළුම් කුළුන සහ දිවයින පුරා පිහිටවනු ලබන තවත් කුළුනු 16 ක් මේ සඳහා උපයෝගී කර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව මගින් ජනමාධ්‍යවේදීන් සඳහා මෙතෙක් වසරක කාල සීමාවකට නිකුත් කළ ජනමාධ්‍ය හැදුනුම්පත මින් ඉදිරියට වසර 3 ක කාලසීමාවක වලංගුවන පරිදි නිකුත් කෙරේ. ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සඳහා නිකුත් කෙරෙන මාධ්‍ය හැඳුනුම්පත් දිස්ත්‍රික් මාධ්‍ය ඒකක මගින් නිකුත් කිරීමටද සැලසුම් කර තිබේ.
දිවයින පුරා අ.පො.ස.(උ.පෙ.) විෂයධාරාව උගන්වන පාසල් 3042 ක ජනමාධ්‍ය කව පිහිටවීම දැනටමත් ආරම්භ කර තිබේ. මේ සඳහා මාධ්‍ය ආයතන ද සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන අතර ජනමාධ්‍ය අමාත්‍යාශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව ඒකාබද්ධව පාසල් දරුවන්ට විවිධ පුහුණු වැඩමුළු සහ අභ්‍යාස පැවැත්වීමට ද අපේක්ෂිතයි.
විශේෂයෙන් විවිධ රටවල ජනමාධ්‍යවේදීන් සමග සම්බන්ධවෙමින් අපේ රටේ ජනමාධ්‍යවේදීන්ට අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාව ලබාදීම කෙරෙහිද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධානය යොමු වී ඇත. මේ පිළිබඳ තානාපතිවරු සමග සාකච්ඡා ආරම්භ කර ඇති අතර ජපාන තානාපතිවරයා දැනටමත් එවැනි අවස්ථාවක් ලබාදීමට එකඟතාවය පල කර ඇත..
ජනමාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර මාධ්‍ය භාවිතය පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලබා දෙමින් ඔවුන්ගේ වෘත්තීය කටයුතු සාර්ථක කර ගැනීමට අවකාශ සලසා දීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.
මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ආය රණසිංහ ප්‍රේමදාස නම කියන්න එපා : ෆොන්සේකා සජිත්‍ට කියලා !
මින්පසු රණසිංහ ප්‍රේමදාස යන නමවත් කියන්නට එපා යැයි තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූ බව සමගි ජන බලවේගයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ජනහමුවක් අමතමින් වන අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.
“අපි ආණ්ඩු ගත්තා කියලා මේ රට දියුණු වෙන්නේ නෑ. අනිත් පැත්තෙත් ආර්ථික විශේෂඥයෝ ඉන්නවානේ. අපෙත් ඉන්නවා ඉතා විශිෂ්ට කට්ටිය. එතකොට දෙපැත්තේම ඉඳළත් මේ රට හැදෙන්නේ නෑ. හැදෙන්නේ නැත්තේ ඇයි ?. දූෂණය සහ අවභාවිතාව. වගකීමක් නෑ.
ඒ හින්දා මොන ආර්ථික විශේෂඥයා ආවත් ඒ ගොල්ලෝ බැලනස් කරලා අරම මෙහෙම කියයි.
රටේ නිෂ්පාදනය නැතිනම් එක පැත්තකින් රට උඩ යන්නේ නෑ. අනිත් පැත්තෙන් දූෂණය. අපේ පක්ෂය වෙනස් වෙන්න ඕනේ නම් අපි මේවා තේරුම් අරගෙන මේ ලයින් එකේ වැඩ කරන්න ඕනේ. නායකතුමා මෙතන හිටියා නම්.. මේ පණිවුඩය මෙහෙම්ම ම කියනවා මං.
එතුමට මම බදුල්ලේ දී කිව්වා.. ඔබතුමා මීට පස්සේ රණසිංහ ප්‍රේමදාස කියන නමවත් කියන්න එපා කියලා. මොකද ඒවාගෙන් දැන් අපිට වැඩක් නෑ. අපි අනිවාර්යයෙන්ම අපේ ගමනක් හදාගන්න ඕනේ. අපේ නායකයෝ හැදෙන්න ඕනේ.”

පාකිස්ථානයෙනුත් ඇ.ඩො.මිලියන 200ක ණයක්!
සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනය සඳහා පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා ගැනීමට සුදානම් වන බව වාර්තා වේ.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ පකිස්ථාන සංචාරය අතරතුර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ .
අදාළ භාණ්ඩ ආනයනය කිරීම් වෙළද අමාත්‍යංශ හරහා සිදුකිරීමට නියමිත බවත් ඊට අදාළ ගිවිසුම් කෙටුම්පත නුදුරේදීම මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් තොරතුරු අනාවරණය වේ.=
පකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම යටතේ අමෙරිකා ඩොලර් මිලියන 500 ක ද්‍රව්‍ය අපනයනය කිරීමේ හැකියාව ද පකිස්ථානය සතුය.

අද දිනයේ මරණ 20යි : කොරෝනා මරණ 15,420ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (29) තහවුරු කර ඇති බවය.
ඒ අතර අවුරුදු 30ට අඩු පුද්ගලයින් 3 දෙනෙකු ද වාර්තා වී ඇති අතර ඊට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අයත්ය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,420කි.

විදුලි බල මණ්ඩලේ IOC වෙතින් තෙල් ගන්න යයි !
පවතින විදුලි අර්බුදය හේතුවෙන් අවශ්‍ය ඉන්ධන හිඟය පියවා ගැනීම සඳහා ඉන්දියන් ඔයිල් සමාගමෙන් (IOC) සෘජුවම ඉන්ධන මිලදී ගැනීමට විදුලි බල මණ්ඩලය සූදානම් වන බව වාර්තා වෙයි.
විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පවසන්නේ හෙට (31) සහ අනිද්දා (01) දිනවලදී ඉන්දියන් ඔයිල් සමාගම හරහා විදුලිබල මණ්ඩලයට සෘජුවම තෙල් මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි.
ඔහු ප්‍රකාශ කරන්නේ ඉදිරි සතිය සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් හෙට (31) දිනයේදී තීරණයක් ගත යුතුව ඇති බවය.
පෞද්ගලික බලාගාර තුළින් කෙටි කාලීනව විදුලිය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ඇමති ගාමිණී ලොකුගේ පවසයි.
“දැනට අපිට තෙල් සැපයීම කෙරෙනවා. සඳුදා ඉදලා බලන්න ඕනේ ඊළඟ සතියේ තෙල් ටික ගන්නේ කොහොමද කියලා. IOC එකත් එක්ක සාකච්ඡා කළා. විදුලිය විසන්ධි කිරීමකින් තොරව පවත්වාගෙන යන්න තමයි අපි කටයුතු කරන්නේ. ඒක තමා ජනාධිපතිතුමා අපිට කියලා තියෙන්නේ. විදුලිබල මණ්ඩලය ඒ වෙනුවෙන් කටයුතු කරන්න. තෙල් සංස්ථාවත් ඒ අනුව කටයුතු කරන්න. ඊට අමතරව අපිට තෙල් සංස්ථාව අවසර දීලා තියෙනවා සෘජුවම තෙල් ගෙන්න. ඒ ගැනත් අපි සාකච්ඡා කරනවා. මං හිතන්නේ ඉන්දියන් ඔයිල් සමාගමෙන් අපිට තෙල් ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ ගැන මුදල් අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරගෙන යනවා.”

බැසිල්ගේ IMF ගමනට රනිල්ගෙන් තල්ලුවක් !
පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා IMF වෙත යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දරන උත්සාහයට කිසිඳු අකාරයකින් බාධා නොකළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය , රනිල් වික්‍රමසිංහ පවසා ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඔහු මේ බව පවසා ඇත්තේ, පුත්තලම තම්බපන්නි වෙරල අසල පිහිටි 'බෙතලි (Bethany) නිවස්නයේ ඊයේ (29) පැවැති 'බෙතනි කතිකාව' ට එක්වෙමිනි.
මෙම 'බෙතනි කතිකාව' සඳහා සමාජ නිර්මාණවේදීන් රැසක් එක්ව සිටි බව වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත්පත සමග මුදල් අමාත්‍ය බැසිල් රාපපක්ෂ සිදුකර ඇති සම්මුඛ සාකච්ඡාවේදී
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට ද රජය අදහස් කරන බව සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.
ලංකාව මුහුණදී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩඒම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව ජාතික ප්‍රතිපත්ති රාමුවක් ගොඩනැගීමේ අවශ්‍යතාවය හිටපු අගමැතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.
රට මෙවැනි ආර්ථික අර්බුදයකට ගිය අවස්ථා තුනකදී, එනම් 1989, 2001 හා 2015 දී තමා IMF සමග සාකච්ජා කොට රටට කිසිඳු ආකාරයෙන් අවාසිදායක නොවන කොන්දේසි යටතේ ආධාර උපකාර ලබාගත් ආකාරය පෙන්වාදී ඇති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා, යලි රට ගොඩනැගීම සඳහා දිර්ඝකාලින විසඳුමක අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.
Page 246 of 336