Image

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම් වාර්ෂික මහා සභාව කල් දැමේ!

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම් වාර්ෂික මහා සභාව කල් දැමේ!

මේමස 24 වැනි සෙනසුරාදා එනම් හෙට දින පෙ.ව.9.00 පැවැත්විමට සුදානම් කොට තිබු තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලියේ ආදිශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහා සභාව නොවැළැක්විය  හැකි හේතුවක් නිසා කල් දමා තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන GIT විභාගය එදින මුළු ලංකාව පුරා පැවැත්වේ.

තෝලංගමුව විදුහලද විභාග මධ්‍යස්ථානයක් ලෙස කටයතු කරයි. එබැවින් මෙසේ ආදි සංගමයේ මහා සභාව කල් දැමීමට සිදුවූ බව විදුහල්පති උදාර කරුණාතිලක කණගාටුවෙන් යුතුව දැනුම් දෙයි.

කල්දැමුණු වාර්ෂික ආදිශිෂ්‍ය සංගමය ලබන නොවැම්බර් මස 08 වැනි ඉරිදා පෙ.ව. 9.00 ට විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

මෙම වසරේ විද්‍යාලයේ  අධ්‍යාපන, විෂය සමගාමී සහ බාහිර ක්‍රියාකාරකම්වලින් සිසු දරු දැරියන් සහ පාසල ලැබූ  ජයග්‍රහණ සහ ලබන වසරේ විද්‍යාලය අත්පත් කරගත යුතු ජයග්‍රහණ පිළිබඳව පූර්ව සැලසුම් සකස් කිරීම ඇතුළු නව යෝජනා මෙහිදී සාකච්ඡා කරන බව ද  එම නිසා ඊට ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගිත්වය  ගෞරවයෙන් අපේක්ෂා කරන බවද විදුහල්පතිවරයා පැවසීය.

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න