පුවත්
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්
දේශීය ආදායම් සංශෝදන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ, වරලත් ගණකාධිවරයෙකු වන ප්‍රසාද් දසනායක විසිනි.
කෙටුම්පතේ අඩංගු සමහර වගන්ති මගින් ව්‍යාපාර ක්ෂේත්‍රයට විශේෂයෙන්ම ආනයන අපනයන ක්ෂේත්‍රයට විශාල හානියක් , එනම් අධික බදු බරක් පැටවීම මගින් එම ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව ඔහු පෙත්සමෙන් පෙන්වාදී තිබේ.
පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එහි වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙසයි.
පසුගිය 21 වැනිදා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මීට පෙර ද පාර්ශව තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් 03 ක් ගොනු කළේ ය.
හකීම් unp මොරාල් හදලා : සජිත් අවුල් වෙලා !
සජිත්ලා රනිල් පන්නන්න ගේම් ප්ලෑන් කරද්දී, ඔන්න සජීත් එක්කම ඉන්න රවුෆ් හකීම්, UNP කාරයින්ගේ මොරාල් අප් කරන කතාවක් කරලා.
''එන ඡන්දෙදි පොහොට්ටු 40ක් රනිල් එක්ක'' කියල මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මන්ත්‍රීතුමා කියලා තියෙන්නේ , පෙරේදා (25දා) මහනුවර බද්උද්දීන් මහමුද් බාලිකා විදුහලේ තිබිච්ච උත්සවේකට පස්සේ මාධ්‍යවේදීන් එක්ක.
ඉදිරි මැතිවරණයකදී, පොදුජන එක්සත් පෙරමුණේ විශාල කණ්ඩායමක්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වේ යටතේ, එකට එකතුවෙලා තරග කරන්නයි යන්නේ කියල, මුස්ලිම් කොන්ග්‍රස් නායකයා කියනවා..
'' මේ වන විට මේ රටේ පවතින දේශපාලන ක්‍රමයට අනුව පක්ෂ මාරු කිරීම, පිල් මාරු කිරීම ඉතා සරල දෙයක්. කවුරු කොහේට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ. අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ වෙන විට ආණ්ඩු පක්ෂයේ විශාල කණ්ඩායමක් ජනපති රනිල් වික්‍රමසිංහ හා එක්ව දේශපාලන ගමනක් යන්න සාකච්ඡා කරලා තියෙනවා කියලා. අපි හිතන විදිහට 30ක් 40ක් විතර විශාල කණ්ඩායමක් මේ ආකාරයෙන් දේශපාලන පිම්මක් පැනීමට සූදානමින් ඉන්නවා කියලා තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේදී අනාවරණය වේවි.
මෙතෙක් කල් රටේ ජනතාව බලාගෙන සිටි කපුටු නාඩගම දැන් ඉවරයි. දැන් අලුත් නාඩගමක් කරළියට එන්න සූදානම්. ජනාධිපතිතුමාගෙන් අපිටත් ආරාධනා තියෙනවා ඔහු සමඟ එක්ව කටයුතු කරන්න කියලා. නමුත් අපි කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කරන අවස්ථාවේ පිල් මාරු කිරීමක් කරන්න හොඳ නැහැ කියලයි හිතන්නේ. අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා.'' රවුෆ් හකීම් මන්ත්‍රීතුමා පැහැදිලිව කියනවා..
රවුෆ් හකීම් උන්නැහේ ඒ කියපු කතාව විපක්ෂනායක තුමාට එච්චර දිරවලා නෑ .. කියල තමයි විපක්ෂනායක කාර්යාල ආරංචිමාර්ග වලින් වාර්තා වෙන්නේ..
අනේ මන්දා... තව ඉස්සරහට මොනවා වේවිද කියලා .....
- දේශපාලන වාර්තාකරු
වෙල්නස් විලේජ්" යටතේ බියගමට අංග සම්පූර්ණ නව රෝහලක් !
බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට අනුව නව රෝහලක් ඉදි කිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (27) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට වෙල්නස් විලේජ් සංකල්පය ක්‍රියාවට නැංවෙන අතර “මෙඩිකල් ටුවරිසම්" ප්‍රවර්ධනය එහි ඉලක්කය වී තිබේ.
විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ලෙස මෙය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.
රෝහලේ සැලැස්ම පිළිබඳ සොයා බැලූ රුවන් විජේවර්ධන මහතා ඉඩම් අත්පත් කර ගැනීම් කඩිනම් කර රෝහලේ ඉදිකිරීම් ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත්, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ ලේකම් කේ.පී දයාරත්න, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම, බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි ඇතුළු නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
සමාජ සුබසාධක අයදුම් කිරීම : 28 අවසන් දවස !
සමෘද්ධි සහ අනෙකුත් ආධාරදීම සඳහා අයදුම්පත් බාර ගැනීම හෙට (28) දිනයෙන් අවසන්වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
සමෘද්ධි, වැඩිහිටි ආධාර, ආබාධිත වකුගඩු සහ මහජන ආධාර දැනට ලබාගන්නන් පොරොත්තු ලේඛනවල සිටින්නන් සහ එම ආධාර අලුතින් අපෙක්ෂාකරන්නන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව ද එම මණ්ඩලය පවසයි .
ඉදිරියට එම ආධාර ලබාදීම සිදුවන්නේ මෙම වැඩ සටහන යටතේ ලියාපදිංචි වූවන්ට පමණක් බව ද සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන විශේෂ ප්‍රචාරක වැඩසටහනක් " කවුරුවත් අත්හැරෙන්න දෙන්න එපා " යනුවෙන් දියත්කර තිබිණ .
තිළිණිගේ වංචාව : දැනට අනාවරණය වූ මුදල මෙන්න !
මූල්‍ය වංචා චෝදනාවට බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විවිධ පුද්ගලයන්ට වංචා කර ඇති මුදල රුපියල් කෝටි 128 කට අධික බව වාර්තා වෙයි .
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද (27) මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර සිටියේ ය.
තිළිණි ප්‍රියමාලිට මුදල් ලබාදුන්නේ යැයි ලැබී ඇති පැමිණි 12 ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වන බවත් ලැබුණු පැමිණිළි අනුව මෙම කෝටි 128 ක මුදල් ප්‍රමාණය හෙළිවී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩි දුරටත් සඳහන් කර සිටියේ ය.
රාජ්‍ය අමාත්‍ය ඩයනාට අධිකරණ කැඳවීමක් !
රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) නොතීසි නිකුත් කළේය.
මෙම නොතීසිය නිකුත් වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම සහ ඡාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාටය.
මෙම පැමිණීල්ල ලැබී වසර දෙකක් ගතවී ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වහාම කරුණු විමසීම සදහා අදාළ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙන්නැයි නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධීකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
සාමාන්‍ය ජනතාවට නිතිය ක්‍රියාත්මක වනවා සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැනි මෙවැන්නන්ටත් නිතිය ක්‍රියාත්මක විය යුතුව ඇති නමුත් වසර දෙකක් ඉක්ම ගොස් ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව මෙම තැනැත්තිය අත්අඩංගුවට ගැනීමක් හෝ සිදුකර නොමැති බව ද මෝසමක් ගොනුකරමින් නිතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්හ.
මෙම සිද්ධියට අදාළව ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 175 සහ 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45(1) (අ) සහ (ඇ) වගන්ති යටතේ වැරදි නිරීක්ෂණය වන බව සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම සහ ඡාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ මහතා මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් මාර්තු මස 09 වැනිදාය.
අකිල අරගලය අලුත් කරයි !
දැන් ජනතාව පක්ෂ පාට භේදයකින් තොරව කළ යුතු අරගලය වන්නේ මිනිසුන් ජීවත් කිරීමට උත්සාහ කිරීමේ අරගලය බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් පවසයි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
එම අරගලය නොමැතිව රටේ ජනතාව මෙන්ම රටේ ඉදිරි ගමන අමාරුවේ දමන අරගලයක් නම් නැවත කර රටට ප්‍රයෝජනයක් නැති බවත් ඔහු පැවසීය .
මේ රටේ ජනතාව බුද්ධිමත්ව තීරණාත්මකව සිතා බලා කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බවද අකිල විරාජ් කාරියවසම් පැවසීය.
ජනතාවට පාරට බැස අරගල කළේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලිය කප්පාදු කිරීම්, බඩු මිල ඉහළ යාම වැනි කාරණා හේතු නිසා බව කී ඔහු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඒ සියලු දේ යථා තත්ත්වයට පත් කරමින් සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන බවද පැවසීය.
නොවැම්බර් 02 උද්ඝෝෂණයේ බර : සජිත් බාරගෙන !
අරගල නායකයන් සමඟ එකතුව නොවැම්බර් 02 සංවිධානය කර තිබෙන උද්ඝෝෂණය සඳහා දේශපාලන නායකත්වය ලබාදීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
උදෑසනට ආණ්ඩුවට බැනවැදී රාත්‍රියට ආණ්ඩුව සමඟ හාදකම් කරන පාර්ශවයන් අතට කිසිසේත් උද්ඝෝෂණයේ හෝ අරගලයේ නායකත්වය නොයාමට ප්‍රවේසම් වියයුතු බවත් විපක්ෂනායකවරයා පවසා ඇත.
විපක්ෂනායකවරයා මේ ආකාරයට උපදෙස් ලබාදී ඇත්තේ අරගල නායකයන් ලෙස පෙනී සිටින පාර්ශව කිහිපයක් සමඟ අද (26) පැවැත්වූ සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාව සඳහා සමගි ජනබලවේගය පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙන්ම වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනෙකු සහ අරගලයේ නියෝජිතයන් බව කියන පිරිසක්ද සහභාගීව ඇති නමුත් ජනතා විමුක්ති පෙරමුණ හෝ ඊට අනුබද්ධ බහුජන සංවිධාන මෙම සාකච්ඡාව වර්ජනය කර ඇති බවත් වාර්තා වෙයි.
විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී පිරිස අමතමින් විපක්ෂ නායකවරයා පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා ලෙස තමන් පළමුවෙන් සිදුකළ පැහැදිළි කිරීම මේ වන විට සනාථවී ඇති බවත් තමන්ගේ පාලනයක් තුළ අරගලයේ සියලු ඉල්ලීම් ලබාදීමට දිවිහිමියෙන් කැපවෙන බවත්ය.
නොවැම්බර් 02 පැවැත්වෙන උද්ඝෝෂණය රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන දේශපාලන බලවේගයක් කරගැනීමේ අවශ්‍යතාව ගැනද මෙහිදී අවධානය යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ අවස්ථාවේ විපක්ෂනායකවරයා පවසා ඇත්තේ වර්තමානයේ වැදගත්ම දේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ බලයක් බිහිකිරීම බවය. ඒ සඳහා මෙන්ම නොවැම්බර් 02 උද්ඝෝෂණය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සෑම ආකාරයකම පහසුකමක් සැපයීමට තමන් සූදානම් බවත් විපක්ෂ නායකවරයා පවසා ඇත.
එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ධම්මික මුණසිංහ දෙසට හැරුණු විපක්ෂනායකවරයා " කෝ ඔයාලගේ නායකතුමා අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා එක්ක විතරයිනේ ගනුදෙනු කරන්නේ, අපි එක්කත් සම්බන්ධ වෙන්න කියන්න" යනුවෙන් පවසා ඇති බවත් වාර්තා වෙයි .
චීනයෙන් තවත් සහල් පරිත්‍යාගයක් !
චීනය විසින් ශ්‍රී ලංකාව සඳහා තවත් සහල් මෙට්‍රික්ටොන් 500ක පරිත්‍යාගයක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇති ආකාරයට පාසල් ළමුන් වෙත බෙදාහැරීමේ අරමුණින් ලබාදෙන එම සහල් තොගය රැගත් නෞකාව ඊයේ (25) කොළඹ වරාය වෙත ළඟාවී ඇත.
වාර්තා වන ආකාරයට ඉදිරි සතියේදී ද තවත් සහල් මෙට්‍රික්ටොන් 500 ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණිමට නියමිතය.
ඒ අනුව චීනය විසින් මෙරටට ලබාදෙන මුළු සහල් තොගය මෙට්‍රික්ටොන් 6,000 ක් දක්වා ඉහළ යන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
තිළිණිට වැඩ කරලා ? නිළියක් නිරූපිකාවක් සහ නිවේදිකාවක් CID යට !
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිළියක් ඇතුළු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ හය දෙනෙකුට ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID ) කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට සූදානම් වන බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ හය දෙනා අතර නිරූපිකාවක, රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක ද වන බව දැනගන්නට තිබේ.
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශ ලබා ගැනීමට මොවුන් කැඳවන බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.
එමෙන් ම ප්‍රියමාලිගේ ගනුදෙනුකරුවන් සමග ඇතිකරගත් අතිශය පෞද්ගලික දුරකතන සංවාද ඇතුළත් හඬපට කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම රංගන ශිල්පිනියන්ගෙන් ප්‍රශ්න කරනු ඇතැයි කියති.
මේ අතර, කලා ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත ය. ඒ අතර තවත් ජනප්‍රිය නළු නිළියන් ද සිටින බව කියති.
තිළිණි ප්‍රියමාලි සමග මොවුන් කළ ගනුදෙනු හා දුරකතන සංවාද, ඇගේ ව්‍යාපාරවල නිරතවීම් වැනි දේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා මෙම කැඳවීම් සිදුකරනු ඇතැයි සඳහන් ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියන්කර යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මත පොලිස් කණ්ඩායම් 11ක් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
-mawbima
යූරියා මෙට්‍රික් ටොන් 12500ක් රැගත් නැවක් ඇවිත් !
යූරියා මෙට්‍රික් ටොන් 12500ක් රැගත් නෞකාවක් අද රාත්‍රී කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඩොලර් මිලියන 110ක ලෝක බැංකු ණය ආධාර යටතේ ලැබෙන පළමු ටෙන්ඩරයේ පොහොර තොගය මෙය බවත් අමාත්‍යාංශය පවසයි.
දෙවන ටෙන්ඩරය යටතේ යූරිය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් මෙරටට ලැබීමට නියමිත අතර එම යූරියා තොගය ලබන මාසයේදී ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
යාල සල්ලන් කළ 09කට ඇප !
යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී නීති විරෝධීව හැසිරුණැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා එක් අයකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා නියෝග කර ඇත.
වනජීවි බාරයට ගත් ජීප් රථ අධිකරණය බාරයේ තබන්නැයි ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.
උද්‍යානය තුළ වාහනයෙන් බැස වරද සිදු කිරීම හා නීති විරෝධී රිය ධාවනය කළ බවට චෝදනා ලැබුවේ මුණසිංහගේ ධනුෂ්ක ප්‍රසාද් සහ වරුණගම තිස්සමහාරාම ආර්.ඒ.සුරේෂි චතුරංග යන අයයි.
නීති විරෝධී රිය ධාවනය කළ බවට චෝදනා ලැබූ හස්මීඩීන් මොහොමඩ් සාෆික්, මොහොමඩ් ගවුස්, මොහොමඩ් සුවෙර්, එස්.එච්.බුද්ධික චතුරංග, අබ්දුල් රකීඛ මොහොමඩ්, පී.ජී.එස් අංජුල, ආර්.එම්.සම්පත්, ඩී.එම්.මයුර ලක්ෂාන් යන අයයි.
ගීතා සැප අතෑරලා !
අලුතින් පත්කරපු රාජ්‍ය ඇමතිලා හුඟදෙනෙක් ඉන්නේ ලොකු කළකිරීමක..
මොකද, කැබිනට් ඇමතිලා තමන්ගේ විෂයට අදාල රාජ්‍ය ඇමතිවරුන්ට නිසි බලතල වගකීම් , ආයතන පවරලා නැති නිසා ..
රමේෂ් පතිරණ වගේ ඇමතිවරු කීප දෙනෙක් නම් , ගැසට් කරලම තමන් යටතේ ඉන්න රාජ්‍ය ඇමතිලට, වගකීම් පවරලා තිබුනා. ඒත් කැබිනට් ඇමතිලා හුඟදෙනෙක් කර ඇරලයි ඉන්නේ..
ඩයනා ගමගේ වගේ , රාජ්‍ය ඇමතිවරු ඕකට එළිපිටම ගේම ඉල්ලලා තිබුනා. ඩයනා කියල තිබුනේ, තමන්ට ආයතන පවරලා ගැසට් එක ගැහුවේ නැත්තන්, රාජ්‍ය ඇමතිකමෙන් අස්වෙනවා කියල..
ඩයනා එහෙම කියනකොට ගීතා කියන්නේ අමුතු කතාවක්.. රාජ්‍ය ඇමැති ධුරය වෙනුවෙන් තමන්ට හිමි නිල නිවස, වාහන ඇතුළු අනෙකුත් සියලු දීමනා ලබා නොගෙන ආපසු භාරදෙන්න, කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ තීරණේ කරලා.
රාජ්‍ය ඇමැති ධුරය වෙනුවෙන් ඇයට සුඛෝපභෝගී වාහන 5ක් ලැබිලා තිබුනා. රාජකාරි කටයුතු සඳහා එක් වාහනයක් පමණක් ලබාගෙන, අනෙක් වාහන 4 ආපසු භාර දීමට ඇය පියවර ගෙන තියනවා.
“රාජ්‍ය ඇමැති ධුරය සඳහා මට නිල නිවසක්, වාහන 5 ක්, දුරකථන බිල්පත් ඇතුළු තවත් දීමනා රාශියක් අනුමත කර තිබෙනවා. රටේ මිනිස්සු වේලක් කන්න නැතිව දුක් විඳින මොහොතක, අපි අනවශ්‍ය වියදම් කපාහැරලා මේ තත්ත්වයෙන් මිදෙන්න රජයට සහාය වෙන්න ඕනේ.
මට මගේ නිවස තිබෙනවා. මගේ වාහන තිබෙනවා. ඒ වගේ ම මම වෙනදා විදිහට ටෙලිෆෝන් බිල් වගේම අනෙකුත් වියදම් කර ගන්නවා. මම ගන්නේ රුපියල් 54,000 ක මන්ත්‍රී වැටුප පමණයි.
රට වැටිලා තියෙන වෙලාවේ රාජ්‍ය දේපළ මේ විදිහට නාස්ති කරන එක බරපතළ අපරාධයක්. මම අනෙක් සහෝදර මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ අනවශ්‍ය වියදම් අඩු කරලා රට ගොඩගන්න උදව් කරන්න කියලා.
මේක මම කරන්නේ , කාගෙන්වත් ලකුණු දාගන්නවත්, හොඳ නම ගන්නවත් නෙවෙයි. මම මේ කැපකිරීම් කරන්නේ හදවතින්මයි. අපි දේශපාලනඥයන්ට වගේම, නිලධාරීන්ටත් ආදර්ශවත් වෙන්න ඕනෑ.” ගීතා කියල තියන්නේ එහෙම.
ලකුණු දාගන්න අදහසින් කිවත් නොකීවත්, ගීතා ඇත්තටම එහෙම දෙයක් කරනවා නන් එක අගයකරන්න වටිනා වැඩක්..
දේශපාලන වාර්තාකරු
විමලවීර නාවේ රනිල් එක්ක අවුලෙන් ද ?
පසුගියදාක ජනාධිපති රනිල් නැගෙනහිර පළාතෙ අම්පාර පැත්තෙ චාරිකාවකට ගියා.
ගොවි ජනතාවගේ ප්‍රශ්න වගේම, ඒ පළාතෙ දියුණුව සම්බන්ධයෙන් තිබෙන ගැටලු ගැන සොයල බලල, විසඳුම් දෙන්නයි උන්නැහේ නැගෙනහිරට ගියේ.
ඒ ගමනේදී පළාතේ සියලුම දේශපාලනඥයන්, ආණ්ඩුවෙ නිලධාරීන් වගේ සෑම සියලු කෙනෙක්ම, සහභාගි වූ ලොකු රැස්වීමක් තිබුණ.
ඒත් එතැන ලොකු අඩුපාඩුවක් තිබුණ වග, කාරණා කාරණා දන්න අයට තේරුණා. ඒක හරියට මනමාලය මඟුල් ගෙදර ආවෙ නැතුව වගේ වැඩක්.
මෙතැන සිද්ධ වුණේ රටේ ලොකු මහත්තයගෙ රුස්වීමට ,, ඒ පළාතෙ ආණ්ඩු පක්ෂයෙ නායකයා සහභාගි නොවීම. ඒකයි අඩුපාඩුව.
විමලවීර දිසානායක එහෙම ,ලොකු මහත්තයගෙ රැස්වීමට නොගියෙ උන්නැහේ ගැන හිතේ තියෙන කහටක් නිසා නෙවෙයිලු...
ලොකු මහත්තය එක්ක වේදිකාවෙ වාඩිවෙලා හිටපු, පළාතෙ ලොකුම තනතුර දරන යහපත් නෝන මහත්තයට, විරෝධය දැක්වීම සඳහා බවයි තතු දත් අය කියන්නෙ.
ඒ නෝන මහත්තය පළාතෙ ලොකුම තනතුර දැරුවත්, පළාතෙ මැති ඇමැතින්ව මායිම් නොකිරීම මේ අවුලට මුල ලු.
එයා ඔය පළාතේ ලොකු පුටුවෙ ඉන්නතුරු, දිසාවේ නායක විමලවීර දිසානායක , පොහොට්ටු ලොක්ක එයා ඉන්න කිසිම රැස්වීමකට නොයන්න දැඩි තීන්දුවක් අරන් ඉන්න නිසා ලු, මේ වර්ජනේ සිද්ධ වුණයි කියන්නේ...
දේශපාලන වාර්තාකරු
තිළිණිගේ තවත් පොල්ලක් එළියට !
තිලිණි ප්‍රියමාලි ලෝක වෙළද මධ්‍යස්ථානයේ සිය කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මාස 08ක් තිස්සේ කුලී ගෙවා නැති බව හෙළිවී ඇත.
වාර්තා වන ආකාරයට WTC හී 34 වෙනි මහලේ පිහිටි එම කාර්යාලයේ කුළිය රුපියල් ලක්ෂ 16කි. ඒ අනුව මාස 08ක කුලී මුදල රුපියල් ලක්ෂ 128කි.
කෙසේ වුවත් ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙහි 34 වෙනි මහල ඇයට කාර්යාලයක් පවත්වාගෙන යාමට ලබාදෙන විට මාස 12ක තැන්පතුවක් තබාගෙන ඇති බැවින් ලෝක වෙළද මධ්‍යස්ථානයේ පරිපාලනයට මෙමගින් පාඩුවක් සිදුව නොමැති බවත් වාර්තා වෙයි .
ජනාධිපති මාධ්‍ය ඒකකයේ බඩු මිසිං !
ජනාධිපති මන්දිරයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -20 කාලය තුළ අස්ථාන ගතව තිබෙන බව විගණන වාර්තාවකින් අනාවරණය කර ඇත .
එසේම ජනාධිපති මන්දිරයේ ගබඩා බාරකරුගෙන් ලද තොරතුරු අනුව විගණනයේ සඳහන් කර ඇති පරිදි ජනාධිපති මන්දිරයේ පැවති ඉන්වෙන්ටි්‍ර අයිතම 12ට අයත් භාණ්ඩ 24ක් මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට රැගෙන ගොස් ඇතත් ඒවා සම්බන්ධයෙන් අදාල පොත් පත්වලට කිසිදු සටහනක් ඇතුළත්ව නැති බවත් එහි සඳහන් ය.
තවද ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් 2019 නොවැම්බර් 18 වැනිදා කරන ලද දැනම් දීමකට අනුව ජනාධිපති මන්දිරයේ ගබඩා භාරකරු කළ සොයා බැලීමකදී එහි නව ගොඩනැගිල්ලේ තිබු ඉන්වෙන්ට්‍රිගත අයිතම 35කට අයත් භාණ්ඩ 61ක් සොයගත නොහැකි වි ඇති අතර ඒ සම්බන්ධයෙන් 2022 මාර්තු දක්වා කිසිදු විමර්ශනයක්ද සිදුකර නැත.
අදාළ විගණන වාර්තාවට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය ඒකක 2019 දක්වා පවත්වාගෙන ගොස් තිබෙන්නේ ඒකකට හතරක් යටතේය.
එහෙත් 2019 නොවැම්බර් මාසයේ මාධ්‍ය අංශය ආරම්භ කර තිබෙන්නේ නව මාධ්‍ය අංශය යන නාමය යටතේ වන අතර එයට භාරගත් භාණ්ඩ පිළිබඳවද නිසි ලේඛනයක් පවත්වාගෙන ගොස් නැත.
මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් ඉංජිනේරුවන් විසින් ජනාධිපති ලේකම් වෙත යොමුකරන ලද වාර්තාවකට අනුව එම ඒකකය සතුව තිබු රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමින් (3,41,89,688) යුත් භාණ්ඩ රැසක් අස්ථානගතව ඇතැයිද එම විගණන වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව අස්ථාන ගත වු භාණ්ඩ වලට 2015 සිට 2020 ජනවාරි දක්වා කාලය තුළ මාධ්‍ය අංශය වෙත ලැබුණ 1,77,86,325 විටනා ලැප්ටොප් හා මැක් බුක් එයාර් වර්ගයේ පරිඝනක 78ක්ද 1,03,80,423ක් වටිනා ඩෙක්ස්ටොප් පරිඝනක 52ක් අතරින් 48ක්ද මාධ්‍ය අංශයේ නිලධාරීන්ට නිකුත් කරන ලද රුපියල් 34,70,742ක් වටිනා ජංගම දුරකථන හා අයිපෑඩ් 45ක් අතරින් 28ක්ද ඇතුළත් වේ.
මාධ්‍ය අංශයේ නිලධාරින් වෙත ලබාදුන් ජංගම දුකරථන හා අයිපෑඩ් 45න් ආපසු ලබාදී තිබු ජංගම දුරකථන 14 කින් නවයක්ද අය්පෑඩ් තුනෙක් දෙකක්ද අක්‍රීය බවද එම වාර්තාවේ සඳහන් වේ.
මීට අමතරව කරගතම ජනාධිපති මන්දිරයේ අයිතම 12කට අයත් භාණ්ඩද අනුරාධපුර ජනාධිපති මන්දිරයේ රූපවාහිනි යන්ත්‍ර දෙකක්ද අස්ථාන ගතව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.
මේ කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් 2022 මාර්තු 25 වන විටත් කිසිදු විමර්ශනයක් සිදුකර ඇති බවද විගණනයට වාර්තා නොවුන බවද එම වාර්තාවේ සඳහන් වේ.
පොහොට්ටුව තුනට කැඩිලා : සාගරත් තුට්ටුවට වැටිලා !
පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පක්ෂ අභ්‍යන්තරයෙන් මේ වනවිට ‘තුනට කැඩීල'....
පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ගේ කණ්ඩායම සහ නාමල් රාජපක්ෂ ගේ කණ්ඩායම කියල පැහැදිලිව කණ්ඩායම් 02ක් හැදිලා ලු.. ඊට අමතරව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිස වෙනම කණ්ඩායමක් විදියට ලු වැඩ කරන්නේ..
සාගර කාරියවසම් ගේ පාර්ශ්වයට සනත් නිශාන්ත, ජයන්ත කැටගොඩ, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙක් විතර ඉන්නවා ලු.. ඒ කට්ටිය ම ට්‍රයි එක දෙන්නේ, පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මොන විදියට හරි ආයෙත් බලයට ගෙන්න ලු..
මීට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, කනක හේරත්, පවිත්‍රා වන්නිආරච්චි මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර දරන සහ තරුණ මන්ත්‍රීන් පිරිසක් නාමල් රාජපක්ෂ එක්ව කටයුතු කරන බව වාර්තා වෙනවා..
ඔය කියන අනිත් කණ්ඩායම , සිනියස්ලගේ කණ්ඩායම.. මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත්, ප්‍රසන්න රණතුංග වගේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් වෙන්ව කටයුතු කිරීමට මේ වනවිට පෙළඹීලා. ඒ විතරක් නෙමෙයි , රොෂාන් රණසිංහ, කාංචන විජේසේකර, දුමින්ද දිසානායක ඉන්නෙත් මේ ගෘප් එකේ ලු..
මේ සෙට් එක ඉස්සරහදී, ජනාධිපතිත් එක්ක එකට ගමනක් යන්න තමයි ලු වැඩි ඉඩක් තියන්නේ.. මොකද මෙයාලට බැසිල් වගේම සජිත්වත් පේන්න බැරි ලු..
පොහොට්ටුව ඇතුලේ තියන ගැටුම, දවසින් දවස උත්සන්න වෙන පාටක් තමයි තියෙන්නේ . පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් ට ඒ පක්ෂය තුළ බරපතල විරෝධයක් තියනවා ලු..
ආසන්න අවස්ථා දෙකක දී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනක් සාගර කාරියවසම්ට ගහන්නත් ගියා ලු..
අරන්චියේ විදියට විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවති, ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා තමයි ලු, සාගරට ගහන්න කඩන් පැන්නා කියන්නේ..
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තමයි ලු , මැදිහත්වෙලා, තත්ත්වය සමනය කරලා තියෙන්නේ ..
ඒ විතරක් නෙමෙයි, විසි දෙවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, ඡන්ද විමසීම තිබුන දවසේ පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ත් , ඔහුට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරල. ''ලේකම් කියා නොබලා උස්සලා පොළවේ ගහන්නේ ..'' වගේ ටෝක් එකකින් මහින්දානද ලොකුවටම සද්දයක් දාලා.
පොහොට්ටුවේ කට්ටිය දෙකට තුනට බෙදිලා, ඔහොම ගහමරා ගනිද්දී , උදයටයි , වාසුදේවටයි , තමන්ටයි ඇමැති ධුර අරන්, ආණ්ඩුවට එන්න කියල, රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා නිතර නිතර කතා කරනවා කියල විමල් වීරවංශ කියනවා.. විමල් එහෙම කතාවක් කිව්වේ, උත්තර ලංකා සභාගයේ රත්නපුර දිස්ත්‍රික් සමුළුවේදී .
හැබැයි " වෙන මොකුත්ම නැත්නම් ඇමති ධූර කිහිපයක් හරි දීලා ගන්න වටිනම මරු බඩු තුන" කියලා තමයි සෝෂල් මීඩියා වල ඒ කතා වලට කමෙන්ට් වැටිලා තිබුණේ .
දේශපාලන වාර්තාකරු
ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් හොයලා හමාරයි : හේතුව ගම්මන්පිල කියයි !
පාර්ලිමේන්තුව තුළ සිටින ද්විත්ව පුරවැසියන් කවුරුන්දැයි හඳුනාගැනීමට ක්‍රමවේදයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ තම පක්‍ෂ මූලස්ථානයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් 10 ට වඩා සිටිහ හැකි නමුත් ඔවුන් සොයාගැනීමට නොහැකි වී ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය .
වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු සිවුදෙනෙකු හැර අන් සියලුම දෙනා පාර්ලිමේන්තුවට පැමිණියේ 20 වන සංශෝධන සම්මත වීමට පෙර බැවින් දැන් පාර්ලිමේන්තුවේ සිටින බව කියන ද්විත්ව පුරවැසියන් ද්විත්ව පුරවැසිකම සඟවා වංචනිකව පාර්ලිමේන්තුවට ආ අය බවත්, ඔවුන් එය හෙළි කරනු ඇතැයි කවුරුන් හෝ සිතනවා නම් ඔවුන්ට වැරදී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙරට පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුදැයි කිවහැකි ලැයිස්තුවක් කිසිවෙක් සතුව නොමැති අතර, තමන් වෙනත් රටක පුරවැසියෙකු බව අදාළ අය විසින්ම ස්වෙච්ඡාවෙන්ම ප්‍රකාශ නොකළොත් ඔවුන් ද්විත්ව පුරවැසියන් දැයි දැනගැනීමේ ක්‍රමවේදයක් නොපවතින බවයි .
එසේම 2015 වසරේ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීවරුවීම තහනම් කළ අවස්ථාවේ නෝර්වේ සහ කැනඩාවේ ද්විත්ව පුරවැසියන් වන දෙමළ මන්ත්‍රීවරු 10 ක් සහ ස්විට්සර්ලන්ත පුරවැසියකු වන ශ්‍රී.ල.නි.ප ඇමතිවරයෙකු සිටින බව ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයකු තමන්ට පැවසූ බවද ඔහු පැවසීය .
එහෙත් ඔවුන් සම්බන්ධයෙන් වෙබ් අඩවි ඔස්සේ සහ එම රටවලින් තොරතුරු සොයාගැනීමට උත්සාහ කළත් කිසිම රටක් තමන්ගේ පුරවැසියන් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන්නේ හෝ තුන්වන පාර්ශවයකට ලබා දෙන්නේ නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය .
Page 242 of 444