හිඟයකින් තොරව ඖෂධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන්න – ජනපති

හිඟයකින් තොරව ඖෂධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන්න – ජනපති

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක  සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවත්වා ඇත.

ඖෂධ මිලදී ගැනීමේ සහ බෙදා හැරීමේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම යාන්ත්‍රණය විධිමත් කර හිඟයකින් සහ ප්‍රමාදයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීමේ යාන්ත්‍රණයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ දුර්වලතා පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත. ඇතැම් රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, එය කඩිනමින් මඟහැරවීමට පියවර ගන්නා ලෙසද මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, නැවත රට තුළ එවන් තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා ලෙසත්, ඒ සඳහා අවශ්‍ය දිගුකාලීන සැලසුම් කඩිනමින් සකස් කරන ලෙසත් ප්‍රකාශ කර ඇත.

රෝහල්වලට ඖෂධ ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බව වැඩිදුරටත් පෙන්වා දී ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, මෙරට ජනතාවට උසස් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහතික කරලීමට සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රසම්පාදන) ඩබ්ලිව්.එස්.එන්.බොතේජු, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුජ් සී. වීරසිංහ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන ‍ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න