Image

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමට ජනපති නිරීක්ෂණ චාරිකාවක!

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමට ජනපති නිරීක්ෂණ චාරිකාවක!

අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, බැතිමතුන්ට සහ දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, කසළ කළමනාකරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කිරීමට අදාළ අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (23) පස්වරුවේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය.

අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික පොකුණු තුන ආශ්‍රිත ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය, බටහිර ආරාම විහාර සංකීර්ණයේ පුරාවිද්‍යාත්මක කැණීම් සහ රුවන්වැලි සෑය ආසන්නයේ අක්කර අටක ප්‍රදේශයේ රථගාල ඉදිකිරීමට යෝජිත භූමිය ඇතුළු සංවර්ධන කටයුතුවලට අදාළ භූමි හා සැලසුම් මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

මේ අතරතුර ජනාධිපතිවරයා රුවන්වැලිසෑය වැඳපුදා ගැනීමටත්, වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටත් කටයුතු කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න