පුවත්
රවී සාගල හලපු - එජාප සැලුන් දොර : ප්ලාන්ට් නිව්ස් එකක් !
''එජාපයත් සැලුන් දොරක් දමයි....'' ලංකාදීප පත්තරේ ලොකු හෙඩිමකින් නිව්ස් එකක්..
ඒ නිව්ස් එකේ හැටියට, පොහොට්ටුව ප්‍රධාන , සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත , ඔවුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගන්නා, නව වැඩපිළිවෙලක් හදන්න කියලා , ජනාධිපති රනිල් වික්‍රමසිංහ, UNP ලොක්කන්ට උපදෙස් දීලා.
දිනෙන් දින වෙනස් වන , මෙරට දේශපාලන වාතාවරණය දෙස අවධානය යොමු කර, ප්‍රධාන ධාරාවේ නියෝජිතයන් මෙන්ම ගම් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු සෑම පක්ෂයක්ම නියෝජනය කළ දේශපාලන ක්‍රියාකාරීන් පක්ෂයට එකතු කර ගැනීමේ, වැඩ කටයුතු, ඒ අනුව කඩිනමින් ආරම්භ කරන්න කියල රනිල් වික්‍රමසිංහ කියල ලු..
හැකි ඉක්මණින්, මෙම වැඩපිළිවෙල සකස් කරන ලෙසත්, ඒ අනුව පක්ෂයේ ඉදිරි කටයුතු ආරම්භ කරනා ලෙසත්, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, උපදෙස් දීලා කියල තමයි ලංකාදීපේ කියන්නේ..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ උපදෙස් දීල තියෙන්නේ , එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන , මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් ගේ සහභාගීත්වයෙන් තිබුන UNP එකේ ඉහළ පෙළේ දේශපාලන රැස්වීමක දී ලු..
ලංකාදීපේ ගිය ඔය නිව්ස් එක , ඔන්න ඊයේ ශෝෂල් මිඩියාවලත් හිට් වෙලා ..
ඔය නිව්ස් දැකලා කලබල වෙලා තියෙන්නේ , පොහොට්ටුවේ ලොක්කෝ විතරක් නෙමෙයි, අලි- පොහොට්ටු සන්ධානයක් හදන්න දඟලන UNP ලොක්කෝ, කීප දෙනෙකුත්, අවුල් වෙලා ලු...
මේ දවස්වල රට ගිහින් ඉන්න, පොහොට්ටු මහ ලේකම් සාගර ත් ජනාධිපති රනිල්ගේ හිතවතෙකුට කතාකරලා , ඔය ගැන අහලා තිබුන ලු..
අන්තිමේදී ඒ හිතවතා , මේ නිව්ස් එක ගැන, ජනාධිපති තුමාට call එක්ක දීල අහලා.
'' ඕක බොරු නිව්ස් එකක් .. මම මේ ලංකාදීපේ ට කතාකරන්න හදන්නේ. ම නොකියපු කතාවක් කිව්වේ කව්ද කියල දැනගන්න.. අනෙක, මම ඔහොම කතාවක් කියල නෑ .. ඔහොම රැස්වීමක් තිබුනෙත් නෑ .. අනෙක, අඛිල පහුගිය සතියේ හිටියේ ඉන්දියාවේ.. '' ජනාධිපති තුමා කියව ගෙන කියවගෙන ගියා ලු..
ඒ කතාව අස්සේ ජනාධිපති රනිල් මෙහෙමත් කිව්වා ලු...
'' කොහොමටත් වෙනින් පක්ෂවල කට්ටිය ගන්නවට වඩා, මේ වෙලාවේ UNP එකට වැදගත් වෙන්නේ, UNP එක හදාගෙන, ඉදිරියට යන්නේ කොහොමද කියල හිතන එක.. චන්දයක් කිට්ටු වුනාම, වෙනින් පක්ෂ එක්ක වැඩ කරනහැටි, ඒ වෙලාවට බලාගන්න පුළුවන්.. අපේ පක්ෂයේ ලොකු උදවිය, දැන් ජනාධිපති කාර්යාලේ , සෙල්ලන් පුටු තරඟ කරලා හරියන්නේ නෑ .. සිරිකොතට ගිහිල්ල , ගමට ගිහිල්ල වැඩකරන්න ඕන. ''
''කොහොමටත් ඉස්සරහදී තරුණ - තරුණියන් ඉස්සරහට දාලා, එයාලට පක්ෂයේ වගකීම් දෙන්න තමයි, මම හිතාගෙන ඉන්නේ..'' එජාප නායකතුමා කිව්ව ලු..
මේ වෙලාවේ, පොහොට්ටුවේ කට්ටිය, UNP එකට ගන්න , කිසිම අදහසක් නැ කියල තමයි, ජනාධිපති රනිල් කිව්වයි කියන්නේ..
ඔය වගේ කතාවක්, ලංකාදීපෙට දුන්නේ කව්ද කියල, ජනාධිපති රනිල් පස්සේ හොයාගෙන ලු.. එයාගේ ලඟම ගොලයෙක්ගේ, ප්ලාන්ට් එකක් නිසා, මොකුත් කරගන්න විදියකුත් නැ ලු..
ඔය පොහොට්ටුවෙන් කට්ටියක්, UNP එකට ගන්නවා කියන කතාව , පහුගිය දවස්වල ,රංගේ බණ්ඩාරයි, අඛිලයි දෙන්නම ප්‍රෙස් තියලම මාධ්‍යවලට කියපු නිසා ,
සැලුන් දොරක් නිව්ස් එක දැම්මා කියල, ලංකාදීපේ ලොක්කෙක් , ජනාධිපති තුමාට කියල.. මොනවා කරන්නද මාමගේ පත්තරේ නේ..
කොහොම හරි ඔය නිව්ස් එකෙන් පස්සේ, UNP එකේ දේශපාලන මණ්ඩලේ කැඳවලා, පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරන්න, ජනාධිපති රනිල් තීන්දු කරලා ලු.. දවස් දෙක තුනකට, රට ගිහින් ආපු ගමන්, ඒ රැස්වීම කැඳවන්න කියල දැනුම්දීමකුත් කරලා කියලා තමයි ආරංචි...
සැලුන් දොරේ කතා මොනවා වුනත්, සජබේ ලොක්කෝ දෙතුන් දෙනෙක්, අයවැයට සහයදෙන්න, ළඟදීම ආණ්ඩුවට එකතුවෙන්න යනවා කියලනම් කතාවක්, ඔන්න යනවා. ඒ දෙන්නෙක්ම හිටපු ආණ්ඩුවල මැති ඇමතිකන් දරපු කට්ටිය ලු..
ඔය විදියට බලනකොට, ලොක්කා පොහොට්ටුවට කොහොම වෙතත්, සජබෙට නන් වැඩක් දෙන්න වෙලාව බලබල ලු ඉන්නවයි කියන්නේ..
කොහොම නමුත් newstube අපිටත් ඔය නිව්ස් එක ආවා. අපි ඇහුවා ඔය වගකීම් දුන්න පාර්ශ්ව අතර හිටපු මුදල් ඇමති රවී නැද්ද කියලා . මොකද අපි දන්න විදිහට එජාප ප්‍රතිසංවිධාන වැඩේ සැලකිය යුතු වගකීමක් මේ වෙනකොටත් පක්ෂ නායකත්වය විසින් හිටපු මුදල් ඇමති රවීට පවරලා තියෙන්නේ .
එතකොට නිව්ස් එක ප්ලාන්ට් කරපු පාර්ශ්වය පැත්තෙන් දැනගන්නට ලැබුණේ කොළඹින් බැහැරව ගොස් සිටි නිසා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙම රැස්වීමට සභාභාගී වුනේ නෑ කියලා . ඒ නැතත් පක්ෂ නායකත්වය විසින් ඔහුට ද ඒ සම්බන්ධ විශේෂ වගකීමක් පවරා ඇති බවත් කිව්වා .
වැඩේ කියන්නේ එජාප ජාතික සංවිධායක සාගල රත්නායක වත් මේ හමුවෙන් හලලා. මොනවද අප්පා මේ නිව්ස් ප්ලාන්ට් ? අනේ මන්ද ...
දේශපාලන වාර්තාකරු
ස්වාධීන කොමිෂන් 7ක් අහෝසියි !
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමඟ දැනට ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා 7ක් අහෝසි වීමට නියමිතය.
ඒ වෙනුවට නව කොමිෂන් සභා පත්කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත වූ පසු සිදුකෙරෙනු ඇතැයි වාර්තා වෙයි.
ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ අහෝසි වීමට නියමිත වන්නේ මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ කොමිසම, මුදල් කොමිසම හා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිසමයි.
මෙම කොමිෂන් සභා සඳහා සාමාජිකයන් සහ සභාපතිවරුන් පත්කිරීම මෙන්ම අලුතෙන්ම පිහිටුවන ජාතික විගණන කොමිසම සඳහා ද සභාපතිවරයකු හා සාමාජිකයන් පත්කිරීම ඉතා ඉක්මනින් සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
මෙතෙක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතුව තිබූ පොලිස් නිලධාරීන් පත්කිරීම්, උසස් කිරීම් හා විනය පාලන කටයුතු ජාතික පොලිස් කොමිසමට පැවරීම නව සංශෝධනයේ තවත් අරමුණකි.
-deshaya
මෛත්‍රී යාචකයා කිව්වේ මහින්දටද ?
පාරේ යාචකයකුට වුවත් වේදිකාවක් සාදාගෙන ඊට ගොඩ විය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලන වේදිකාවට ගොඩවීම සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
" ඒ අය ආපහු කොහෙ නැගිටින්න දැයි " සිරිසේන මහතා ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ වලට පුළුල් සන්ධානයකින් තරඟ වදින බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ බලපෑමට නතු වී ඇති බව පෙනෙන්නට ඇතැයිද සඳහන් කළේය.
මේ ආණ්ඩුවෙන්ද රටේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබී නැතැයි ඔහු කීවේය.
Lankadeepa
සෝල් ඛේදවාචකය ගැන ජනාධිපති ශෝකය පළකරයි !
දකුණු කොරියාවේ සෝල් නගරයේ හැලොවීන් සැමරුම් උත්සවයකදී තෙරපීමෙන් 151 දෙනකු මියගොස් 80කට අධික පිරිසක් තුවාල ලැබීමේ අනතුර සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළකරයි.
දකුණු කොරියානු රජයට සහ ජනතාවටත්, විශේෂයෙන් එම අනතුරින් මියගිය අයගේ පවුල්වලට ජනාධිපතිවරයා සිය බලවත් ශෝකය පළ කර තිබේ .
එමෙන්ම සිදුවීමෙන් තුවාල ලැබූවන්ට ජනාධිපතිවරයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත .
අදාළ අනතුරින් මහනුවර ප්‍රදේශයේ ලාංකික තරුණයකු (27) මියගිය බවට වාර්තා වී ඇති අතර තව දුරටත් සිද්ධියෙන් බලපෑමට ලක්වූ ලාංකිකයන් සෙවීමේ කටයුතු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවීමෙන් ක්‍රියාත්මක බවත් වාර්තා වෙයි .
තවමත් කැලෑවේ ඉන්න විජේමුනිගේ කතා මම ගණන් ගන්නේ නෑ - ඩයනා
සමගි ජන බලවෙිගයේ පසුගියදා පැවැති රැස්වීමකට එක් වෙමින් හිටපු ඇමතිවරයෙකු වූ විජිත් විජිතමුනි සොයිසා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.
කාන්තා සංවිධාන ගණනාවකින් එල්ල වන චෝදනාවක් වන්නේ පාර්ලිමේන්තුවේ මේවන විට රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරණ ඩයනා ගමගේ ඇමතිවරිය අලලා සිදු කළ මේ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුවහෙළා දකින බවයි.
කාන්තාවක්, ඇමතිවරියක්, සහ මවක් ලෙස ඇයට මෙසේ නින්දා කිරීම දේශපාලන පක්ෂ භේදයකින් තොරව හෙලා දැකිය යුතු බව අදාල කාන්තා සංවිධානවල ඉල්ලීම වේ.
මේ සම්බන්ධයෙන විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඩයනා ගමගේ ඇමතිවරිය සදහන් කොට සිටියේ විජිත් විජිතමුනි සොයිසා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට තමාගේ කාලය වැය නොකරන නමුත් තමන් විසින් ඉදිරිපත් කොට ඇති රටේ අභිවෘද්ධියට අදාල ආර්ථික සැලසුම් වන ගත මානසිකත්වයෙන් යුතු විජිත මුනිසොයිසාට නොතෙරීම සම්බන්ධයෙන් තමා පුදුමයට පත් නොවන බවයි.
එසේම කැලයක ජීවත් වන සොයිසාට ඇත්තේ කැලය සම්බන්ධයෙන් වන මානසිකත්වයක් බැවින් ඔහුගේ ප්‍රකාශයෙන් ඒ බව මනාව පැහැදිලි වන බවයි.
මම මවක් ලෙස කාන්තාවන්ට ගරු කරන බැවින් විජිතමුණි සොයිසාට තමාගේ මව සම්බන්ධයෙන් ආදරයක් ගෞරවයක් නොමැති බව මෙමගින් පෙන්නුම් කරන අතර ඇය වනයේ සතා සිපාවා ලග වාසය කිරීමක් බදු ප්‍රකාශයක් සිදු කිරීම තම මව ගැන සිතන පුතෙකුට කිසිදු ලෙස සිදු කළ නොහැකි ප්‍රකාශයකි.
ඔබ ඔබගේ මවට ගරු කරන්නේ නම් තවත් මවකට හෝ කාන්තාවකට වනයේ සතුන් සමග වෙසීම සම්බන්ධයෙන් කතා නොකියනු ඇත. කනගාටුවට කරුණ වන්නේ කැළයේ මානසිකත්වයකින් යුතු පුද්ගලයෙකු කැලයෙන් තොරව රටක පාලනය සම්බන්ධයෙන් දන්නා කරුණු මොනවාද යන්න මොවුන් වැන්නවුන් පාර්ලිමේන්තුවට යාමට බලයදුන් ජනතාව නොදැන සීටීමය. එම නිසා වන ගත සතුන්ට පිළිතුරු සැපයීම තමන්ගේ කාර්යය භාරය නොවන බවත් සදහන් කර සිටින ඇය, වැඩිදුරටත් සදහන් කොට සිටියේ සමගි ජන බලවේගය පක්ෂය තමන්ගේ බවත් එය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ප්‍රදානය කොට සිටියේ එය බලු කූඩුවක් බවට පත් කොට බල්ලන් ඇති කිරීමට නොවන බැවින් එයට බල්ලන් දමා ගත්තා නම් ඔවුන් බැඳ තබා ගැනීමෙි වගකීම ඔහු විසින් දැරිය යුතු බවත්ය. අප්පච්චිලාගේ මරණයෙන් පසු ඔහු ලං කරගත් බාප්පොච්චිගේද මළගම සනිටුහන් කරන්නේ සොයිසලා වැනි පුද්ගලයින් බැවින් එයින් පරිස්සම් වන ලෙසද තමන් ඉල්ලා සිටින බවත් සදහන් කොට සිටින්නීය..
කෙසේ නමුත් බලයට කෑදරකමින් කටට එන ඕනෑම දෙයක් කියා උඩුබිරුම් ලන පුද්ගලයන්ගේ කතා අසා කඳු පාත් නොකළ හැකි බව සදහන් කරන ඇය..සොයිසා විසින් සිදුකළ පුකාශයන් සමස්ත කාන්තාවන්ට සිදුකල අපහාසයක් බවත් ඇය සදහන් කොට සිටින්නීය..
අසීරු සෑම අවස්ථාවකම ඇමරිකාව ලංකාවට ලබාදුන් සහය ජනපතිගේ ඇගයීමට !
http://www.newstube.lk/news?start=4320#sigProId7bb33ecd65
ඉදිරි දින කිහිපයේත් වැසි තත්ත්වයේ වැඩිවීමක්.....!
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතන බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් අද (30) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරයි.
උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පිටි කිලෝවක මිල : පාන් ගෙඩියේ මිලට කිට්ටුයි !
තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක තොග මිල රුපියල් 250 සීමාව තුළ පවත්වාගෙන යාහැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පවසන්නේ එළඹෙන උත්සව සමය අවසන්වන තෙක් වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල එම මට්ටමේ තබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ය.
තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙසට ද එම සංගමය බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටී.
වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල ඊයේ (28) වනවිට රුපියල් 250 දක්වා අඩුවී ඇත.
දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය හරහා තිරිඟු පිටි ආනයනය සඳහා වෙළෙඳ අමාත්‍යාංශය අවසර ලබාදීම මෙලෙස තිරිඟු පිටි මිල පහළයාමට හේතුවී ඇත.
සජිත්ගේ නායකත්වයෙන් වන නොවැම්බර් 02 විරෝධයට PCR ගේ සහය !
නොවැම්බර් 02 වෙනිදා සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රධානත්වයෙන් සහ අරගල පාර්ශ්ව නියෝජනය කරන වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් කියන පාර්ශ්ව කිහිපයක් මුල්වී සිදුකරන ක විරෝධතාවය සඳහා 43 සේනාංකයේ පූර්ණ සහාය පල කළ බව වාර්තා වෙයි .
එහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේ පවසා ඇත .
“දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු හැටියට ඉන්න වසන්ත මුදලිගේ තරුණයත්, සිරිධම්ම ස්වාමීන් වහන්සේත් රඳවගෙන ඉන්නවා දින 90 කට වැඩි කාලයක්. තවත් විශාල පිරිස් වලට අඛණ්ඩ පොලිස් මර්දනයක් දියත් කරලා තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් තියෙනවා. එම කරුණුවලට විරුද්ධත්වය පළකිරීමට තමයි මේ සිදුකිරීමට යන්නේ. අපේ සහයෝගය ඒ සඳහා ලැබෙනවා.”
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ වන විට නොවැම්බර් 02 විරෝධතාවයේ සියලු බරපැණ දරන්න පොරොන්දු වී ඇති සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ගේ දේශපාලන ව්‍යාපෘතිය සඳහා දැනුවත් ලෙස චම්පික රණවක මන්ත්‍රීවරයා ද මේ හරහා එක්ව ඇති බවයි.
නොවැම්බර් 02 විරෝධයේ දේශපාලන නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ගැනීමට පසුගිය දිනක පැවති සාකච්ඡාවක් අවස්ථාවේ අවධානය යොමුවූ බවත් විචාරකයන් සිහිපත් කරයි.
කෙසේ වුවත් මේ වන විට චම්පික රණවක මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධූරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත් , එය කෙසේ හෝ ලබාගෙන ඉදිරි දේශපාලන ගමන් මාර්ගය සකසා ගැනීමේ අපේක්ෂාව ඇතුව මේ ආකාරයට හැසිරෙන බව තේරුම් ගතහැකි බවත් දේශපාලන විචාරකයන් ගේ අදහස වී ඇත .
දිනේෂ්ට අග්‍රාමාත්‍ය ධූරය අහිමි වෙයිද ?
මේ වන විට අමාත්‍යාංශ අක්‍රීය වී ඇති බවත් දවසින් දවස ආණ්ඩුව අවුලෙන් අවුලට යන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සඳහන් කරයි.
එය නිවැරදි කර නොගතහොත් අයවැයෙන් ආණ්ඩුව පරදිනු ඇති බවද ඔහු පවසයි.
සති අන්ත පුවත්පතක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා ඇත.
එහිදී ඔහු මෙසේ සඳහන් කරයි.
‘අද තියන අමාත්‍යංශ දුවන්නෙ නැහැ. ඒකයි දවසින් දවස මේ ආණ්ඩුව අවුලෙන් අවුලට යන්නෙ. පොහොට්ටුව වැටිලා නැහැ. පළවෙනිම දේ ජනපති අගමැති එකතුවෙලා ස්ථාවර පොහොට්ටු ආණ්ඩුවක් හදන්න ඕන. පොදු පොරමුණට නම් දීපු අයට ඇමතිකම් දෙන්න ඕන. ඇත්තටම එහෙම වුනේ නැත්තං ඉදිරියේ අයවැයත් පරදිනවා. ඒ නිසා අයවැයට කලින් ආණ්ඩුව හදන්න ඕන’
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ අමාත්‍ය ධූර තවත් වැඩිකිරීම ට පොදුජන පෙරමුණ වෙතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත කෙරෙන බලපෑම මේ හරහා පෙන්නුම් කෙරෙන බවයි.
මේ වන විට පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් 10-12 අතර ප්‍රමාණයක් සඳහා කැබිනට් අමාත්‍ය ධූර ඉල්ලා ලැයිස්තුවක් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හරහා ජනාධිපති වෙත යොමුකර ඇති බවත් දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.
කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ දියත්කර ඇති බව නිරීක්ෂණය වන බවත් විචාරකයන් පවසයි .
කෙසේ වුවත් අයවැය පරාජයට පත්වෙයි නම් එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට හානියක් නොවන බවත් , දිනේෂ් ගුණවර්ධන වෙත අග්‍රාමාත්‍ය ධූරය අහිමිව, කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වීම දක්වා ජනාධිපතිවරයා තල්ලුවී යාමක් පමණක් සිදුවිය හැකි බවත් විචාරක මතය වී තිබේ.
ඒ තුළ තිබෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇති බවත් පුරෝකථනය කරන දේශපාලන විචාරකයන් පවසන්නේ පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජනබලවේගය පක්ෂ බෙදී වෙන්වෙන සන්ධාන කිහිපයක් බිහිවනු ඇති බවත් පවසයි .
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා : ජී7 කණ්ඩායමේ සහය !
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා සඳහා සහය ලබාදීමට ජී7 කණ්ඩායම් රටවල් තීරණය කර ඇති බව වාර්තා වෙයි .
ජී7 කණ්ඩායම් සභාපතිත්වය දරන ජර්මනියේ මෙරට පිහිටි තානාපති කාර්‍යාලයේදී ඊයේ (28) පැවති සාකච්ඡාවකදී මේ තීන්දුව ගෙන ඇති බවත් වාර්තා වෙයි .
මෙම සාකච්ඡාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට නියෝජිතයන්ද සහබාගී වී තිබේ.
ඒ අනුව ජී7 කණ්ඩායමේ මෙරට සිටින සාමාජිකයන් එහිදී එකඟතාවකට පැමිණ ඇත්තේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ඉන්දියාව, චීනය ඇතුළු ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමට ය.
මෙම සාකච්ඡාව සාර්ථකව පැවති බව මෙරට ජර්මානු තානාපති පවසයි.
ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට කාලෝචිත විසඳුමක් සඳහා ජර්මනිය කැපවී සිටින බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ණයහිමියන් සහ පැරිස් සමාජය සමග එක්ව මෙම සාකච්ඡාව ඉක්මනින්ම කරගෙන යාමට බලාපොරොත්තු වන බවත් ඔවුන් අවධාරණය කරයි.
ජී7 කණ්ඩායම (G7) යනු කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයෙන් සමන්විත අන්තර්-රාජ්‍ය දේශපාලන සංසදයකි.
මීට අමතරව, යුරෝපා සංගමය එහි ගණනය නොකළ සාමාජිකයෙකු වේ.
ජී7 සාමාජිකයන් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිටින ලොව විශාලතම, දියුණු ආර්ථිකයන් සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ය.
21 දිනුවාට අය වැය පරාදයි ?
එළඹෙන 2023 වසර සඳහා අය වැය යෝජනාව පරාජයට පත් කිරීමේ හැකියාවක් ඇති බව 'නිදහස් ජනතා සභාව' නියෝජනය කරන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
ඒ අනුව අය වැය යෝජනාව පරාජයට පත් කිරීම තුළින් ආණ්ඩුව විසුරුවා හැර මහා මැතිවරණයකට යෑමේ හැකියාවද ලැබෙනු ඇත.
කෙසේ නමුත් මහාචාර්ය මන්ත්‍රීවරයා පවසා සිටින්නේ ජනතාවට අසාධාරණයක් වන අයවැයක් ඉදිරිපත් නොකළහොත් එයට විරුද්ධ වන බවකි.
මෙවර අය වැය මෙරට ඉතිහාසයේ තීරණාත්මක අයවැයක් වෙනු ඇති බව ආර්ථික ක්ෂේත්‍රයේ මතය වී ඇත.
මන්ද රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම වෙනුවෙන් වන ජනප්‍රිය නොවන දුෂ්කර තීන්දු තීරණ රැසක් මේ තුළ අඩංගුවිය හැකි බැවිනි. ඒ කවර තීන්දුවක් අඩංගු වුවත් එය රටේ අනාගතය වෙනුවෙන් ගන්නා පියවරක් වීම අනිවාර්ය තත්වයක් වෙනු ඇති බවත් එම පිරිස් පෙන්වා දෙයි.
මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග චැතම් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත සමඟ පවසා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට මුහුණ දී ඇති අර්බුදකාරි අවස්ථාවේ සාර්ථක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමින් යන බවත් තමන් ඇතුලු පොදුජන පෙරමුණේ බහුතරයක් දෙනා ඊට සහය දීමට තීරණය කර ඇති බවය.
මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී රාහුෆ් හකීම් ද පසුගියදා පවසා සිටියේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හතලිස් දෙනෙකු පමණ ජනාධිපතිවරයාට සෘජුවම සහය වීම සිදු වෙනු ඇති බවය.
එසේම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ගනනාවක්ම ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල එකඟව සිටින බවත් තීරණාත්මක මොහොතකදී ඔවුන්ගේ සහය ලැබෙනු ඇති බවත් එම පක්ෂයට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත් කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 134 දෙනෙකුගේ සහය හිමිවූ අතර 21 වන සංශෝධය වෙනුවෙන් මන්ත්‍රීවරු 179 දෙනකුගේ සහය හිමිව තිබිණි. එළැඹෙන නොවැම්බර් 14 වන දින 2023 වසර සඳහා වන අය වැය යොජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.
එජාපයෙත් සැලුන් දොර විවෘතයි !
සමගි ජනබලවේගය , පොදුජන පෙරමුණ ප්‍රධාන සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත ඔවුන් සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගන්නා නව වැඩපිළිවෙළක් සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
දිනෙන් දින වෙනස් වන මෙරට දේශපාලන වාතාවරණය දෙස අවධානය යොමු කර ප්‍රධාන ධාරාවේ නියෝජිතයන් මෙන්ම ගම් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු සෑම පක්ෂයක්ම නියෝජනය කළ දේශපාලන ක්‍රියාකාරීන් පක්ෂයට එකතු කර ගැනීමේ වැඩ කටයුතු ඒ අනුව කඩිනමින් ආරම්භ කරනා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.
හැකි ඉක්මණින් මෙම වැඩපිළිවෙල සකස් කරන ලෙසත්, ඒ අනුව පක්ෂයේ ඉදිරි කටයුතු ආරම්භ කරනා ලෙසත් එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත්තේ, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් ගේ සහභාගීත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙළේ දේශපාලන රැස්වීමක දී ය.
කොළඹින් බැහැරව ගොස් සිටි බැවින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙම රැස්වීමට සභාභාගී වී නැතත් පක්ෂ නායකත්වය විසින් ඔහුට ද ඒ සම්බන්ධ විශේෂ වගකීමක් පවරා ඇති බවත් වාර්තා වෙයි .
වනෝද්‍යාන සම්බන්ධයෙන් : ජනාධිපතිගෙන් දැඩි රෙගුලාසි !
යාල, විල්පත්තු, හෝර්ටන්තැන්න ආදී ජාතික වනෝද්‍යයාන වෙත ලියාපදිංචි සෆාරි වාහන හැරුණු කොට වෙනත් කිසිදු වාහනයකට ඇතුළු වීම තහනම් කිරීම ආදී පරිසර ආරක්ෂණ නීති ඇතුළත් නව පනතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත නියම කර ඇත .
එතෙක් මෙම ජාතික වනෝද්‍යයානවලට ලියාපදිංචි සෆාරි වාහන හැරෙන්නට වෙනත් කිසිදු වාහනයක් ඇතුල් නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග නිකුත් කර තිබේ.
ඊට අමතරව ශ්‍රී පාද අඩවි වනාන්තරය, සිංහරාජය ඇතුළු පාරිසරිකව වැදගත් වන ස්ථාන ආරක්ෂා කිරීමේ වෙනමම නීති කඩිනමින් ඊට ඇතුළත් කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් දෙනු ලැබූවේ පරිසර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡාවකදී ය.
හෝර්ටන් තැන්නට පිවිසෙන පට්ටිපොල සිට සහ ඔහියේ සිට ගමන් පහසුව සැලසීම සඳහා පරිසර හිතකාමී ඉලෙක්ට්‍රික් වාහන යොදා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල සඳහන් වේ.
මීට අමතරව කැබලිත්ත පුජාභුමිය ද සුරැකීමට අවශ්‍ය නීති ද සකසන ලෙස ද මෙහිදි දන්වා තිබේ.
මෙරට වන වැස්ම 35% ක් වැනි අඩු අගයක පැවතීම නිසා ඉදිරියේදි කරනා සියලු සංවර්ධන ව්‍යාපෘතිවල දී මේ ගැන සැලකිලිමත් වන ලෙසත් වන වැස්මට හානි වන කිසිදු ව්‍යාපෘතියකට අවසර නොදෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට එහිදි උපදෙස් දුන්නේය.
යාල විල්පත්තු සහ හෝටන්තැන්න ආදී පරිසර පද්ධති නැරඹීමට යන සංචාරකයින් සඳහා ද විදුලියෙන් ධාවනය වන රථ යෙදවීම කඩිනමින් කළ යුතු යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් උපදෙස් දුන්නේය. එසේම සොබාව සෞන්දර්ය රැක ගැනීමට අදාළ නව නීතීන්ද මෙම පනතට ඇතුළත් කරනා ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.
යාල විල්පත්තු සහ හෝර්ටන් තැන්න ආදී වනෝද්‍යානවල පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව වහාම වැඩි කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් වල තවදුරටත් සඳහන් වේ.
පැනපු සෙබළුන්ට : නීත්‍යානුකූලව ඉවත් වෙන්න පොදු සමා කාලයක් !
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සමාජිකයන්ට හමුදා සේවයෙන් නීත්‍යානුකූල ලෙස ඉවත් වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මාස 1 1/2 ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
නොවැම්බර් මස 15 දින සිට දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ මෙම පොදු සමාකාලය ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම පොදු සමා කාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකල අයවළුන් සඳහා පමණක් වලංගු වන අතර ඔවුන් වෙතින් අයවිය යුතු යම් මුදලක් වේ නම් නීත්‍යානුකුලව ඉවත් වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කල යුතු බවද ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
යූරියා 50 kg උරය : වී ගොවීන්ට රුපියල් 10,000ට !
වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 10,000 කට ලබා දීමට රජය තීරණය කර තිබෙි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් කළ සාකච්ඡා කිහිපයක දී කෙරුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වැනි අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ ආධාරවලට අමතර සහායක් වශයෙන් මෙම ලෝක බැංකු ණය ප්‍රතිපාදන හිමිව තිබේ.
ශ්‍රී ලංකාවට දළ වශයෙන් මහ කන්නයේ අස්වනු නෙළන සමයේ වී වගාව සඳහා යූරියා පොහොර ටොන් 150,000ක් පමණ අවශ්‍ය වේ.එම ප්‍රමාණය සම්පූර්ණයෙන්ම සැපයීමට හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ තහවුරු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කුඹුරු හිමියන්ට මෙම පොහොර සෘජුවම බෙදා හරිනු ලබන බවත් අවම හෙක්ටයාර 2ක් දක්වා වී වගා කරන කුඹුරු හිමියන්ට තමන් වී සඳහා සකස් කර ඇති ප්‍රදේශය අනුව ස්ථාවර මලු ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
සෑම ගොවියකුටම මිලදී ගත හැකි උපරිම පොහොර ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත කෘෂි පාරිසරික කලාපය අනුව වෙනස්කම් සහිතව තීරණය වේ. මීට අමතරව බඩඉරිඟු ගොවීන්ගේ වගා බිම් හෙක්ටයාර් 60,000ක් සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 12,000ක් ලබාදීමට නියමිත අතර, එහි කිලෝ ග්‍රෑම් 50ක මිල රුපියල් 15,000කි.
මේ වන විට යුක්ක්‍රේනයේ පවතින යුදමය වාතාවරණය සහ ලෝක භූ දේශපාලන තත්ත්වයන් නිසා ඉතාමත් අභියෝගාත්මක වෙළඳපොළ තත්ත්වයක් පොහොර නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පවති.
විකුණුම් වෙළඳපොළ මිල ඉහළ යමින් පවතින වාතාවරණයක කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යූරියා මෙට්‍රික් ටොන් 12,500ක්, මෙට්‍රික් ටොන් 50,000ක් සහ මෙට්‍රික් ටොන් 45,000ක් සැපයීමේ ගිවිසුම් තුනකට අදියර තුනකදී අත්සන් තබා තිබෙන අතර තවත් යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් ලබා ගැනීම සඳහා වූ ගිවිසුමට ඉදිරියේ දී අත්සන් තැබීමට නියමිත බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ඉන්දීය සහන ණය පදනම යටතේ මේ වන විටත් මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් ගොවීන් වෙත බෙදාහැරීම සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ලෝක බැංකුවේ සහාය ඇතිව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වරායේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිට ගොවීන් වෙත පොහොර බෙදා හැරීම නිරීක්ෂණය කිරීම සඳහා භූ-සක්‍රීය අධීක්ෂණ පද්ධතියක් (GEMS ) යෙදවීමට පියවර ගෙන ඇතැයි ද පාරිසරික හා සමාජීය අවදානම් කළමනාකරණය, දුක්ගැනවිලි විසඳීම සහ බලපෑම නිරීක්ෂණය කිරීම සඳහා ද එම පද්ධතිය භාවිතා කරනු ලබන බවද ජනාධිපති කාර්යාලය පවසයි.
ඇමරිකා ඩොලර් මිලියන 110 ක ලෝක බැංකු සහනදායී හදිසි ණය ප්‍රතිපාදන යටතේ යූරියා ටොන් 13,000ක පළමු තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට අද (28) ලැබී තිබිණි.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් !
සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව 65 වන වරටත් සංවිධානය කෙරුණු මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී "රාජ්‍ය සාහිත්‍ය සම්මාන" 40ක් සහ "සාහිත්‍ය රත්න" සම්මාන 03ක් පිරිනැමිණි.
කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න සම්මානයෙන් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු (සිංහල මධ්‍යය), ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකර (ඉංග්‍රීසි මාධ්‍ය), ටී.ඥානසේකරන් (දෙමළ මාධ්‍ය) එහිදී ජනාධිපතිවරයා අතින් පිදුම් ලැබූහ.
හොඳම ස්වතන්ත්‍ර නවකතාව (සිංහල) ලෙස එරික් ඉලයප්ආරච්චි ගේ “නකුල මුනි" නවකතාවද, ඉංග්‍රීසි නවකතාව ලෙස ප්‍රේමිනි අමරසිංහගේ “Footprints" නවකතාව ද, දෙමළ නවකතාව ලෙස සිවලිංගම් ආරූරන් මහතා විසින් රචිත “ආදුරසාලයි" නවකතාව සම්මානයට පාත්‍ර විය.
2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ වෙනුවෙන් එළිදැක්වුණු සමරු කලාපය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්විණි.
රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලයේ සභාපති පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, එම අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ යන මහත්ම මහත්මීහු සහ මහාචාර්ය ජේ.බී. දිසානායක. මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජපානයෙන් බිලියන 1.76 ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
ජපානයේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරයක් ලෙස රුපියල් බිලියන 1.76 ක්(ජපාන යෙන් මිලියන 800ක්) වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (27) මෙරටට ප්‍රදානය කෙරිණි.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි ( Mizukoshi Hideaki )මහතා විසින් ශ්‍රී ලංකා ජාතික රෝහල් නව බාහිර රෝගී ගොඩනැගිලි පරිශ්‍රයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත මෙම පරිත්‍යාගයන් ලබා දුන්නේය.
මෙම වෛද්‍ය උපකරණ අතර සීටී ස්කෑන් යන්ත්‍රයක් ,එම්. ආර් .අයි. ස්කෑන් යන්ත්‍රයක්, angiography යන්ත්‍ර දෙකක් හා බහු පරාමිති මොනිටර් 09 ක් ද ඇතුළත් වේ.
Page 241 of 444