නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරයි

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරයි

මිළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන ගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රීති පද්මන් සූරසේන ගේ නම පසුගියදා ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කර තිබිණ.

ඒ අනුව අද රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී ඊට අනුමැතිය හිමිවී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයෙකු වන ප්‍රීති පද්මන් සූරසේන මීට පෙර අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙසද සේවය කළේය.

ඉහළ පෙළේ නඩු කිහිපයක මුලසුන හොබවා ඇති ඔහු ධුරයේ රාජකාරී සිදුකිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවේ සභාපති ධුරයෙද කටයුතු කළේය.

මේ අතර වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මෙම මස 27 වනදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න