කලාභවනේ ඉපැරණි චිත්‍ර 47ක් උස්සලා

කලාභවනේ ඉපැරණි චිත්‍ර 47ක් උස්සලා

ජාතික කලාභවන සතුව තිබූ ඉතා විශාල ප්‍රමාණයේ ඉපැරණි චිත්‍ර 47ක් අතුරුදන්ව ඇති බවත්, ඒ අතරින් කිහිපයක් යහපාලන රජයේ හිටපු ඇමැතිවරයකුගේ සහෝදරියගේ සැමියා භාරයේ සහ තවත් චිත්‍ර කිහිපයක් කැසිනෝ ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයකු සන්තකයේ තිබෙන බවත් හෙළි වේ.

පිළිසකර කිරීම වෙනුවෙන් කලාභවන වසා දමා තිබූ කාලයේ මේ චිත්‍ර ඵලක අතුරුදන් වී ඇති අතර, ඒ සඳහා එකල එහි සේවයේ යොදවා සිටි මුරකරුවන්ගේ සහාය ලැබී ඇති බවද අනාවරණය වී තිබේ. අතුරුදන් වී ඇති වටිනා චිත්‍ර අතර ඒ.සී.ජී.එස්. අමරසේකර, ජේ.ඩී.ඒ. පෙරේරා ආදි ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ගේ ප්‍රකට චිත්‍රද ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කලාභවන භාර, සංස්කෘතික ඇමැති ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේ වටිනා චිත්‍ර රැසක් ජාතික කලභවනෙන් අතුරුදන්ව ඇති බවයි. ඒ පිළිබඳ අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ නඩත්තු කටයුතු ‌‌හේතුවෙන් මේ දිනවල වසා දමා ඇති ජාතික කලාභවන කඩිනමින් විවෘත කිරීමෙන් පසු අතුරුදන්ව තිබෙන චිත්‍ර ඵලක ලබා ගැනීමට කටයුතු කරන බවයි.

ඉකුත් යහපාලන රජයේ සංස්කෘතික කටයුතු ඇමැති ධුරය දැරූ සජිත් ප්‍රේමදාස විසින් ජාතික කලා භවනෙහි පිළිසකර කටයුතු ඇරඹූ අතර, එය මෙතෙක් නැවත විවෘත කර නැත.

සිළුමිණ –

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න