නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පෙර පාසලටත් එයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පෙර පාසලටත් එයි

නව අධ්‍යාපන විෂය නිර්දේශ මාලාව යටතේ පෙරපාසල් පද්ධතිය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට ඇතුළත් කරගන්නා බවත්, පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමට බලාපොරොත්තුවන බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අද(23) බත්තරමුල්ල ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

ඒ අනුව, පෙර පාසල් සඳහා විෂය නිර්දේශ මාලාවක් සකස් කරන අතර,ඒ සඳහා විෂය නිර්දේශ රාමුවකට අනුමැතිය ලැබී තිබෙන බව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අශෝක ද සිල්වා  මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සදහන් කළාය.

දැනට සකස් කර තිබෙන පෙරපාසල් විෂය නිර්දේශ රාමුව යටතේ පෙර පාසල් විෂය මාලා සකස් කරමින් සිටින බවද ආචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න