V2025

පුවත්

තෙල් නැතුව කැළණි තිස්ස ඇවිලෙයි : යළිත් කප්පාදුවක් ?

ඉන්ධන නොමැතිව නැවතත් අක්‍රිය වූ කැලණිතිස්ස බලාගාරය සඳහා ඉන්ධන ලබා ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව විදුලිබල මණඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනු ලබන්නේ ලබන 07 වෙනිදා යළිත් ඩීසල් නැවක් එනතුරු කැලණිතිස්ස බලාගාරයට ඩීසල් ලබාදීමට නොහැකි බවය.

ඒ අනුව ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 280 ක විදුලි දාරිධාවක් මේ වන විට අහිමිව ඇති බවත් සඳහන් ය.

මේ තත්ත්වයමත නැවතත් විදුලිය විසන්ධි කිරීමකට යාමට සිදුවනු ඇතැයිද විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

 

ආණ්ඩුවෙන් සමෘද්ධි බැංකුවට බිලියන 42 ක පොල්ලක් ?

ඉකුත් ලොක්ඩවුන් සමයේ ජනතාවට රුපියල් 5,000 දීමනාව ලබා දීමට රජය විසින් සමෘද්ධි බැංකුවෙන් ලබාගත් බිලියන 50න්, බිලියන 42ක් තවමත් ලබා දී නොමැති බව වාර්තා වෙයි.

සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිළධාරී සංගමය මේ සම්බන්ධයෙන් චෝදනා කරන අතර එහි ප්‍රධාන ලේකම් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන එස්.ඒ.ඩී. ජගත් කුමාර ය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර පැවසුවේ එම මුදල මෙතෙක් නොලැබිම සමෘද්ධි බැංකුවේ කටයුතුවලට බාධාවක් වී ඇති බවයි.

රාජපක්ෂලාත් ග්‍රීසියේ ජෝර්ජ් වගේ 5%ට වැටෙයිද? 

ජෝර්ජ් පැපන්ඩෘ වහාම ඉවත් විය යුතුයි. ඔහුට ආර්ථික අර්බුදය මැනේජ් කරගන්න බැහැ…’

මේ 2011 ග්‍රීෂියේ මතුවූ ආර්ථික අර්බුදයෙන් හෙම්බත්වී සිටි මිනිසුන් පාරට බැහැලා කී සටන් පාඨයය. පැපන්ඩෘ පවුල ග්‍රීසියේ බලවත් දේශපාලන පවුලකි. හරියට ලංකාවේ රාජපක්ෂ පවුල වගේය. ඔහුගේ සීයා කිහිප වරක්ම ග්‍රීසියේ අගමැති ධුරය දරපු අයෙකි. ඔහුගේ පියාත් ග්‍රීසියේ අගමැති ධුරය දැරුවේය. ග්‍රීසියේ පැරැණිතම විශාලතම පක්ෂය වූ පැසො පක්ෂය බිහි කළේත් ඔහුගේ පියාය. 2009 මහ ඡන්දයෙන් ජෝර්ජ් පැපන්ඩෘ අගමැති වූයේ අතිවිශාල බහුතරයකිනි.

‘පැපන්ඩෘ පවුල ග්‍රීසියේ මුල් ඇදලා තියෙන්නේ. ඔවුන්ව විනාශ කරන්න බැහැ…’

මේ, 2009 ජෝර්ජ් අගමැති වූ වෙලාවේ ග්‍රීසියේ පමණක් නොව ලෝකයේම දේශපාලන විචාරකයන් කී කතාවය. දේශප්‍රේමය පැපන්ඩෘ පවුලේ සහ පැසො පක්ෂයේ දේශපාලන න්‍යාය විය. ඒත් කවුරුත් නොසිතූ දෙයක් 2009 ජෝර්ජ්ගේ අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව සිදුවිය. ග්‍රීසියේ මහා ආර්ථික අර්බුදයක් පැනනැඟිණි. අර්බුදය කට ළඟටම ආවේ ජෝර්ජ් අගමැති වී හරියටම වසර දෙකකින්ය. ග්‍රීසියේ මිනිසුන් කීවේ ජෝර්ජ්ගේ නොහැකියාව මත මෙම අර්බුදය උපත ලද බවය. ඒත් ග්‍රීසියේ ආර්ථික විශේෂඥයන් කීවේ ජෝර්ජ් බලයට පැමිණෙන විට අර්බුදය බීජයක්ව පැවැති බවත්, ඔහු එය නොවිසඳා අර්බුදයක් නැති බව රටට පෙන්වන්න ගොස් අර්බුදය ග්‍රීසිය යටකරන සුනාමියක් බවට පත්වූ බවත්ය.

අර්බුදය මැද ජෝර්ජ් අසරණ විය. සීයාගේ හෝ පියාගේ කයිවාරු අහන්න මිනිසුන් සූදානම් නොවීය. දේශප්‍රේමය තවදුරටත් විකිණිය හැකි සටන් පාඨයක් නොවීය. බැරිම තැන ජෝර්ජ් පාර්ලිමේන්තුවේ තමාට විශ්වාසය පළ කරන යෝජනාවක් සම්මත කරගත්තේය. යෝජනාව දින්නායින් පසු ජෝර්ජ් සහ ඔහුගේ පක්ෂය ගැම්මක් ගත්තේය. ජාත්‍යන්තර විචාරකයන්ද කීවේ අර්බුදය ගොඩගන්න ජෝර්ජ්ගේ ආණ්ඩුවට දැන් ජනප්‍රිය නොවන තීරණ ගත හැකි බවය. ජෝර්ජ් ආඩම්බරයෙන් කීවේ ග්‍රීසියේ අස්ථාවරත්වය අවසන් වූ බවය. එහෙත් ජෝර්ජ්ට අර්බුදය ජයගන්න හැකියාවක් හෝ එඩිතරකමක් නොවීය. අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවා මේ අර්බුදය ජයගමු යැයි ජෝර්ජ් විපක්ෂ නායක අන්තෝනියෝ සමාරස්ට යෝජනා කළේය. විපක්ෂ නායකයා කෙළින්ම ඒ යෝජනාව ප්‍රතික්ෂෙප කළේය. අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවනවා නම් ජෝර්ජ් අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බවටත්, නිර්පාක්ෂික අගමැතිවරයෙක් අන්තර් පාලන ආණ්ඩුවේ නායකයා විය යුතු බවටත් විපක්ෂ නායකයා යෝජනාවක් කළේය. ඒත් ජෝර්ජ් එයට අදිමදි කළේය.

ඔබට අර්බුදය විසඳාගන්න බැරිව බලයේ එල්ලී සිටියොත් ඔබගේ පවුලත් පක්ෂයත් විනාශ වෙයි. මේ වෙලාවෙ බලය අතහරින්න…’

ජෝර්ජ්ගේ උපදේශකයෝ කීහ. ජෝර්ජ් අගමැති ධුරයෙන් ඉවත් වෙන්න කැමැති විය. ඔහුගේ ඒ තීරණයට දැඩි ලෙස බලපෑවේ අර්බුදය විසඳන්න සහාය දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ඉදිරිපත් කළ කොන්දේසියය.

‘අර්බුදය විසඳන්න මහජන සහාය අවශ්‍යයි. විපක්ෂයේ පක්ෂ සහ ආණ්ඩුව අතර එකඟතාවක් අවශ්‍යයි…’

මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ජෝර්ජ්ට බලපෑම් කළේය.

‘අර්බුදය විසඳන සහන පැකේජයක් දෙන්න පුළුවන් ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවක් ඇති කළොත් පමණයි…’

මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ලෝකෙටම ඇහෙන්න කීවේය. ජෝර්ජ්ගේ ඉවත් වීමෙන් හිස් වූ අගමැති ධුරයට විපක්ෂ නායකගේ එකඟත්වයෙන් පත්වුණේ යුරෝපා සංගමයේ මහ බැංකුවේ උපසභාපතිවරයෙකි. ඔහු නිර්පාක්ෂික ආර්ථික විශාරදයෙක් විය. අන්තර් පාලන ජාතික ඒකාබද්ධතා ආණ්ඩුව පිහිටුවා වහාම මහ ඡන්දයට යා යුතුය යන්න විපක්ෂ නායකයාගේ කොන්දේසිය විය. නිර්පාක්ෂික අගමැති ඒ කොන්දේසිය ඉටු කළේය. එහෙත් මහ ඡන්දයෙන් කිසිවකුට බහුතර ආණ්ඩුවක් පිහිටුවාගත නොහැකි විය. මහ ඡන්ද කිහිපයකට පසු පැවැති මහ ඡන්දයෙන් විපක්ෂ නායකයා බහුතර ආසන දිනා අගමැති විය. 2009 මහ ඡන්දයෙන් 48%ක් ගත් ජෝර්ජ්ගේ පැසො පක්ෂය 2015 මහ ඡන්දයෙන් අන්ත පරාජයකට පත් වී ඡන්ද ප්‍රතිශතය 5%ට වැටිණි. ග්‍රීසියේ පැරැණිතම ප්‍රබල පක්ෂයේ මේ වැටීම ලෝක දේශපාලනය අර්ථ දැක්වූයේ ‘පැසොකිෆිකේෂන්’ ලෙසය.

‘රාජපක්ෂලාටත් පැපන්ඩෘ පවුලට වෙච්ච දෙයම වෙයිද?’

අද රාජපක්ෂලා මුහුණ දෙන ආර්ථික අර්බුදය ග්‍රීසියටත් වඩා අන්ත ආර්ථික අර්බුදයකි. මේ අර්බුදයට රාජපක්ෂලාටත් විසඳුම් නැති බව පෙනේ. රාජපක්ෂලා මූල්‍ය අරමුදලට ඇමෙරිකාවට බි්‍රතාන්‍යයට, යුරෝපා සංගමයට යන්න බය, ග්‍රීසියේ ජෝර්ජ්ලාට දමපු කොන්දේසි රාජපක්ෂලාටත් දමයි කියන බය නිසාය. බලය අතේ තියාගෙන තමන් සහ රට දෙකම එකට නැති වෙනවා බලා සිටිනවාට වඩා බලය අතහැර රට බේරාගැනීම හොඳම විසඳුම යැයි ජෝර්ජ් සිතුවේය. ඒත් රාජපක්ෂලා බලන්නේ අර්බුදයට මකබෑවියන් කියා බලය ආරක්ෂා කරගත හැකි ක්‍රමයක්ය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජපක්ෂවරුන්ගේ ගැළවීමේ හමුදාව වී ඇත්තේ ඒ නිසාය. නව ව්‍යවස්ථාවක් හදන මුවාවෙන් මහ ඡන්දයකට ගොස් ජාම බේරාගන්න ආණ්ඩුව උත්සාහ දරනවා යැයි මෛත්‍රිපාල පසුගියදා කීවේ ඒ නිසාය.

ආණ්ඩුව මේ වෙලාවේ කැමැතිම ඡන්දය නම් ජනමත විචාරණයක්ය. ඇතැම් විට නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් එන්න පුළුවන. නැතිනම් ආණ්ඩුවට තියෙන එකම විකල්පය මහ ඡන්දයය. හේතුව මහ ඡන්දයක් තියල පරාජය වුණත් පොදුජන පෙරමුණට විපක්ෂ නායක ධුරය ලබාගත හැකිය. ආණ්ඩුව බයම ඡන්ද තුන පළාත් පාලන, පළාත් සභා සහ ජනාධිපතිවරණයය. පළාත් පාලන ඡන්දයක් තියල පරාජය වුණොත් ආණ්ඩුව ඉබේ කඩාගෙන වැටෙනවා පමණක් නොව පළාත් පාලන ආයතන ටික විපක්ෂයට යන බව ආණ්ඩුව දනී. පළාත් සභා ඡන්දය තිබ්බත් වෙන්නේ ඒකමය. පළාත් සභා විපක්ෂය අතට ගියොත් ආණ්ඩුවට පළාත් පාලන ආයතන සහ පළාත් සභා නැතිව ජාතික මැතිවරණයකට යෑමට සිදුවෙයි.

එදා 2011 ග්‍රීසියේ ජෝර්ජ් උත්සාහ ගත්තේත් අද රාජපක්ෂලා උත්සාහ ගන්නවා වගේ තම ශක්තිය පෙන්වලා අර්බුදය යටගහ ගන්න ක්‍රමයක්ය. ජෝර්ජ් නම් ඡන්දයකට ගියේ නැත. ඔහු ගියේ පාර්ලිමේන්තුවේ විශ්වාසය පළකර ගන්නා යෝජනාවකටය. ඒත් තම ශක්තිය පෙන්වා අර්බුදය ජයගන්න හෝ යට ගහන්න බැරි බව ඔහුට පසුව තේරිණි. ඔහුට අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සිදුවූයේ ඒ නිසාය.

‘ජෝර්ජ්ට වගේ රාජපක්ෂලාටත් ජනාධිපති ධුරය අගමැති ධුරය අත්හරින්න වෙයිද…?’

එතැනට නොයා ගොඩ එන ක්‍රමයක් ගැන මේ මොහොත වන විටත් රාජපක්ෂලාට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජපක්ෂවරුන්ගේ ගැළවීමේ හමුදාව වී ඇත්තේ ඒ නිසාය. නව ව්‍යවස්ථාවක් හදන මුවාවෙන් මහ ඡන්දයකට ගොස් ජාම බේරාගන්න ආණ්ඩුව උත්සාහ දරනවා යැයි මෛත්‍රිපාල පසුගියදා කීවේ ඒ නිසාය.

ආණ්ඩුව මේ වෙලාවේ කැමැතිම ඡන්දය නම් ජනමත විචාරණයක්ය. ඇතැම් විට නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් එන්න පුළුවන. නැතිනම් ආණ්ඩුවට තියෙන එකම විකල්පය මහ ඡන්දයය. හේතුව මහ ඡන්දයක් තියල පරාජය වුණත් පොදුජන පෙරමුණට විපක්ෂ නායක ධුරය ලබාගත හැකිය. ආණ්ඩුව බයම ඡන්ද තුන පළාත් පාලන, පළාත් සභා සහ ජනාධිපතිවරණයය. පළාත් පාලන ඡන්දයක් තියල පරාජය වුණොත් ආණ්ඩුව ඉබේ කඩාගෙන වැටෙනවා පමණක් නොව පළාත් පාලන ආයතන ටික විපක්ෂයට යන බව ආණ්ඩුව දනී. පළාත් සභා ඡන්දය තිබ්බත් වෙන්නේ ඒකමය. පළාත් සභා විපක්ෂය අතට ගියොත් ආණ්ඩුවට පළාත් පාලන ආයතන සහ පළාත් සභා නැතිව ජාතික මැතිවරණයකට යෑමට සිදුවෙයි.

එදා 2011 ග්‍රීසියේ ජෝර්ජ් උත්සාහ ගත්තේත් අද රාජපක්ෂලා උත්සාහ ගන්නවා වගේ තම ශක්තිය පෙන්වලා අර්බුදය යටගහ ගන්න ක්‍රමයක්ය. ජෝර්ජ් නම් ඡන්දයකට ගියේ නැත. ඔහු ගියේ පාර්ලිමේන්තුවේ විශ්වාසය පළකර ගන්නා යෝජනාවකටය. ඒත් තම ශක්තිය පෙන්වා අර්බුදය ජයගන්න හෝ යට ගහන්න බැරි බව ඔහුට පසුව තේරිණි. ඔහුට අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සිදුවූයේ ඒ නිසාය.

‘ජෝර්ජ්ට වගේ රාජපක්ෂලාටත් ජනාධිපති ධුරය අගමැති ධුරය අත්හරින්න වෙයිද…?’

එතැනට නොයා ගොඩ එන ක්‍රමයක් ගැන මේ මොහොත වන විටත් රාජපක්ෂලාට චිත්‍රයක් නැත. මේ නිසා අද රාජපක්ෂලා කරන්නේත් දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නා දේශපාලනයක් බව නම් සහතිකය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු නැත. මේ නිසා අද රාජපක්ෂලා කරන්නේත් දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නා දේශපාලනයක් බව නම් සහතිකය.

මව්රට - උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

ඛනිජ තෙල් සංස්ථාව රැකගන්න : ඉන්ධන මිල යළිත් ඉහළට ?

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ මොහොතේ ගොඩ ගැනීමට නම් ඩීසල් ලීටරයක් රුපියල් 25 කින්, පැට්‍රෝල් ලීටරයක් රුපියල් 18 කින්, සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 40 කින් වැඩි කළ යුතු බව එම සංස්ථාවට අනුබද්ධ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු වන බන්දුල සමන් කුමාර පවසයි.

අද වන විට විදුලි බල මණ්ඩලය ඇතුළු රජයේ ආයතන රැසකින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල් නොගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව බංකොලොත් වී ඇති බවත් ඔහු පවසයි.

බංකොලොත් වී ඇති ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආණ්ඩුව විසින් ඉදිරියේ දී පුද්ගලික අංශයට විකුණා දැමීමට කටයුතු කරන්නේ නම් එයට එරෙහිව දැවැන්ත වූ වෘත්තීය සමිති අරගලයක් කිරීමට බලාපොරොත්තු වන බවත් බන්දුල සමන් කුමාර පැවසීය.

නීති විරෝධී ආකාරයට කැබිනට් පත්‍රිකාවක් අනුමත කර විදුලිබල මණ්ඩලයට ඛණිජ තෙල් ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවටද හෙතෙම චෝදනා කරයි.

ඩොලර් මිලියන 500 මුදලකට ඉන්දියානු සමාගම් තුනකින් රජය ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් තව තවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අර්බුදයට ලක්වන බවත් ඔහු පවසයි.

ඔහු මේ අදහස් දක්වා සිටියේ youtube නාලිකාවක් සමග සාකච්ඡාවක් සඳහා සහභාගි වෙමිනි.

 

පූර්ණ එන්නත්කරණයට ලක් නොවුවන්ට අති විශේෂ ගැසට් නිවේදනයක්..

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුළු වීම සිමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  විසින් ය.

එම ගැසට් නිවේදන දැක්වෙන්නේ, අදාළ නියෝගයන් අප්‍රේල් මස 30 වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිශ්චිතව දක්වා ඇති පරිදි එන්නත්කරණයේ අවශ්‍ය නියමිත මාත්‍රාවන් ලබා ගෙන තිබිය යුතු බව අදාළ ගැසට් නිවේදනයට අනුව පූර්ණ එන්නත්කරණය ලෙස දක්වා තිබේ.

පූර්ණ එන්නත්කරණය සිදු කර ඇති බවට සාධක, කිසියම් අයෙකු පූර්ණ එන්නත්කරණයෙන් නිදහස් කළ හැකි ව්‍යතිරේඛ තත්ත්වයන් සහ එන්නත්කරණය ලබා ගැනීමට යෝග්‍ය වයස් කාණ්ඩ පිළිබඳව නිශ්චය කිරීම් මාර්ගෝපදේශයක් ලෙස හෝ චක්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙමගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

මේ සම්බන්යෙන් නිව්ස්ෆස්ට් කළ විමසිමකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ, පොදු ස්ථාන, පූර්ණ එන්නත්කරණය, එන්නත්කරණය සිදු කළ යුතු වයස් කාණ්ඩ සහ එන්නත්කරණයෙන් නිදහස් කළ හැකි නිර්නායක ඉදිරියේදී නිකුත් කිරීමට පියවර ගන්නා බවය.

health 1

සතියට කොරෝනා ආසාදිතයින් 30%ක් වැඩිවෙලා !

ඉකුත් සතියට සාපේක්ෂව මෙම සතියේදී මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ ඉකුත් සතියට සාපේක්ෂව මෙම සතියේදී වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ද සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

මේවනවිට වාර්තා වන කොරෝනා මරණ වලින් බහුතරයක් පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවසීය.

මේවනවිට මෙරට ජනගහනයෙන් සියයට 39 ක ප්‍රතිශතයකට බූස්ටර් මාත්‍රාව ලබාදී තිබෙන බවත් එය සියයට 70 ක ප්‍රතිශතයක් දක්වා වර්ධනය කරගත හොත් ජනජීවිතය තවදුරටත් සාමාන්‍ය පරිදි පවත්වාගත හැකි බවත් ඔහු පවසයි.

අද දිනයේ මරණ 29යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ (03) දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 29ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,544ක් දක්වා ඉහළගොස් ඇත.

IMF ලෑස්තියි : ඒත් ලංකා ආණ්ඩුව තවම සූදානම් නෑ !

ශ්‍රී ලංකා රජය, මූල්‍ය සහනයක් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රධානී මසාහිරෝ නොසාකි පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රධානී මසාහිරෝ නොසාකි මෙසේ සඳහන් කර ඇත්තේ විදෙස් මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක් එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවත් එහිදී ඔහු පවසා ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉකුත් දා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාක්ෂණික සහය ලබාගැනීමට ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බවයි.

එහෙම ඊට පරස්පර ප්‍රකාශයක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් සිදුකර තිබිණ.

සජබ නිදහස් දින රාජ්‍ය උත්සවය වර්ජනය කළේ ඇයි ?

අද (04) පැවැත්වූ 74 වැනි නිදහස් දින රාජ්‍ය උත්සවය වර්ජනය කිරීමට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය පක්ෂය කටයුතු කර ඇත.

වාර්තා වන ආකාරයට මෙසේ නිදහස් දින රාජ්‍ය උත්සවය සමගි ජනබලවේගය වර්ජනය කර ඇත්තේ රටේ පවතින තත්ත්වය හමුවේ මෙවැනි අධික වියදම් සිදු කරමින් පවත්වන උත්සවයක් සඳහා තමන් එකඟ නොවන ස්ථාවරයේ සිටිමින් ය.

කෙසේවෙතත් ඉකුත් වසරේ නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී වීමට සජබ නායකත්වය පියවර ගෙන තිබිණ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් නිදහස්දා කළු දිනයක් කරයි !

ජාතික නිදහස් දිනය කළු දිනයක් ලෙස හදුන්වමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද (04) මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් හි විරෝධතාවක නිරත වූහ.

ශ්‍රී ලංකිකයින් නිදහස් දිනය සමරන මොහොත උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අඳුරු දිනයක් බවත් පවසමින් අතුරුදහන්වූවන් විරෝධතාවයේ නිරතවිය.

යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාගැනීම සඳහා ආණ්ඩුව විසින් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් කොමිෂන්සභා පත්කිරීමෙන් ගැටළුව මගහැරීම ක්‍රියාකරන බවත් පැවසීය.

විරෝධතාවයේ නිරත අතුරුදහන්වූවන් වෙල්ලමුල්ලිවයික්කාල් හි යුද්ධයෙන් මියගියවූවන් සිහිකිරීම සඳහා ඉදිකළ සමරුවට පහන් දල්වමින් විරෝධතාවය ආරම්භ කළ අතර විරෝධතාකරුවන් පා ගමනින් මුලතිව් නගරයට පැමිණ සිටියහ.

ජාත්‍යන්තර පරීක්ෂණයකට අවසර ලබාදෙමින් අතුරුදහන්වූ පුද්ගලයින්ට සිදුවූයේ කුමක්ද කියා සොයාබැලීමට ඉඩ ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියහ.

image 96ab2b4814

-lankadeepa

මෙහෙම ගියොත් විදුලිය කප්පාදු කරන්නම වෙනවා - ම.උ.කො

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට රටේ සියලු ජනතාව කටයුතු නොකළහොත් ඉදිරියේදී විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා තම කොමිසම විසින් ලබාදුන් නිර්දේශ පළාත් පාලන ආයතන ඇතුළු රජයේ ආයතන වලින් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමක් දක්නට නොලැබෙන බව ද එහි සභාපති ජනක රත්නායක සඳහන් කරයි.

අවස්ථා කිහිපයකදීම මෙම නිර්දේශ ගැන රජයේ ආයතනවල දන්වා ඇතත් ඊට අවධානය නොදැක්වීම කණගාටුවට කරුණක් යයිද ඔහු කියා සිටියේය.

එමෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ද පවතින තත්ත්වය නොසලකා හරිමින් අනවශ්‍ය ලෙස ඩිජිටල් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් සිටින බවත් පැවසූ ඔහු විදුලිය පරිභෝජනය කරන සාමාන්‍ය ජනතාවගෙන් පවා මේ මොහොතේ සහායක් නොලැබෙන බවද පැවසීය.

මේ ආකාරයට පවතින ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පොදුවේ සියලු දෙනා සහාය ලබා නොදෙන්නේ නම් විදුලිය කප්පාදුවක් හැර වෙන විසඳුමක් නැති බවද ඔහු අවධාරණය කරයි.

මේ ආණ්ඩුවෙන් තාරුණයන්ට අනාගතයක් නෑ : ඊළඟ ආණ්ඩුව ශ්‍රීලනිපයෙන් !

මේ වන විට රටට අනාගතයක් නෑ වගේ බවත් , අනාගතයක් තිබෙයි නම් තරුණ තරුණියන් පාස්පොට් පොලිම්වල ඉදිද? යනුවෙන් මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් සරත් ඒකනායක පවසයි.

මීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් බවත් ඔහු පැවසීය.

පක්ෂයේ ජනහමුවක් අමතමින් ශ්‍රීලනිප උප ලේකම් මේ අදාළ දැක්වූ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

ප්‍රථම වතාවට දමිල ජනතාව නියෝජනය කරන්න ප්‍රබල නායකයින් පත් කරලා තියෙනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්.

අපි දන්න දෙයක් තමයි ජන්ද කාලේට එනවා නත්තල් පප්පලා වගේ, ඇවිල්ලා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා කතා කරලා යනවා.

හැබැයි වතුකරයේ ජනතාවට මුකුත් දෙන පාටක් නම් නැ , දෙනවා නම් ඔහොම තවදුරටත් ඉදිද?

නිදහස ලබලා අවු 74 ක් සමරනවා නමුත් රොටි කැල්ලක් කන්න නැතුව ඉන්නවා වතුකරයේ ජනතාව.

හැන්දැවට පහන පත්තු කරන්න ලාම්පුතෙල් නැ , ජිවත් වෙන්න නෙලා ගන්න තේ වලට පොහොර ටික නැනේ.

එම නිසා ජනතාවගේ දුක අදුනන නායකයින් අපිට අවශ්‍යයි, ජන්දයක් ළං වුනාම ඇවිල්ලා මොනවා හරි දෙයක් දිලා යන අය ඕනි තරම් ඉන්නවා.

නමුත් දැන් ජන්දයක් ළග නැ , ඒ නිසා අපි පෙන්වන්නේ අපි මෙහෙමයි වැඩ කරන්නේ කියලා.

ආණ්ඩුවෙන් හැමදේම දෙන්නේ නැනේ , පොහොර ටික නිකම් දෙනවා කිව්වා පොහොර දෙනවද?

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ලොකු අයිතියක් තියෙනවා දමිල ජනතාව සමග කටයුතු කරන්න.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මුලින්ම හදනකොට සම ලේකම්වරුන් තිදෙනෙක් පත් කලා , සිංහල, දමිල , මුස්ලිම් අයගෙන්.

වතු යටිතල පහසුකම් සංවර්ධනය කියලා එකක් තිබුණේ නැ මේ රටේ ,ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තමයි එහෙම එකක් හැදුවේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වැටිලා තියෙනවා , නැගිටලා තියෙනවා , අපි මේ නැගිට්ට එකෙන් අපි අවසන් කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් හදමින්.

අපි සන්ධානගත වෙන්නේ රටට ආදරය කරන අය එක්ක පමණි, රට විකුණන අය එක්ක නෙවෙයි.

මේ වන විට රටට අනාගතයක් නැ වගේ , අනාගතයක් තිබෙයි නම් තරුණ තරුණියන් පාස්පොට් පොලිම්වල ඉදිද?

මම කියනවා අපි පිහිටුවනවා ප්‍රතිපත්තිගරුක ආණ්ඩුවක් හොරු නැති ආණ්ඩුවක්.

හොරකම , වංචාව , දුෂණය තියෙන කම් මේ රට ගොඩගන්න බැ. රටේ අදායමින් කොටසක් ගජ මිතුරන්ගේ සාක්කුවට නම් යන්නේ මේ රට හදන්නේ කොහොමද?

හැම ජනාධිපතිවරයාම බලයට ආවේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා, එත් ඒක කරේ නැ , ටිකක් හරි ජනාධිපති බලතල අඩු කරේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විතරයි.

ජී.එල් ඉන්දියාවට !

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙයි.

දැනගන්නට ඇති ආකාරයට අමාත්‍යවරයා මෙසේ පිටව යන්නේ ඉන්දියාවේදී ලබන 6 වැනිදා පැවැත්වෙන හමුවකට සහභාගිවීම සඳහාය.

විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ අගමැතිවරයා විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිදහස් දා කාදිනල් හිමි CCDයට

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද (04) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.

ඒ බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තාගේ සුවදුක් විමසීම සඳහාය.

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ කාලබෝම්බයක් ආකාරයට සකසන ලද අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් දේවස්ථානයේ සේවකයෙකු ලෙස කටයුතු කළ ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තා මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවා සිටී.

කාදිනල් හිමියන් එහි පැමිණෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් 50කට ආසන්න පිරිසක් ඒ අවට සිටින ආකාරයක් ද දක්නට ලැබුණි.

මෙම අවස්ථාවට එක්වෙමින් කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ,

"මුනි කියන මේ මහත්මයා තමයි එදා දේවස්ථානයේ බෝම්බය සොයා ගත්තේ. වෙන්න ගිය විනාශය නවත්වන්න කටයුතු කළේ ඔහු. ඉතින් ඒ පුද්ගලයා පිළිබඳව කාදිනල් හිමියන්ට ලොකු කෘතඥතාවයක් තිබෙනවා. අපි බලාපොරොත්තුවෙනවා ඔහුවත් නිදහස් කරයි කියලා."

"අපිට විශාල සැකයක් පවතිනවා.. මේ අත්බෝම්බය යම් පුද්ගලයෙකු පෞද්ගලික හේතුවක් මත තැබූ බෝම්බයක් නෙමෙයි කුමන්ත්‍රණකාරී සිද්ධියක් කියලා."

"පාස්කු ප්‍රහාරයට දින 1,000ක් සපිරෙන මොහොතේ ජනවාරි 14 වනදා තිබුණු යාච්ඤා මෙහෙයට යම් බාධාවක් කරමින් ජනතාව බියගැන්වීමට හෝ පාස්කු ප්‍රහාරය යට ගහන්නට උත්සාහ කරන අය කළාද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා."

රටට ආදර්ශයක් වන ලෙස කටයුතු කරන්නැයි සියලු මැති ඇමතිවරුන්ගෙන් ජනපති ඉල්ලයි

”මා ඉල්ලා සිටිනවා සියලු මැති ඇමතිවරු, අනෙකුත් දේශපාලනඥයින්ගෙන් රටට ආදර්ශයක් වන ලෙස හැම විටම කටයුතු කරන ලෙස, ඔබ ජනතාවට ඒ ආදර්ශය සපයන්නේ නම්, රටේ බහුතරයක් ජනතාව ඔබව අනුගමනය කරාවි”  යනුවෙන්  ජනාධිපතිවරයා ඉල්ලීමක් එක් කරමින්  අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් යන්න තේමා කර ගනිමින් නිදහස් චතුරස්‍රයේදී පැවති 74 වන අභිමානවත් නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතිය ඇමතීය.=

අනාගත ඉලක්ක සාර්ථකව ඉටු කරගැනීමට සියලු දෙනාට වෙනස් වීමට මෙන්ම කැපවීම් සිදු කිරීමට සිදු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපතිවරයා ලෙස ඒ සඳහා අවශ්‍ය ආදර්ශය ලබා දීමට තමන් ද සූදානම් බවයි.

දේශීයත්වය අගයන, රටේ සෛවරීත්වය සුරකින, ජාතික නායකත්වයට එරෙහි බලවේග ඉතා සූක්ෂම ලෙස අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා කියා සිටියේ, විචාර බුද්ධියෙන් කටයුතු කර, දත්ත මත පදනම්ව කරුණු විමසා බලා සත්‍ය හඳුනාගෙන තීන්දු තීරණ ගන්නේ නම්, කිසිවෙකුට ජනතාව නොමග යැවිමේ හැකියාවක් නොමැති බවයි.

තව ද දිනූ නිදහස සෑම විටම සුරකින බවටත් ඒකීයබව භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවටත් රාජ්‍ය නායකයා ලෙස දී ඇති ප්‍රතිඥාව සැම විටම සුරකින බවට ද ජනාධිපතිවරයා යළි සහතික විය.

කිසිදු ආකාරයක මානව හිමිකම් කඩ කිරීමකට රජය අනුබල දී නොමැති බව සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ, කිසිදු හේතුවක් මත යළි අන්තවාදයට හිස ඔසවන්නට ඉඩ නොතබන බවයි.

”රජය ජනතාවට පොරොන්දු වූ ආකාරයට ම අප අද ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. ජනතාව වත්මන් රජයට වරම් ලබා දී තිබෙන්නේ, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවන්නටයි. අප ඉදිරිපත් කළ ප්‍රතිපත්ති රාමුව තුළ හරිත කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති නව ලොවට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසසංස්කරණ දේශීය ව්‍යවසායකත්වය දිරි ගැන්වීම, අපනයන විවිධාංගීකරණය හා අගය වැඩි කිරීම, ආර්ථික නව පිම්මක් සඳහා තාක්ෂණය භාවිතය ප්‍රචලිත කිරීම වැනි අප විසින් හඳුනාගත් ප්‍රමුඛතාවල කිසිදු වෙනසක් නැහැ”

ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනය ගරුක ගුණ ගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් යන මූලික අරමුණු ඉටු කර ගැනීම සඳහා කැපවී සිටින බව ද ජනාධිපතිවරයා නිදහස් දින උත්සවය අමතමින් වැඩිදුරටත් කියා සිටියේ ය.

ඒයි කට වහපන්..මමයි කතා කරන්නේ :උතුරේ ධීවරයන්ට ඇමති තගක් ! (වීඩියෝ )

ඉන්දීය ධීවර තර්ජනය විසඳා දෙන ලෙස ඉල්ලමින් උතුරේ ධීවර ප්‍රජාව දියත්කර ඇති විරෝධය සම්බන්ධයෙන් පැවැති සාකච්ජාවකදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට දැඩි විරෝධයක් එල්ලවූ බව වාර්තා වෙයි.

අද (03) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී මෙන්ම පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී මෙම විරෝධය එල්ලවී තිබේ.

එසේම පස්වරුවේ පැවති සාකච්ඡාව අවස්ථාවේ ධීවර විරෝධය මතුවූ විට ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා ‘ඒයි කට වහපන්… මමයි කතා කරන්නේ…’ යනුවෙන් කියමින් ධීවර ජනතාවට බැන තර්ජනය කර ඔවුන්ව පාලනය කිරීමට උත්සාහ කර ඇත.

ඒ නොතකා ධීවරයන විරෝධය පළ කිරීම හේතුවෙන් ආරක්ෂකයන් විසින් අමාත්‍යවරයාව එම ස්ථානයෙන් පිටතට ගෙන ගොස් ඇත.

බැසිල් පුංචි ජන්දයට ලෑස්තියි !

ඊළඟ මැතිවරණය පළාත් පාලන ආයතන වෙනුවෙන් බව වාර්තා වෙයි.

ඒ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සිදුකළ අනාවරණයක් නිසාය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ ඉක්මණින් පැවැත්විය හැකිවන්නේ පළාත් පාලන මැතිවරණය බවය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ අපේක්‍ෂාව හැකි ඉක්මණින් ඡන්දයකට යෑම බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ එහිදී පවසා ඇත.

ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට පෞද්ගලිකව තමාත් පොහොට්ටු පක්‍ෂයත් සූදානම් බව ද ඔහු සඳහන් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්විය නොහැකි බව ද ඔහු කීය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගැටලු ගණනාවක් මතුව තිබෙන හෙයින් ඉක්මණින් පැවැත්විය හැකිවන්නේ පළාත් පාලන මැතිවරණය බව බැසිල් රාජපක්‍ෂ පවසා ඇත.

මේ මස 9 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරාධපුර නගරයේදී පළමු මැතිවරණය ප්‍රචාරක රැස්වීම පවත්වන බව ද ඔහු කීය.

පළාත් පහක මැතිවැණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට දැනටමත් සැළසුම් කර ඇතැයි ද ඔහු පවසා ඇත.

අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන අද බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ආරම්භ කරනු ලැබීය.

තවත් කොවිඩ් මරණ 23ක්: මුළු කොවිඩ් මරණ ගණන 15,515ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (02) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,515කි.

පාඨලීට අධි චෝදනා කියවීමට දින නියම වෙයි !

රාජගිරියේදී තරුණයකු අනතුරට ලක් කළ බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහි අධිචෝදනා කියවා දීම සඳහා නඩුව ලබන ජූනි 17 වැනිදා කැඳවීමට කොළඹ මහාධීකරණ විනිසුරු නාමල් බලල්ලේ නියම කළේය.

මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරුන් ඉදිරියේ කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව නඩුව විභාග කිරීමට දින නියම කරන බවද දැනුම් දුන්නේය.

2016 වසරේදී රාජගිරියේදී සදීප් සන්දීප නැමැති තරුණයා අනතුර ලක් කර පළා ගිය බවට නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව නඩු පවරා තිබේ.

Page 244 of 336