අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියෝ අපවත් වෙති

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියෝ අපවත් වෙති

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපුජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වූ සේක.

කුරණෑගල, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ(20) රාත්‍රියේ අපවත්වී ඇත.

උන්වහන්සේ අපවත් වන  විට 67 වැනි වියේ පසුවිය.

අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය.

ඒ එදින පස්වරුවේ මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී ය.

අද (21) සවස 4ට ලියන්ගස්තැන්න විහාරයට අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ දේහය වැඩම කරවීමට නියමිත අතර, හෙට (22) පස්වරු 3ට එම ස්ථානයෙන් වැඩම කරවීමට නියමිතව තිබේ.

හෙට සවස සිට 24 වන දින දක්වා විහාරයට අපවත් වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ දේහය අස්ගිරිය විහාරයේ විශ්‍රාම ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න