Image

"එයාට කාවන්තිස්ස ආයේ නැගිටින්නේ නැහැ කියල දැනෙන්න ඇති.." | මහේෂ් හපුගොඩ

"එයාට කාවන්තිස්ස ආයේ නැගිටින්නේ නැහැ කියල දැනෙන්න ඇති.." | මහේෂ් හපුගොඩ

ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත් ප්‍රේමදාස කියන දේශපාලඥයාට හයියක්, ආදරයක් සහ කැක්කුමක් තිබ්බ කාවන්තිස්ස මියයන්න කලින් ගිහින් එයාගේ නළලට හාදුවක් දෙන්න.

වන සත්තු ගැන දන්න නිසා එයාට කාවන්තිස්ස ආයේ නැගිටින්නේ නැහැ කියල දැනෙන්න ඇති.

ඇත්තටම කිව්වොත් එයාට ඒ අවසන් හාදුව දෙන්න යන්න තරම් වෙලාවක් හොයාගන්න පුළුවන් උනා. මඩේ බැහැල එයා ඒක කළා. ඒ වෙනුවෙන් කැපකරන්න වෙලාවක් තිබ්බ. මිනිහෙක් ගත්තම ඒ පොඩි වෙලාව වැදගත්.

කාවන්තිස්ස වැටුණා කියල ආරංචි වෙච්චි සැනින් එයා ගියා යාළුවා බලන්න. ඒක එයා කළේ ඇත්තටම.

මාර බිසී (කාර්යබහුල) දේශපාලඥයෝ රට හදන්න මාර බිසී වෙලාවක ඒ වැඩේට නොයන්න තරම් එයා බිසී උනේ නැහැ. ඔය බිසී කියන එවුන් බිසී වෙලා මේ රට හැදුවානම් මේක සුරපුරයක්...

සජිත්ට ලංකාවේ මිනිස්සු වෙනුවෙන් දේශපාලන කරන අතරේ නඩත්තු කරන්න වෙනත් ජීවිතයකුත් තියනවා. එයා ඇත්තටම කැලේ කොලේ රිංගලා නේචර් ෆොටෝග්‍රැෆි කරනවා. ගහකොළට වන සතාට ආදරේ කරනවා කැමරාවට ඔබ්බෙන්.

දන්නා විදියට ගිටාර් එකක් ගහනවා. පියානෝ ගහනවා. ඩ්‍රම් එක සෙල්ලම් කරනවා. පොඩි සංස්කෘතික කෑල්ලක් එයාගේ තියනවා. අනික් ඔක්කොමල රට හදන්න බිසී.

මෙතන ගත්තම සජිත්ගේ පොඩි වෙනසක් තියනවා. මේ ෆොටෝ එක එන්නේ ඒ වෙනස් තැනින්. මාකට් එකට දාන්න තරම් හොඳම ෆොටෝ එකකුත් නෙවෙයි.

අනික් අයගේ නැති ඔයාගේ තියෙන ඒ පොඩි කෑල්ලට hart සජිත් !!

465444417 10230767843034193 6907781714279294957 n

 

 

 

සටහන - මහේෂ් හපුගොඩ

උපුටා ගැනීම - Mahesh Hapugodaෆේස්බුක් පිටුව ඇසුරිනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න